The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
Opinion

හෑලි ටයිම්ස් - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

November 5, 2023 • 7:04 AM

හෑලි ටයිම්ස් - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉස්කෝලෙකට බාරගන්න බැරි වෙන්න හැදෙන එකයි ශිෂ්‍යයෙකුගේ අරමුණ වෙන්න ඕන.
  • ඒ දැනුම් සංස්කෘතියෙ සීමාවන් ඉක්මවා යමින් විශ්ව විද්‍යාලෙන් පිටුවහල් කරන උන් බවට පත්වෙන්න ඕන.
  • එතකොටයි පරණ ආයතනගත දැනුමෙන් එලියට ආවා වෙන්නෙ.
  • ඉක්මවා යාම වෙනුවට නැවත අඩංගු වෙන්න, ඇතුලත් වෙන්න මහන්සි වෙනවා කියන්නෙ මනුස්සයෙක් විදිහට අවවර්ධිත තත්වයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඉස්කෝලෙකින් එලියට එනවා කියන්නෙ ඇඟපතින් ලොකු වෙලා, විභාග පස්වෙලා එලියට එන එක නෙමෙයි. ඉස්කෝලෙකින් එලියට එනවා කියන්නෙ ඉස්කෝල සංස්කෘතියෙන් එලියට එනවා කියන එක. මනුස්සයෙක් ඉස්කෝලෙකින් එලියට ආවම ආපහු ඉස්කෝලෙට ඒ මනුස්සයාව බාරගන්න බැරි වෙන්න ඕන. ඒ මනුස්සයා අර පරණ ආයතනය ඉක්මවා වැඩෙන්න ඕන. ඒ සංස්කෘතිය ඉක්මවා යන්න ඕන. ඒ මනුස්සයා ඉස්සරහ ඉස්කෝලෙ පුංචි වෙන්න ඕන.

රෝමන් පොලාන්ස්කි - කිසොලොව්ස්කි

මං පෝලන්ත සිනමා පාසැලේ ටික කාලෙකට ඉගෙන ගනිද්දි ඒ ඉස්කෝලෙ හරි ඉහලින් කතා කරන නම් දෙකක් තිබුන. එකක් රෝමන් පොලාන්ස්කි. අනෙක කිසොලොව්ස්කි. වැඩේ තියෙන්නෙ මේ දෙන්නම ඉස්කෝලෙන් පිටුවහල් කරපු චරිත. ඒත් ඒ සිනමා පාසැලට වටිනාකමක් එන්නෙ මේ චරිත දෙක හින්ද. මේ අයව සිනමා පාසැලට බාරගන්න බෑ. සිනමාවෙන් වගේම ජීවිතෙනුත් මේ අය ඒ ඉස්කෝලෙ සීමා ඉක්මවා ගිහින්. 

මනුස්සයෙක් තමන්ගෙ විශ්ව විද්‍යාලය ඉක්මවා යන්න ඕන. එතකොටයි විශ්ව විද්‍යාලෙන් අවුට් වෙනවා කියන්නෙ. ඒ දැනුම් සංස්කෘතියෙ සීමාවන් ඉක්මවා යමින් විශ්ව විද්‍යාලෙන් පිටුවහල් කරන උන් බවට පත්වෙන්න ඕන. එතකොටයි පරණ ආයතනගත දැනුමෙන් එලියට ආවා වෙන්නෙ.

මනුස්සයෙක් තමන්ගෙ ජාතිය ඉක්මවා යන්න ඕන. ජාතියට ඒ මනුස්සයාව බාරගන්න බැරි තරම් ලොකු වෙන්න ඕන. ඒකයි මනුස්සයෙකුගෙ සංස්කෘතික වර්ධනය කියන්නෙ. ජාතියේ සංස්කෘතික සීමාවන් තරණය කිරීම. ජාතියට වඩා විශාල මනුස්යෙක් වීම.

buddha 339485

මනුස්සයෙක් තමන්ගේ පවුල ඉක්මවා යන්න ඕන. පවුලේ සංස්කෘතික රාමුවලට තවදුරටත් දරාගන්න බැරි තරමට ලොකු වෙන්න ඕන. බුද්ධ චරිතය කියන්නෙ ඒක. බුදුන්ව දරාගන්න සුද්දෝධනගෙ රජ පවුලට පුළුවන්කමක් තිබුනෙ නෑ. ශාක්‍ය වංශයට පුළුවන්කමක් තිබුනෙ නෑ. බුදුන් හදනවා ඒ හැම එකකටම වඩා විශාල  බුද්ධ වංශයක්. ඒකයි මනුස්සයෙකුගේ ආධ්‍යාත්මික වර්ධනය කියන්නෙ.

ඉක්මවා යාම වෙනුවට නැවත අඩංගු වෙන්න, ඇතුලත් වෙන්න මහන්සි වෙනවා කියන්නෙ මනුස්සයෙක් විදිහට අවවර්ධිත තත්වයක්.

රට ඇද වැටෙන්න මූලික හේතුව රාජ්‍ය සේවයයි' -(චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...