The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
Opinion

ආගමික වාරණය ඉවසමුද? - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

October 7, 2023 • 5:46 PM

 ආගමික වාරණය ඉවසමුද? - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නාද්‍යාගෙ මිනරෙට්ස් ෆිල්ම් එක ඊයෙ PVR එකේ බැලුවා. ඒක ඒ විදිහට පුළුල් තිරයක, හොඳ සද්ද එක්ක බලන්න ලැබීම කියන්නෙම භාග්‍යයක්. අපිට මේ රටේ ඩොකියුමෙන්ට්‍රියක ආස්වාදය එහෙම හෝල් එකක
  • අපේ අධ්‍යාපන ක්‍රමයේ බරපතල ප්‍රශ්නයක් මිනරෙට්ස් ඇතුලෙ කතා වෙනවා.
  • මුස්ලිම් සංගීතයේ උරුමය කර‍ තියාගෙන එයා බෞද්ධ සංස්කෘතිය ඇතුලට පලා යනවා.
  • (මිනරෙට්ස් බලන්න පුළුවන් pvr එකේ හවස 5.45ට, ඉක්මන් කළොත්) (චින්තන ධර්මදාස) දේශපාලන හා සමාජ විශ්ලේෂක අධ්‍යක්ෂ - facultyofsex (උපුටා ගැනීම - Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)  
අකුරු ප්‍රමාණය (Font Size):

එක්ස්පීරියන්ස් කරන්න ලැබෙන අවස්ථා අන්තිම විරලයි.

ඉන්දික තොටවත්ත ඉස්ලාම් දහමට අපහාස කළා කියලා සිරගත කරන මේ මොහොතෙ මිනරෙට්ස් කොළඹ තිරගත වීම එක විදිහක අයිරනියක්. ඒක එකම කතාවක දිගුවක්.

මිනරෙට්ස් බලද්දි කෙනෙකුට දැනෙන්නෙ ආගමක් විසින් මනුස්සයෙකුට කළ හැකි විනාශයේ තරම. මනුස්සයෙකුගෙ ජීවිතයෙන් සංගීතය මුලිනුපුටා දමන්න ආගමකට පුළුවන් වෙලා තියෙනවා. සංගීතය අහිමි කළ මනුස්ස ප්‍රජාවක් අපේ රටේ ජීවත් වෙනවා. අපි ඒ ගැන කිසි දෙයක් දන්නෙ නෑ.

                         

 කලාව ඉපදෙන්නෙ ආගමට කලින්. ඒත් පසුව ඉපදෙන ආගම තමන්ව නිර්මාණය කළ මිනිස් කලාවත් මිනිසාට අහිමි කරනවා. ඒක මිනිස් ආධ්‍යාත්මයේ ‍දරුණුතම ඛේදවාචකය.
නාදය, තාලය, රිද්මය අහිමි කළ ඒ මිනිස්සු දිහා බලන් ඉඳිද්දි ඇස්වලට කඳුළු එනවා. ඒ අපිමයි. මේ රටේ අපේම පරම්පරාවක මිනිස්සු.  අපි අධ්‍යාපනය, විද්‍යාව, තාක්ෂණය ගැන ගමෙන් ගමට ඉස්කෝල ඇරගෙන ඉගැන්නුවත් මේ මිනිස් සංස්කෘතියට ඒකෙන් ලැබිලා තියෙන දායාදය මොකක්ද? අපේ අධ්‍යාපන ක්‍රමයේ බරපතල ප්‍රශ්නයක් මිනරෙට්ස් ඇතුලෙ කතා වෙනවා. 


මොහිදින් බෙග් ඊයෙ ඉඳන් මගේ වීරයෙක් වුනා. ඒ සංස්කෘතික තරණය තනිකරම තමන්ගේ කලාවෙ අයිතිය වෙනුවෙන් කළ එකක්. මුස්ලිම් සංගීතයේ උරුමය කර‍ තියාගෙන එයා බෞද්ධ සංස්කෘතිය ඇතුලට පලා යනවා. එහෙම නොවුනා නම් ඒ සංගීතය මේ රටට සදහටම අහිමි වෙනවා. ලා‍ංකේය සංගීතයේ ඓතිහාසික විප්ලවකරුවෙක් බෙග් කියන්නෙ.

‍බෙග් ඉස් බෙග්. දෙයාර් ඊස් නෝ අදර් බෙග්
- අජිත් කුමාරසිරි එහෙම කියනවා.

මිනරෙට්ස් මේ වෙලාවෙ බලන්නම ඕන චිත්‍රපටියක්. මේ ආගමික වාරණය දැන් සුළුතරයෙන් බහුතර ආගම්වලටත් පැතිරෙමින් තියෙනවා. ආගම විසින් අපි දිනාගත් මානව අයිතිවාසිකම් අපිට අහිමි කරමින් තියෙනවා. අපේ සංස්කෘතික අයිතීන් අපේ ලෞකික අයිතීන් අපිට අහිමි කරමින් තියෙනවා.

මේකට අපි ඉඩ දිය යුතුද?

(මිනරෙට්ස් බලන්න පුළුවන් pvr එකේ හවස 5.45ට, ඉක්මන් කළොත්)

386356852 10168170319220603 3243036841993308615 n

Chinthana D

(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

(උපුටා ගැනීම - Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...