The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
Opinion

භයානක ෆැන්ටසිවල අමුතු ලස්සනක් තියනවා....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

November 2, 2023 • 10:49 AM

භයානක ෆැන්ටසිවල අමුතු ලස්සනක් තියනවා....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපි දන්නා විදියට විධිමත් අධ්‍යාපනය (formal education) කියන්නේ පන්ති කාමරයක් ඇතුලේ ලැබෙන අධ්‍යාපනයට.
  • මොකද පොත්ගුල්ලෝ වෙලා විතරක් සමහර පෞරුෂ ගුණාංග වර්ධනය කරගන්න බැරි හින්ද.  හැබැයි මේ බිත්ති හතරක් ඇතුලේ, ආයතනයක් ඇතුලේ කරන අධ්‍යාපනයට විකල්පීයව හෝ එරෙහිව මේ ආයතනගත රාමුවෙන් පිටතත් අධ්‍යාපනය තියෙන්න පුළුවන්.
  • මනුස්සයෙක් තමන්ගේ පැවැත්ම ඇතුලේ විකසිත වෙනකොට හරි වර්ධනය වෙනකොට හරි සමහර වෙලාවට මේ ක්‍රමික අධ්‍යාපනය ඇතුලේ යම් යම් දේවල් ඉගෙනගන්නවා වගේම මේ සමස්ත ක්‍රමයෙන්ම නික්මිලා ගිහිල්ලත් යම් දැනුමක් අත්පත් කරගන්න පුළුවන්.
  • අපි ආපහු ආවට එයා ආපහු ආවේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒකට ඉතින් බාහිර ක්‍රියාකාරකම් කියලත් අංගයකුත් ඇතුලත් වෙලා තියනවා. මොකද පොත්ගුල්ලෝ වෙලා විතරක් සමහර පෞරුෂ ගුණාංග වර්ධනය කරගන්න බැරි හින්ද. 

හැබැයි මේ බිත්ති හතරක් ඇතුලේ, ආයතනයක් ඇතුලේ කරන අධ්‍යාපනයට විකල්පීයව හෝ එරෙහිව මේ ආයතනගත රාමුවෙන් පිටතත් අධ්‍යාපනය තියෙන්න පුළුවන්.

Backpackers Examine an Edible Education outside the classroom pic 4optimized

මනුස්සයෙක් තමන්ගේ පැවැත්ම ඇතුලේ විකසිත වෙනකොට හරි වර්ධනය වෙනකොට හරි සමහර වෙලාවට මේ ක්‍රමික අධ්‍යාපනය ඇතුලේ යම් යම් දේවල් ඉගෙනගන්නවා වගේම මේ සමස්ත ක්‍රමයෙන්ම නික්මිලා ගිහිල්ලත් යම් දැනුමක් අත්පත් කරගන්න පුළුවන්. ඒක මේ ආයතනගත අභිලාශයන් එක්ක සමපාත වෙන්න පුළුවන් වගේම ගොඩක් වෙලාවට අසමපාත වෙන්නත් පුළුවන්. 

ගොඩක් වෙලාවට විධිමත් අධ්‍යාපනයක් ඇතුලේ උනත් අවිධිමත් අධ්‍යාපනයක් ඇතුලේ උනත් සිද්දවෙන්නේ අවසානයේ මේ අපි දන්නා ක්‍රමය ඇතුලටම නැවත එන එක සහ ඒ ක්‍රමය ඇතුලෙම නැවත සිරගත වෙන එක. 

meditation spiritual cameron gray wallpaper preview

ඒ කියන්නේ කොයි විදියෙන් හරි මේ ශිෂ්ටාචාරයේ කොන්දේසි ඇතුලේ හිරවෙන එක. හැබැයි අපි මේ දන්නා ශිෂ්ටාචාරයේ සියළුම කොන්දේසි වලින් ඉවත්වීමේ භයානක ෆැන්ටසි එකකින් කවුරුහරි පෙළෙනවා නම් ඒක ඉතාම කලාතුරකින් සිද්දවෙන්න පුළුවන් දෙයක් කියල හිතෙනවා.

අපි ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ කට් කරලා සමහර වෙලාවට කැලේ පැන්නට මොනයම් විදියකට හරි ආපහු අපි ශිෂ්ටාචාරයේ කොන්දේසි වලට යටත්වෙලා ආපහු මේ ශිෂ්ටාචාරයට ආව. 

ටිහාරාගේ පරම්පරාව සමඟ දේශපාලනය කරන්නේ කෙසේද? -(Mahesh Hapugoda)
Into the Wild (2007) චිත්‍රපටයේ ඇලෙක්සැන්ඩර් සුපර්ට්‍රෑම්ප්ට තිබ්බේ එහෙම මේ සියල්ලන්ම ඉවත්වීමේ භයානක ෆැන්ටසි එකක් කියල මට හිතෙනවා. අපි ආපහු ආවට එයා ආපහු ආවේ නැහැ. නැවත ආපසු නොඒමේ ගමන්වලත් අමුතු ලස්සනක් තියනවා. 

ඒ කියන්නේ එහෙම ආපසු නොඑන ගමන් භයානක වුනත් එහෙම භයානක ෆැන්ටසිවල අමුතු ලස්සනක් තියනවා කියන එක. මේ චිත්‍රපටිය ලස්සන සහ මතකහිටින සුළු වෙන්නේ ඒ නිසා. 

ආපහු ජීවිතයට එන්න සහ ජීවිතයේ නතරවෙන්න කියල කොච්චර ආරාධනා කරත් ඒ කිසිම ආරාධනයක් ළඟ නතර වෙන්නේ නැති එකේ තියනවා හිතාගන්න බැරි මොකක්දෝ දෙයක්. 

මේ වීඩියෝව ඒ ගැන....


(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...