The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
Opinion

අසභ්‍ය නීතිය කියන්නෙ නීතිය අසභ්‍යයි කියන එකද? - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

October 1, 2023 • 6:01 PM

අසභ්‍ය නීතිය කියන්නෙ නීතිය අසභ්‍යයි කියන එකද? - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සැප්තැම්බර් 27 වෙනිදා ඩේලි මිරර් පත්තරේ තියෙන විදිහට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියෙදි
  • මිනිත්තුවකට රුපියල් 1000 බැගින් මේ ‍අලෙවි කිරීම සිදු කරලා තියෙනවා කියලා සීඅයිඩිය කියනවා.
  • ඇයට නඩු පැවරෙන්නෙ අසභ්‍ය ප්‍රකාශන පණත යටතෙ.
  • මේ පණත අනුව අසභ්‍ය ප්‍රකාශන කරන කෙනෙකුට දඩය වෙන්නෙ රුපියල් 2500ක්.
අකුරු ප්‍රමාණය (Font Size):

කාන්තාවකට සීඅයිඩිය විසින් නඩු පවරනවා. ඒ නඩු පවරන වරද වෙන්නෙ මේ කාන්තාව තමන්ගේ නිරුවත් වීඩියෝ අන්තර්ජාලය හරහා ගැනුම්කරුවෙකුට අලෙවි කිරීම. මිනිත්තුවකට රුපියල් 1000 බැගින් මේ ‍අලෙවි කිරීම සිදු කරලා තියෙනවා කියලා සීඅයිඩිය කියනවා. මේ කාන්තාව එක් දරු මවක්.

උසාවිය ඇයව රක්ෂිත බන්ධනාගාරගත කරනවා. ඇය වෙනුවෙන් නීතිඥවරයෙක්වත් පෙනී සිටින්නෙ නෑ. ඇයට නඩු පැවරෙන්නෙ අසභ්‍ය ප්‍රකාශන පණත යටතෙ.

මේ පණත අනුව අසභ්‍ය ප්‍රකාශන කරන කෙනෙකුට දඩය වෙන්නෙ රුපියල් 2500ක්. දෙවන වරට අහුවුනොත් දඩය රු 5000ක්. ඊට අතිරේකව මාස 06‍ට නොවැඩි සිරදඩුවමක් නියම වෙන්න පුළුවන්.



මේ වරද යටතේ විවිධ කාරණා දක්වලා තියෙනවා. අසභ්‍ය ප්‍රකාශන චිත්‍රපටි, කවි, චිත්‍ර, බලි කුරුටු ඕනම දෙයක් නිෂ්පාදනය, ඒවා ආනයන අපනයන කිරීම, ඒ ව්‍යාපාරවල කොටස්කරුවෙක් වීම, ඒවා ප්‍රචාරණය කියන වැරදි යටතේ කෙනෙක් අත්අඩංගුවට ගන්න පුළුවන්.

නමුත් අසභ්‍ය යනු කුමක්ද කියන එක ගැන මේ පණතෙ කොතනකවත් අර්ථකතනයක් නෑ. ඒක එක එක අයට අනුව වෙනස් වෙන්න පුළුවන්.



උදාහරණයක් විදිහට මේ කාන්තාව කාට හෝ ප්‍රදර්ශනය කරලා තියෙන්නෙ ඇගේ ශරීරය. ඇගේ නිරුවත් ශරීරය කාටද ප්‍රදර්ශනය කරන්නෙ කියන අයිතිය ඇය සතුයි. ඒ වගේම ඇය මෙතනදි ප්‍රසිද්ධ ප්‍රදර්ශනයක් කරලා නෑ. අනෙකාගේ කැමැත්ත මත සිද්ද වෙන පුද්ගලික ගනුදෙනුවක් මේක. ඒත් සීඅයිඩියට අනුව එය අසභ්‍ය ප්‍රකාශනයක් වෙනවා. ඒ වෙනුවෙන් එක් දරු මවක් රක්ෂිත බන්ධනාගාරගත වෙනවා.

kjsf

මේ විදිහට තමන්ගේ නිරුවත් දර්ශන ඒවා ඉල්ලුම් කරන අයට අලෙවි කිරීමෙන් ජීවත් වීම කියන්නෙ ලිංගික ශ්‍රමිකයෙක් විදිහට කාන්තාවකට ආරක්ෂිතම ක්‍රමය. එහෙම නැත්නම් ඇයට සිද්ද වෙන්නෙ ගැනුම්කරුවෙක් එක්ක කාමරේකට යන්න. එය ලිංගිකව බෝවන රෝග පැත්තෙන් විතරක් නෙමෙයි ඇගේ ආරක්ෂාව පැත්තෙනුත් අවදානම්කාරී වෙන්න පුළුවන්.

සීඅයිඩිය කියන විදිහට ඇගේ සැමියා දැනුවත්වයි මේ ව්‍යාපාරය කරගෙන ගිහින් තියෙන්නෙ. ඇගේ සැමියාට පවා ප්‍රශ්නයක් නැත්නම් ඒක පොලිසියට ප්‍රශ්නයක් වුනේ කොහොමද කියන එකයි පුරවැසියන් පෙරලා ඇසිය යුතු ප්‍රශ්නය?

දෙන්නෙක් තමන්ගේ කැමැත්තෙන් කවර ලිංගික ක්‍රියාවක යෙදුනත් එය අසභ්‍ය ප්‍රකාශන පණත යටතේ අත්අඩංගුවට ගන්න පුළුවන් වරදක් වෙන්නෙ කොහොමද? එහෙම මිනිස්සුන්ගෙ පුද්ගලික ලිංගික ජීවිතයට අතපෙවීම බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් නෙමෙයිද? අවාසනාවට මේ වගේ කාරණාවලදි මුහුණට මුහුණ මේ සදාචාර පොලිසිය අභියෝග කරන ප්‍රගතිශීලී නිතිඥයො අපිට හරි අඩුයි.

සමාජයක් විදිහට අපි උත්සාහ කරන්න ඕන පුළුවන් තරම් මේ ඔන්ලයින් ලිංගික ශ්‍රමික වෘත්තිය ප්‍රචලිත කරන එකයි. ඊට අවශ්‍ය තාක්ෂණ සහ අනෙක් පහසුකම් සලසා දෙන එකයි. මිනිස්සු නිරෝගී විදිහට තමන්ගේ ලිංගික ආශාවන් තෘප්තිමත් කරගැනීම සමාජයට වැඩදායී දෙයක්. ඒ ආතතිය දුරලීම වෙනුවෙන් මෙවන් කාන්තාවන්ගේ සේවය අගය කළ යුතු එකක්.

ඒත් ඇය වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥයෙක්වත් උසාවියෙ ඉඳලා නෑ.

මේ අවාසනාවන්ත තත්වය වෙනස් කරන්න ලංකාවෙ ලිංගික ශ්‍රමිකයන් වෙනුවෙන් පෙනී ඉන්න නීති බලඇණියක් නිර්මාණය කරන්න අපි උත්සාහ කළා. ඒත් ඒක තවමත් කරගන්න බැරි වුනා. ලිංගික ශ්‍රමිකයන් මේ රටට අවශ්‍යයි කියලා විශ්වාස කරන මිනිස්සු එකතු වෙලා මේ මිනිස්සු වෙනුවෙන් එවන් මැදිහත්වීමක් කරන්නම ඕන.

එහෙම අයට තමයි රටක වැඩිහිටි පුරවැසියො කියන්නෙ.


Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -facultyofsex.com)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...