The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
Opinion

කොළඹ යනුවෙන් යමක් නොපවතී ! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

September 3, 2023 • 11:28 AM

කොළඹ යනුවෙන් යමක් නොපවතී ! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රෙට්‍රල් ගණන් ගියා කියල හරි, ගෑස් ගණන් ගියා කියල හරි, අනිත් බඩු මුට්ටු ගණන් ගියා කියල හරි, බෙහෙත් නැහැ කියල හරි, වෙනත් ගැටළු නිසා හරි කියල ආයෙත් මිරිහානේ වගේ පන්දම් පත්තු කරගෙන ඒ පටන් ගන්න අරගලය කොළඹ අරන් එන්න නම් එපා.
  • ගෝල්ෆේස් එකේ යනාදී වශයෙන්.  ඇත්තටම අපි පරිකල්පනය කරනවා කවුදෝ කොළඹ ඉන්නවා කියල අපේ ප්‍රශ්නයට අවසන් විසඳුමක් දෙන්න.
  • ඇත්තටම ගෝල්ෆේස් එකෙන් අපි දැක්ක දෙය තමයි කොළඹ කවුරුවත් නැහැ අපේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න.
  • ඒවා හදාගන්න වෙන්නෙත් අපිටමයි.  ඊජිප්තුවේ කයිරෝ කියල එකක් තිබ්බට ලංකාවේ කොළඹ කියල එකක් නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

එපා කියන්නේ එපා නිසා. 

ඊයේ පෙරේදා පෙට්‍රල් ගණන් ගියා කියල අනුරාධපුරේ කට්ටියක් ආයෙත් පන්දම් පත්තු කරගෙන විරෝධයක් පටන් අරගෙන. හිරුණිකා පවා ආයෙත් බෙහෙත් ප්‍රශ්නේ එක්ක පාරට බැහැල තියන නිසා මේක තවත් පාරක් අර ගෝල්ෆේස් ආකෘතියට යන්න තියන ඉඩකඩ නිසයි මෙහෙම ලියන්නේ. 

මොකද ආරම්භයේ තියන සමානකම එකයි. අපි හිතන්න පුරුදු වෙලා තියන පැටන් එක එකයි. 

හැමදාම වගේ මේ සියලු විරෝධයන් එකමුතු වෙලා අන්තිමට කොළඹ එනවා. කේන්ද්‍රය එතන කියල හිතාන. අවසානය පුපුරන්න ඕනි එතන කියල හිතාන. හැමදාම වගේ එහෙමයි. 

විරෝධතා පාගමනක් ආවත් ඉවර කරන්නේ කොළඹ. වෙනත් දෙයක් පටන් ගත්තත් ඉවර කරන්න හදන්නේ කොළඹ. ලිප්ටන් එකේ. හයිඩ් එකේ. ගෝල්ෆේස් එකේ යනාදී වශයෙන්. 

Megs Agitation
ඇත්තටම අපි පරිකල්පනය කරනවා කවුදෝ කොළඹ ඉන්නවා කියල අපේ ප්‍රශ්නයට අවසන් විසඳුමක් දෙන්න. අපි දිහා බලාගෙන. ඇත්තටම ගෝල්ෆේස් එකෙන් අපි දැක්ක දෙය තමයි කොළඹ කවුරුවත් නැහැ අපේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න. ඒ කියන්නේ කොළඹ කියල දෙයක් පවතින්නේ නැහැ අපි හිතුවට. 

වෙනත් විදියකට කිව්වොත් අපි කොළඹ කේන්ද්‍ර කරගෙන මාස්ටර් කෙනෙක් ඉන්නවා කියල හිතුවට සුදු ස්වාමියා ගියාට පස්සේ එහෙ මාස්ටර්ල නැහැ. කේමදාස මාස්ටර් වගේ කෙනෙක් හැර. 

ඒ වගේම එහෙම අරගලයක් අවසානයක් කරා ගෙනියන්න අවශ්‍ය දේශපාලන ව්‍යාපාරයකුත් කොළඹ නැහැ. තියන ඒවා හතර අතේ බෙදිලා තියෙන්නේ. ඒවා හදාගන්න වෙන්නෙත් අපිටමයි. 

ඊජිප්තුවේ කයිරෝ කියල එකක් තිබ්බට ලංකාවේ කොළඹ කියල එකක් නැහැ. ඒකයි වෙනස. අපි කොළඹ කියල එකක් තියනවා කියල හිතුවට අපි හිතන විදියේ කොළඹක් කොළඹ කියන ප්‍රදේශයේ පවතින්නේ නැහැ. තියෙන්නේ වෙනත් මොකක්දෝ එකක්. අපිට හිතාගත නොහැකි යථක්. 

image c117e05341
නිකම් බලන්න පෝයක් එක්ක නිවාඩු දවස් දෙකක් වැඩිපුර ආවොත් මොකද වෙන්නේ කියල. කොළඹ පාළුවට යනවා. හිස් වෙනවා. කට්ටිය අනුරාධපුරේ, නුවරඑළියේ, උඩවලවේ, රිවස්ටන් යනවා. අවම වශයෙන් අවුරුදු දවස් දෙක ගන්න. කොළඹ කියන්නේ සම්පුර්ණයෙන් හිස් මුඩු බිමක් වෙනවා. කොල්ලුපිටිය හරියේ මහ පාරවල් වල රේස් පදින්න පුළුවන් ගානට යනවා. එකම වෙනස දැන් අර චීන්නු ටිකක් ඉන්න එක විතරයි.

මම කියන්නේ කොළඹ එන්නේ නැතුව, කොළඹ විරෝධයෙන් පුරවන්නේ නැතුව, කොළඹ විරෝධයෙන් හිස් කරමු කියල. මිනිස්සුන්ගේ හිස් කරමු. හරියට අවුරුදු දවස් වගේ....



මෙසී : ඒ පුංචි කහපාට බෑන්ඩ් එක....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...