The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
Opinion

ඔන්ලයින් අවකාශ නියාමනය කිරීම අනවශ්‍ය ද? - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

October 7, 2023 • 4:50 AM

 ඔන්ලයින් අවකාශ නියාමනය කිරීම අනවශ්‍ය ද? - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉදිරි වසර දෙක තුන තුළ මාධ්‍ය කලාවේ අනාගතය නව මගකට යොමු වනු ඇති අතර මෙම කලාපය පිළිබඳ විශේෂඥ දැනුම නිව්යෝර්ක්වලින් පමණක් නොව ශ්‍රී ලංකාවෙන් ද මතුවිය හැකිය.
  • රටේ ජනගහනයෙන් බහුතරයකට සාමාන්‍ය ඉංග්‍රීසි භාෂා දැනුමක් ඇත.
  •                                     නිල සංඛ්‍යාලේඛන අනුව, මිලියන 15ක් පමණ හෙවත් රටේ ජනගහනයෙන් 67%ක් පමණ ඉන්ටනෙට් සමග සම්බන්ධයි.
  • සමාජ මාධ්‍ය භාවිතා කරන පිරිස ලක්ෂ 72ක් පමණ වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


– ජනාධිපති රනිල් වික්‍රමසිංහ, 2023 ඔක්තෝබර් 4දා, එඩ්මන්ඩ් රණසිංහ ප්‍රණාම උළෙලේදී


මේ ප්‍රකාශය මාධ්‍ය සම්බන්ධයෙන් ඉතා වැදගත් අදහසකි. ඒ වගේම ශ්‍රී ලංකාවේ අනාගතය සම්බන්ධයෙනුත් ඉතා වැදගත්ය. ලංකාව කෝටි දෙකයි කාලක පමණ ජනගහනයක් ජීවත් වන කුඩා රටකි. එහි බහුතර ජනයා කතා කරන භාෂාව සිංහලයි. රටේ ජනගහනයෙන් බහුතරයකට සාමාන්‍ය ඉංග්‍රීසි භාෂා දැනුමක් ඇත.

                                   
නිල සංඛ්‍යාලේඛන අනුව, මිලියන 15ක් පමණ හෙවත් රටේ ජනගහනයෙන් 67%ක් පමණ ඉන්ටනෙට් සමග සම්බන්ධයි. සමාජ මාධ්‍ය භාවිතා කරන පිරිස ලක්ෂ 72ක් පමණ වේ. ඒ කියන්නේ රටේ ජනගහනයෙන් තුනෙන් එකකි. රටේ භාවිතයේ තිබෙන ජංගම දුරකථන සංඛ්‍යාව රටේ ජනගහනය මෙන් එකහමාරකටත් වැඩියි.

තොරතුරු තාක්ෂණ කර්මාන්තය පැත්තෙන් ඉදිරියට යමින් ලොව ප්‍රධාන තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් වීමට අවශ්‍ය විභවය ශ්‍රී ලංකාවට තිබේ. දැනටත් ලංකාවේ ලක්ෂ එකහමාරක පමණ ශ්‍රම බලකායක් තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා කරති. ඩොලර් බිලියන 1.5ක පමණ ආදායමක් රටට ගෙනෙති.

ඉන්ටනෙට් කියන්නෙ ජාතික සීමාවන් බොඳව යමින් තිබෙන අවකාශයක්. ඒ වුණාට රටක ඉන්ටනෙට් යටිතලය පවතින්නේ බොහෝ දුරට ජාතික නියාමනයට යටත්වයි. ඉන්ටනෙට් තුළ අතථ්‍ය යථාර්ථයක් පැවතිය හැකි වුණත්, ඉන්ටනෙට් පවතින්නෙ භෞතික යථාර්ථයක් ඇතුළෙයි. ආර්ථිකය, යටිතල පහසුකම්, බැංකු, වෙළඳපොළ, නියාමනය ආදී සියල්ලම එහිදී අදාළයි.

