The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
Opinion

අවුකන බුද්ධ පිළිමයට සිවුරු ඇන්දවීම ... - (ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ගේ විග්‍රහයක්)

T

The Leader Desk

December 2, 2023 • 3:51 AM

අවුකන බුද්ධ පිළිමයට සිවුරු ඇන්දවීම ... - (ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ගේ විග්‍රහයක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරු ඇන්දවීමේ සිදුවීම ප්‍රඥාවන්ත සදාචාර මාර්ගයක් වන බුදු දහමට, අප රටේ බෞද්ධ සංස්කෘතියට සේම මූර්ති කලාව
  • දැනට අප අතරේ හිඳින ජ්‍යෙෂ්ඨතම සහ කෘතහස්තම ප්‍රතිමා කලා විශේෂඥ වරයා ද වන ඔහු වැඩිදුරටත් පවසනුයේ, මෙවැනි නිසරු ක්‍රියා ප්‍රවර්ධනය වීම වත්මන් සමාජයේ චින්තන පරිහානිය මැනැවින් පිළිබිඹු කරන්නක් බව ය.
  • ඒ හින්දා ඒක බෞද්ධ සංස්කෘතිය වගේම අපේ රටේ අතීත සමාජමය තොරතුරු ලෝකයා හමුවේ හෙළිකරන සන්නිවේදන කවුළුවක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇතුළු සමස්ත කලා විෂයන් සඳහාම සිදු කළ බරපතල නිගරුවක්  බව ජාතික කෞතුකාගාර සහ කැලණිය විශ්ව විද්‍යලයීය පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ වරයෙකු සේම ශ්‍රී ලංකා පුරා විද්‍යාඥයන් ගේ සභාවේ සමාරම්භක ලේකම් පදවිය හෙබ වූ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ කියයි.

දැනට අප අතරේ හිඳින ජ්‍යෙෂ්ඨතම සහ කෘතහස්තම ප්‍රතිමා කලා විශේෂඥ වරයා ද වන ඔහු වැඩිදුරටත් පවසනුයේ, මෙවැනි නිසරු ක්‍රියා ප්‍රවර්ධනය වීම වත්මන් සමාජයේ චින්තන පරිහානිය මැනැවින් පිළිබිඹු කරන්නක් බව ය.

Srinimal Laksindu 2023අවුකන බුද්ධ පිළිමයට සිවුරු ඇන්දවීම බුදු සමයට වගේම ප්‍රතිමා කලාවටත් කළ බරපතල නිගරුවක් - ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ

"අවුකන බුද්ධ ප්‍රතිමාව ආගමික කලාත්මක වගේම මානව විද්‍යාත්මක වශයෙනුත් අපේ අතීත සමාජමය තොරතුරු රාශියක් හමුවේ ලෝකය හමුවේ කියාපාන කැඩපතක්.

ඒ හින්දා ඒක බෞද්ධ සංස්කෘතිය වගේම අපේ රටේ අතීත සමාජමය තොරතුරු ලෝකයා හමුවේ හෙළිකරන සන්නිවේදන කවුළුවක්. ඉතින් අන්ධ භක්තිය හරි ජාවාරම්කාර චින්තනය මුල් කරගෙන හරි මේ වගේ ශ්‍රේෂ්ඨ නිර්මාණයක් උඩට ඉනිමං තියලා නැඟලා ඒ නිර්මාණයේ ප්‍රකෘති ලක්ෂණ වසා දැමීම නීතිමය වශයෙනුත් බරපතල වරදක්.

ඒ හින්දා මේ වන විට සුවිසල් අවධානයකට යොමු වෙලා තියන මේ ක්‍රියාවට සම්බන්ධ සියලු පාර්ශවයන්ට නීතිමය දඬුවම් දිය යුතුයි. නැතිනම් මේ වගේ උත්තුංග නිර්මාණ වල අගය පහළ බසින අතරේ මෙවැනි හරසුන් නිසරු ක්‍රියා අනාගතයේ  තවදුරටත් ප්‍රවර්ධනය වෙන්න පුළුවන්" ආචාර්ය  ලක්දුසිංහ වැඩිදුරටත් කියයි.


(සටහන -තිලක් සේනසිංහ)
thilaksenasinghe@gmail.com


සබැඳි ලිපි :

'පුරාවස්තු භික්ෂූන් වහන්සේලාට අයිති නැහැ- හානි කළොත් අත්අඩංගුවට'

අවුකන පිළිමයට සිවුරු පෙරවීම : අන්ධ විශ්වාස ජාලයේ ගමනාන්තය බිහිසුණු ය - (මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර)

අවුකන බුද්ධ ප්‍රතිමාවට වස්ත්‍රයක් පැලඳවීම ගැන විමර්ශනයක්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...