The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
Opinion

'දෙරණ' භාෂණයේ නිදහසට එරෙහිව නඩු කියන එක මරු - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

December 9, 2023 • 8:29 AM

 'දෙරණ' භාෂණයේ නිදහසට එරෙහිව නඩු කියන එක මරු - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙරණ හසාට විරුද්ධව නඩු දාලා තියෙනවා. ඒක මරු.
  •    අපිට නඩුවකින් බලාගන්න පුළුවන් අපහාසය සහ භාෂණය නැත්තං අදහස් ප්‍රකාශ කිරීම ගැන නීතිමය ස්ථාවරය.
  • යම් මාධ්‍ය ආයතනයකට රටෙන්ම අපහාසයක් එල්ල වෙනවා නම් ඒක උසාවියට යන්න ඕන කාරණයක් ද තමන්ගෙ පැත්තට හැරිලා තමන්වම විනිශ්චය කරන්න ඕන කාරණයක්ද කියලා කල්පනා කරන එක මං හිතන්නෙ මාධ්‍ය සදාචාරය පැත්තෙන් වැදගත් වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මාධ්‍යයක් භාෂණයේ නිදහසට එරෙහිව නඩු කියන එක මරු.

ඒක භාෂණයක් නෙමෙයි අපහාසයක් කියලයි දෙරණ කියන්නෙ.   Hasalak 2023

අපිට නඩුවකින් බලාගන්න පුළුවන් අපහාසය සහ භාෂණය නැත්තං අදහස් ප්‍රකාශ කිරීම ගැන නීතිමය ස්ථාවරය.

දෙරණට මේ වෙන්න යන දේ අයිරනියක්. ඒක දෛවෝපගතයි.

හසා බනින්නෙ දෙරනෙ නින්දිත මාධ්‍ය හැසිරීමට.

මෑතක දෙරණ මැදිරියටම ඇවිත් රටේ අමාත්‍යවරයෙකුත් මේ විවේචනය කළා. (දෙරණට අනුව අපහාසය). මේ වෙද්දි සමාජ මාධ්‍ය පුරා දෙරණට මේ අපහාසය සිද්ද වෙනවා.

යම් මාධ්‍ය ආයතනයකට රටෙන්ම අපහාසයක් එල්ල වෙනවා නම් ඒක උසාවියට යන්න ඕන කාරණයක් ද තමන්ගෙ පැත්තට හැරිලා තමන්වම විනිශ්චය කරන්න ඕන කාරණයක්ද කියලා කල්පනා කරන එක මං හිතන්නෙ මාධ්‍ය සදාචාරය පැත්තෙන් වැදගත් වෙනවා.

කොහොම වුනත් මේ අපහාසය දෙරණ තමන්ගෙ ඔඩොක්කුවට දාගන්නෙ නතාෂා ගෙ සිදුවීම මුල්කර ගෙන.


නතාෂා ගැන දෙරණ මාධ්‍ය වාර්තා පලකරපු හැටි ගැන අපි අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවෙ පැමිනිල්ලක් දාලා තියෙනවා . ඒක තාම විභාගයට අරගෙනත් නෑ.

මේ නඩුව ඒ ගැන ආපහු විමර්ශනය කරන්නත් හොඳ නිමිත්තක් වෙයි.

නතාෂා ට කරපු අපහාසය වෙනුවෙන් ගෙවිය යුතු වන්දිය දෙරණ ගෙවමින් ඉන්නවා කියල මං හිතනවා.

ඒක තමන්ගේ කැමැත්තෙන්ම කිරීම අගය කළ යුතු කාරණයක්.


Chinthana D
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
#truepatriotlk
 #godayamu

vyadhadeva@gmail.com
(උපුටා ගැනීම - Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

සබැඳි ලිපි :

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...