 ඉන්ටනෙට්හි සේවාවන් සපයන මහා තාක්ෂණික සමාගම් ගෝලීය අවකාශයක් ඇතුළෙ පවතින බවක් පෙනුණත්, ඒ සමාගම් පවා ජාතික නියාමනයන්ට යටත්. ඒ සමාගම් ලියාපදිංචි කර ඇති රටවල් වගේම ඔවුන්ගේ විශාල වෙළඳපොළවලුත් ජාතික රාජ්‍යයන්. ජාතික වෙළඳපොළ විශාලත්වයට හා බලයට අනුකූලව මහා තාක්ෂණික සමාගම් හැසිරෙන ආකාරය දකින්නට පුළුවන්. උදාහරණයක් ලෙස, යුරෝපා සංගමයේ රටවල් පනවන නීතිවලට අනුගත වෙන මේ සමාගම් පකිස්තානය නීති පනවන්නට උත්සාහ කරන විට ඒ ජාතියෙන් ආවොත් තමන් රටින් පිටවන බවට තර්ජනය කරනවා.


මෙය වර්තමාන යථාර්ථය වුණත්, සදාකාලික යථාර්ථයක් වෙන්නෙ නැහැ. ඉන්ටනෙට්හි මහා තාක්ෂණික සමාගම් තවදුරටත් ශක්තිමත් වෙමින් තිබෙන බව පෙනුණත්, එයට දීර්ඝායුෂ නැහැ. මෙටා සමාගම මෙන් ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් හා ත්‍රෙඩ්ස් වැනි සමාජ ජාල අතර ජාලයන්ගේ ආධිපත්‍යය බිඳ දැමිය යුතුයි. ගූගල් ද තවත් එවැනි අධිපතිවාදී සමාගමක්. ඉන්ටනෙට්හි විවිධත්වය හා තරගකාරීත්වය භාවිතා කිරීමෙන් අපට ද මෙයට දායක විය හැකියි.

බැලූ බැල්මට මෙය අලියා හා කුහුඹුවා අතර සටනක් සේ පෙනුණත්, මෙය කළ යුතුයි. කළ හැකියි. චීනයේ ටික්ටොක් වේදිකාව මෙවැනි බටහිර ආධිපත්‍යයෙන් යුත් ගෝලීය සමාජ ජාලයන්ට එල්ල කළ පැහැදිලි අභියෝගයක්. ඉන්දියාව වැනි රටවලුත් මේ ක්ෂේත්‍රයේ වේගයෙන් ඉදිරියට එමින් තිබෙනවා. අප අනාගතය ගැන සිතිය යුතුව තිබෙන්නේ අනාගතවාදීවයි. වර්තමාන තත්වය මත පදනම්ව නොවෙයි. මේ අවකාශයන් අපට ද ගවේශණය කළ හැකි බව මා ඉහත උපුටා දැක්වූ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් අදහස් වෙනවා.

WhatsApp Image 2023 10 06 at 6.46.35 PM
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත ලංකාවේ ඉන්ටනෙට් සම්බන්ධ රාජ්‍ය නියාමනය දැඩි කිරීම සඳහා අරමුණු කළ එකක්. එය දීර්ඝ කාලයක් තිස්සේ සංවර්ධනය වෙමින් පැවති පනතක් බව ඇමතිවරයා පැවසුවා. ආසියානු ඉන්ටනෙට් සන්ධානය හෙවත් ගෝලීය ඉන්ටනෙට් සේවා සපයන මහා සමාගම්වල ආසියාතික ජාලය මේ වන විටත් ඒ සම්බන්ධයෙන් තමන් සැලකිලිමත් බව දන්වා තිබෙනවා. ඔවුන් පකිස්තානයට දැක්වූ ප්‍රතිචාරය ලංකාවටත් දක්වයිද කියා බොහෝ අය බිය වී සිටිනවා.

එමගින් ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විභවය ඇති උන්නතියට බාධාවක් විය හැකි බව ඔවුන්ගේ අදහසයි. මේ ප්‍රශ්න ඉතා සියුම් ලෙස කළමනාකරණය කරගත යුතුයි. එහිදී අප ඔවුන්ගේ වහලුන් නොවිය යුතු බවත් සිහියේ තබාගත යුතුයි.

දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ඔන්ලයින් ආරක්ෂණ පනත ගැන තවත් ගැටලු රැසක් ක්ෂේත්‍රයේ විද්වතුන් පෙන්වා දී තිබෙනවා. සත්‍යය යනු කුමක්ද යන්න තීරණය කිරීමේ බලය ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන කොමිෂන් සභාවකට පැවරීම හා යම් යම් නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග හා දඬුවම් පැමිණවීමේ බලය ද ඔවුන්ට හිමි වෙනවා. මේ කාරණා සාකච්ඡා කර විධිමත් කළ හැකියි. සමාජය වෙනුවෙන් සත්‍යය යනු කුමක්දැයි රජය විසින් තීරණය කිරීම අලුත් හෝ අමුතු දෙයක් නොවේ. මනෝමූලික සත්‍යයන් පවා රජය විසින් තීරණය කරන ලද ඉතිහාසයක් අපට තිබේ. උදාහරණයක් ලෙස දෙවියන් ලෝකය මැව්වාද, නැද්ද යන්න පවා රජය විසින් විනිශ්චය කර තිබේ. එවැනි කාරණා පැත්තකින් තබා වාස්තවික (objective), සම්මත (normative), තාර්කික (logical) හා ආනුභවික (empirical) සත්‍යයන් රජය විසින් තීරණය කිරීම වරදක් නොවේ. දැනටත් එසේ කරනු ලැබේ.

070oU97b9dtXW7y7tJM7ORR 1.fit lim.v1652359716

 ශ්‍රී ලංකාවේ දේශපාලන සමාජය අරාජිකත්වය වෙත යොමු වී තිබේද යන කාරණය නිදසුනක් ලෙස ගනිමු. මෙය මනෝමූලික සත්‍යයකි. නොඑසේ නම්, එය මට අනුව සත්‍යයකි. එය ප්‍රකාශ කිරීම අදහස් ප්‍රකාශනයේ නිදහසට යටත්ය. එය සම්බන්ධයෙන් රජය විනිශ්චය කරන්නට යාම හොඳ දෙයක් නොවේ. ඒ අනුව, මා සිතන්නේ මෙවැනි නීති අවශ්‍ය බවය. ‘225ම හොරු’ යයි කෙනෙකු කියන්නේ නම්, එය ද අයත් වන්නේ මනෝමූලික සත්‍යයකටය. එහෙත්, 225ම හොරුන් නිසා අනුර නම් පුද්ගලයා ද හොරෙකු යයි යමෙකු කියන්නේ නම් එහි ගැටලුවක් තිබිය හැකිය. එහි අපහාසයක් තිබිය හැකිය. එය අසත්‍ය ප්‍රකාශයක් විය හැකිය. යමෙකුගේ පැමිණිල්ලක් මත එවැනි ප්‍රකාශයක සත්‍ය අසත්‍යතාව නිර්ණය කිරීමෙහි හා එය නිවැරදි කිරීමෙහි ඇති වරද කුමක්ද?

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම පිණිස විධිවිධාන සැලසීම සඳහා ද, තහනම් කාර්යය සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිතා කිරීම වැළැක්වීම සඳහා ද, ශ්‍රී ලංකාව තුළ තහනම් කාර්යය සඳහා භාවිතා කරනු ලබන මාර්ගගත ස්ථාන හඳුනා ගැනීම සඳහා සහ ප්‍රකාශයට පත්කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද, සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම සඳහා මුදල් සැපයීම සහ අනෙකුත් ආධාර සැපයීම මැඩපැවැත්වීම සඳහා ද, ඒ හා සම්බන්ධ හා ඊට ආනුශාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම ද පිණිස වූ පනත් කෙටුම්පත රටට අවශ්‍ය නීතියක්.

මෙම පනත යටතේ වැරදි ලෙස නම් කර තිබෙන නීති අධිකරණයට අපහාස කිරීම, ICCPR පනත වැනි වෙනත් නීති යටතේ ද වැරදි වන බව ඇත්තය. එපමණකින්ම මෙවැනි පනතක් අවශ්‍ය නැතැයි කිව නොහැකිය. එක් වරදක් නීති කීපයක් යටතේ වැරදි ලෙස සැලකීම ද ලංකාවේ නීතියට අලුත් දෙයක් නොවේ. නීති ශක්තිමත් වීම හොඳය. වඩා වැදගත් වන්නේ නීති ක්‍රියාත්මක වීමයි. පොත්වල නීති තිබූ පමණින් ඇති වැඩක් නැත.

