The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
Opinion

මාධ්‍ය නිදහස : කඩුවේ දුර අනෙකාගේ බෙල්ලට ද ?

T

The Leader Desk

October 3, 2023 • 3:40 PM

මාධ්‍ය නිදහස : කඩුවේ දුර අනෙකාගේ බෙල්ලට ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාර්ගතක්‍රම සුරක්ෂිතතාවය පිළිබඳව පනත් කෙටුම්පත අද දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළේය.
  • ආණ්ඩුව පැත්තෙන් මේ පිළිබඳව ඇති අදහස වන්නේ මාර්ගතක්‍රමවල පවතින අනෙක් පුද්ගලයා අපහසුතාවයට පත්වන ක්‍රමවේදය අවසන් කිරීමට නීතිමය රාමුවක් සැකසීම බවයි.
  • මේ පිළිබඳව නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන්නේ කිසියම් වූ හෝ විද්‍යාවක් අනුව මේ තලයන් ක්‍රියා නොකරන බවයි.
  •   පසුගිය වසර 5 පමණ කාලයක් තුල සමාජ මාධ්‍යවල හැසිරීම නිරීක්ෂණයට ලක් කළහොත් පෙනී යන, වැදගත් කරුණක් වන්නේ සංවිධානගත ආකෘතියකින් මිදුණු පුද්ගලයන් සිය පුද්ගලික අදහස් සමාජය මත පැටවීම වේගවත් කර ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

පනත පාර්ලිමේන්තුව තුල පරාජය වීමට හේතු ඇතැයි ලියුම්කරු සිතන්නේ නෑ.

ආණ්ඩුව පැත්තෙන් මේ පිළිබඳව ඇති අදහස වන්නේ මාර්ගතක්‍රමවල පවතින අනෙක් පුද්ගලයා අපහසුතාවයට පත්වන ක්‍රමවේදය අවසන් කිරීමට නීතිමය රාමුවක් සැකසීම බවයි.

මේ සඳහා වන එකඟවීමේ හා විරෝධය දැක්වීමේ තල දෙකක් තිබෙනවා. මේ පිළිබඳව නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන්නේ කිසියම් වූ හෝ විද්‍යාවක් අනුව මේ තලයන් ක්‍රියා නොකරන බවයි.

 

පසුගිය වසර 5 පමණ කාලයක් තුල සමාජ මාධ්‍යවල හැසිරීම නිරීක්ෂණයට ලක් කළහොත් පෙනී යන, වැදගත් කරුණක් වන්නේ සංවිධානගත ආකෘතියකින් මිදුණු පුද්ගලයන් සිය පුද්ගලික අදහස් සමාජය මත පැටවීම වේගවත් කර ඇති බවයි.

 

මේ පුද්ගලයන්ට මතයක් දැරීමට ඇති අයිතිය පිළිබඳව ප්‍රශ්න කළ නොහැකි වුවත් ඉන් සමාජයක් අපගමනයට ලක්වෙනවානම් ඊට සීමා දැමිය යුතුයි. රාජ්‍යයක් තිබෙන්නේ ඒකට තමයි. පොදු නීතිය පිළිබඳව හෝ අපි එකිනෙකා පාලනය වන සමාජ රීතීන් පුද්ගලික වපසරියක් තුල උල්ලංඝනය කිරීමට ඉඩදිය යුතු නෑ. අවාසනාවට සමාජමාධ්‍ය හා යූ- ටියුබ්කරුවන් කරමින් ඉන්නේ එයයි.

මේ පිළිබඳව අපේ රටේ ඇතිවී ඇති අදහස ම විකෘතියක්. ඊට හේතු වී ඇත්තේ ඒවායේ තාක්ෂණය අපිට පැමිණියාට එහි සංකල්පීය තලය අපි වෙත නොපැමිණීමයි.

 

වෙනත් උදාහරණයකට ගියහොත් ඉන්දියාවේ නිෂ්පාදිත ත්‍රිවිල් රථය මෙන්ම ජර්මනියේ නිෂ්පාදිත BMW රථයත් අපේ රටේ මහාමාර්ගවල ධාවනය වෙනවා. ඒවායේ රියදුරන් දෙගොල්ලෝම මාර්ග නීති පිළිබඳව තැකීමක් නැහැ. රියදුරුට අදාළ තාක්ෂණය පැමිණියද රියදුරා යන සංකල්පීය ගොඩනැංවීම අපිට පැමිණ නැහැ. එතකොට විය හැකි දේ පාර මැද කුනුහරුප කියාගෙන අතපය විසිකරගැනීම පමණයි. සමාජ මාධ්‍යවලට ද වී ඇත්තේ මේ සන්තෑසියමයි. ඒවා අපහාස, මඩ, කුණුහරපවලින් පිරී පවතිනවා. මොබයිල් ෆෝන් හෝ පරිගණක, ටැබ්, ලැප්ටොප් පැමිණියද ඊට අදාල මාධ්‍ය හැසිරවීම හෝ පොදු නීතිරීති පිළිබඳව තැකීමක් ඒවා තුල නෑ.

