The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
Opinion

ගල් පර්වත සංකේතය - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

December 3, 2023 • 7:46 AM

ගල් පර්වත සංකේතය - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ටිල්වින් සිල්වා මේ කියන කතාව ඇත්ත.
  • ගල් පර්වත සංකේතයෙන්ම ගත්තොත්, අපි නම් ගල් පර්වත අස්වද්දන්න හිතන්නෙවත් නැහැ.
  • තේරුමක් ඇති වැඩක් නම් ගල් පර්වතයෙ ගල් කොරියක් දානවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ජවිපෙ ගැටලුවත් ඒකම තමයි. මේ වෙනකොට ජවිපෙ නායකත්වය කරන්නෙ ගල් පර්වත අස්වැද්දිය හැකියි වගේ බොරුවක් සමාජගත කරන එක. සමහර නායකයිනුත් ඒක විශ්වාස කරනවා යයි හිතෙනවා. සාමාජිකයන් ඒක හිස් මුදුනින් පිළිගන්නවා. ඒක තමයි අනුගාමිකයාගේ කාර්යය විදියට ජවිපෙ හඳුනාගෙන තියෙන්නෙ.

ජවිපෙ මූලික ප්‍රශ්නය තමයි දෘෂ්ටිවාදය. ඒ දෘෂ්ටිවාදය හරියට ගල් පර්වත අස්වැද්දීම තමයි විසඳුම වගේ විශ්වාසයක්. ඒක තේරුමක් නැති වැඩක්ය කියලා ඔවුන් තේරුම් ගන්නකොට පෙසප ඇවිත් කියනවා උන් ඒක හරියට කළේ නැහැ. අපි බලයට ඇවිත් ගල් පර්වත හරියට අස්වද්දනවාය කියලා. ඔවුන්ව මෙහෙයවෙන්නෙ මේ දෘෂ්ටිවාදීමය තරගකාරීත්වය මත. දෘෂ්ටිවාදයන් ගල් පර්වත වගේ ඔවුන් යට කරලා.

ගල් පර්වත සංකේතයෙන්ම ගත්තොත්, අපි නම් ගල් පර්වත අස්වද්දන්න හිතන්නෙවත් නැහැ. උඩට නැගලා බැලුවාම හොඳ වීව් එකක් තියෙනවා නම්, අපි ගල් පර්වතය උඩ ඒක බලන්න ටුවරිසම් එකක් හදනවා. තේරුමක් ඇති වැඩක් නම් ගල් පර්වතයෙ ගල් කොරියක් දානවා. එහෙමත් නැතිනම් ඒකට ඔහේ තියෙන්න අරිනවා.

සීගිරිය උඩට ගඩොල් අදින්න ඕනැ නම්, අපි නම් කරන්නෙ ඒක කරන්න පුළුවන් සමාගමකට ඒක කොන්ත්‍රාත් දෙන එක. ඒගොල්ලන් සමහර විට ජවිපෙට උප කොන්ත්‍රාත් දෙයි. අපට මොකද? අපියි ජවිපෙයි වෙනස් ඒ නිසා.

අපි ගල් පර්වත වගේ මිනිස්සුත් නෙමෙයි. ඕනැ නම් බටර් වගේ දියවෙලා යන්නත් අපට නම් පුළුවන්.

දේශපාලන ශ්‍රමිකයා හා කළමනාකරුවා -(අජිත් පැරකුම් ජයසිංහ)(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගල් පර්වත සංකේතය - (අජිත් පැරකුම් ජයසිංහ) | The Leader