Detect Fake Profiles on Social Media p6yfct3ismgslao8tyklprwyrfd5tttfiwrd6xcjuw

මෙමගින් සමාජ මාධ්‍ය නියාමනයකට යටත් වීම හොඳ දෙයකි. එමගින් සියලු ව්‍යාජ ගිනුම් තහනම් වීමක් සිදු විය යුතු නැහැ. ව්‍යාජ ගිනුම් නීති විරෝධී කටයුතු සඳහා භාවිතා වීම වැළැක්විය යුතුයි.

වගකීම් සහගත සමාජ මාධ්‍ය භාවිතාවකට සමාජය යොමු කිරීම අත්‍යවශ්‍යයි. එයට විරුද්ධ වන අය බිය වන්නේ නීති අවභාවිතා කිරීම සම්බන්ධයෙනුයි. ඒ සැකයත් අසාධාරණ නැහැ. ඒ සඳහා බොහෝ උදාහරණ ද දැක්විය හැකියි. ඒ සමග මෙයත් කිව යුතුයි. ලංකාවේ අපරාධ වැරදි සම්බන්ධයෙන් නීතිය ඉදිරියේ වැරදිකරුවන් වන්නේ සැකකරුවන්ගෙන් 5%ක පමණ සුළු පිරිසක් පමණයි. චෝදනා සැකයකින් තොරව ඔප්පු කිරීමට අසමත් වීමේ රාජ්‍ය විමර්ශන හා නඩු පැවරීමේ ගැටලුව ද එයින් ප්‍රකාශ වෙනවා.

ඉතිරි 95%ම නිවැරදිකරුවන් නොවන බව අප හොඳින් දන්නවා. නීති අවභාවිතා කරන්නේ රජය පමණක් නොවෙයි. නීතියේ සිදුරුවලින් රිංගා වැරදි කර නිවැරදිකරුවන් බවට පත්වන සියලු දෙනාත් නීතිය අවභාවිතා කළ/ කරන අය. එහෙම බැලුවොත්, නීතිය අවභාවිතා නොකළ, එවැනි ක්‍රියාවකට දායක නොවූ අය මේ සමාජයේ ඉන්නවාද යන්න පවා සැක සහිතයි.

ලංකාව ඉදිරියේ පවතින ප්‍රධාන අභියෝග වන්නේ අරාජිකත්වය හා ත්‍රස්තවාදය විය හැකි බව මගේ අදහසයි. ඒ අනුව, එම තත්වය පාලනය කිරීම සඳහා මෙවැනි නීති අවශ්‍ය බව මගේ අදහසයි. එමගින් රාජ්‍යය ශක්තිමත් වේ. බලවත් වේ. මර්දනකාරී වන්නට ද ඉඩ තිබේ. රජයක් අරාජිකත්වය මර්දනය නොකරයි කියා යමෙකු සිතන්නේ නම්, එම පුද්ගලයා තම මනස පරීක්ෂා කරගත යුතුය.



Online Safety Bill ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය මෙතනින්  



AJITH PARAKUM
(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com






සබැඳි පුවත් :

සමාජ මාධ්‍ය නියාමන පනත් කෙටුම්පත: ඇමති ටිරාන් සහ සිවිල් සංවිධාන අතර එකඟත්වයක් !


ඔන්ලයින් පනත් කෙටුම්පතට එරෙහිව වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නඩු මගට

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

සමාජ මාධ්‍ය නියාමන පනත් කෙටුම්පතට ආසියානු අන්තර්ජාල සභාගයේ (AIC) කනස්සල්ල

ආන්දෝලනාත්මක පනත් දෙකක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට !

ත්‍රස්ත විරෝධි හා ඔන්ලයින් පනත් කෙටුම්පත් වහා හකුලාගන්න - ශ්‍රී ලංකා නීතිඥ සංගමය

ආණ්ඩුවේ අලුත්ම ඉන්ටර්නෙට් පනත ගෙනා සැනින් විරෝධය

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත: වැඩ වරදින වැරදි මොනවද?

ඔන්ලයින් ආරක්ෂාව පිළිබඳ පනතේ පසුබිම් කතාව

සමාජ මාධ්‍ය නියාමන පනත පොලිස් ඇමැතිට ඇටවූ උගුලක්ද?

'අතත් බැඳලා කටත් වහලා මිලියන 22ක් පාලනය කරන්න ඉඩ දෙන්න එපා' !

Google, Facebook, YouTube, TikTok ලංකාව හැරදා යාමේ අනතුරක් !

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...