 

දේශපාලනිකව බැලූවිට රටක් වෙනස් කිරීමට “පක්ෂයක්” අවශ්‍ය බව කියන ලෙනින්වාදී තිසීසය මෙහිදී හාස්‍යයට ලක් වෙනවා.

facebook හෝ youtube තුල රට නිවැරදි දිශාවට හැරවිය හැකි යැයි සිතන ඉසිවරුන් පැටව් ගසා තිබෙනවා. ඔවුන්ගේ පුද්ගලික මතයන් (සිතට නැගෙන සිතුවිලි) සමාජයට පොම්ප කිරීම පිළිබඳව දේශපාලන පක්ෂ පවා නිහඬ ව සිටීම කණගටුදායකයි. facebook එක තුල කොටහලු වී ඇති මේ සමකාලීන තාරුණ්‍යයන් ඉන් මුදවා දේශපාලනය තුලට අවශෝෂණය කරගැනීමට මේ අවස්ථාව උපයෝගී කරගන්නවා වෙනුවට ඒ පිළිබඳව හොටු පෙරාගෙන ඇඬීම පුදුම සහගතයි.

 

වඩා දේශපාලනික විය යුත්තේ සාමූහික ප්‍රයත්නයන් මිස පුද්ගලික අභිලාෂයන් නොවන බව මෙහිදී මතක් කල යුතුයි. එහි දාර්ශනික අදහස නම් පුද්ගලයා වෙනුවට සමාජය ප්‍රමුඛ කල යුතුයි යන්නයි.

 

මේ පිළිබඳව නීතිඥ සංගමයේ මතය හාස්‍යජනකයි. ඔවුන් මේ පිළිබඳව දරන්නේ තාක්ෂණික අදහසක්. එය වැළඳගත් දේශපාලඥයින් කළ යුත්තේ නීතිය යනු දේශපාලනය නොවන බව ඉගෙන ගැනීමයි.

දේශපාලනය යනු මනුෂ්‍ය සම්බන්ධතා පිළිබඳ නව ආකාරයකින් සිතා බැලීමක්. ඊට පුද්ගලික අගතීන් වලින් සිදුවන බාධා අවම කිරීම එහි කොන්දේසියක්.

 zxfsdf 

පුද්ගලිකත්වය යනු සමාජයට කියන තවත් නමක් නොවෙයි. එය තිබිය යුත්තේ සමාජය තුල ඊට අවනතව විනා ඊට උඩින් නොවෙයි. අවාසනාවකට මේ පුද්ගලික අගතීන් දේශපාලනය තුල සමාජ ව්‍යාපාර ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා.

උදාහරණයකට පොහොට්ටුව වැනි ව්‍යාපාරයක් බිහිවන්නේ රාජපක්ෂවරුන් සදාකාලිකව බලයේ තබාගැනීමේ උවමනාව නිසා මිස වෙනත් අදහසකින් නොවේ. රාජකීයත්වය කෙරෙහි ඇති රාජපක්ෂ පවුලේ රෝග ලක්ෂණය සමාජය තුල පැතිරෙන්නේ එහි පුද්ගලික මානයන් මකා දමමින්.

සිදුවූයේ කුමක්දැයි දැන් අපිට රහසක් නොවෙයි.

 

සමාජ මාධ්‍ය මත පරායත්තව දේශපාලනය කරන්නන් මීට එරෙහිව වීදිබැස සටන් කරතැයි යන මෝඩ වාමාංශික අදහස ද විහිලුවක්. මනෝවිශ්ලේෂණ අදහසින් කිව්වොත් මේ මාධ්‍යකරුවන් යනු අනෙකාගේ ආශාව රඟදක්වන විපරීතයන්.

 

ඔවුන් විසින් කලින් ම ජනතාවගේ ආශාව “මෙය” බවට උපකල්පනය කරමින් එය රඟදැක්වීම හරහා විපරීතයන් බවට පත්වෙනවා. ඔවුන් පෙරලා බලාපොරොත්තුවන්නේ නීතිය තමා මත සලකුණු කරගැනීම පමණයි. මේ සියලු ම සමාජමාධ්‍යකරුවන් නිවට ලෙස මෙයට යටත් වීමට නියමිත අතර වාමාංශිකයන් ඇතුලු සියලුම රැඩිකල් බුවාලාට එතෙක් හීන දැකිය හැකියි.

රාජ්‍යය යනු පුද්ගලික නිදහස පිළිබඳ අදහස පොදු සම්මුතියක් තුලට ගෙන එන ආකෘතියක් මිස අනෙකාගේ බෙල්ල කැපීයාමට තරම් කඩුව වැනීමට ඉඩ දෙන ආකෘතියක් නොවේ. සමාජමාධ්‍ය නොව ජනමාධ්‍ය පවා නියාමනය කලයුතුයැයි අපි යෝජනා කරන්නේ ඒ අදහසින් මිස වෙනත් අදහසකින් නොවේ.

(carbonnews.lk)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මාධ්‍ය නිදහස : කඩුවේ දුර අනෙකාගේ බෙල්ලට ද ? | The Leader