The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
Opinion

'හරකා' යනුවෙන් ඇමතීම ගෞරවයකි - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

December 20, 2023 • 3:24 PM

'හරකා' යනුවෙන් ඇමතීම ගෞරවයකි - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "හරකා" යනුවෙන් ඇමතීම ගෞරවයකි. ඇතැමුන් විසින් හරකා යන්න අපහාසයක් ලෙස යොදා ගත්තත්
  • උදාහරණයක් ලෙස කොටියාට ඒ ආකාරයට මිනිස් සත්ත්වයා සමග ගනුදෙනු කළ නොහැකිය.
  • ඒ අනුව ගත් කල හරකාගේ මෝඩකම යනුවෙන් නිර්ණායකයක් ඇත්නම් එය දෙවැනි වන්නේ මිනිසාගේ මෝඩකමට පමණක් විය යුතුය.
  • නමුත් ඒ තරම් උදව් කරන හරකාට ඇතැම් මිනිස් සතුන් සලකන්නේ කෙසේද?
අකුරු ප්‍රමාණය (Font Size):

එය අතාර්කිකය. ඒ මෙසේය.

හරකා යනු මිනිස් සත්ත්වයා සමග ගනුදෙනු කරන සත්ත්වයෙකි. අනාදිමත් කාලයක සිට මිනිසා සමග උරෙන් උර වැඩ කරන හරකා මිනිසාගේ සමීප මිතුරෙකි. මිනිස් පැටවුන් වසු පැටවුන් මෙන් හරක් කිරි බොයි. හරකාගේ අසුචි යොදා නිපදවන ආහාර මිනිස් සත්ත්වයා කෑමට ගනියි.

කරත්ත මගින් ගමනාගමනය, භාණ්ඩ ප්‍රවාහනය, ගොවිතැන් කටයුතු කිරීම සඳහා හරකා සිය ශ්‍රමය මිනිස් සත්ත්වයට ලබා දෙයි. ඒ වෙනුවෙන් මිනිස් සත්ත්වයා හරක් සත්ත්වයාට කලගුණ සලකයි. එම සේවය වෙනුවෙන් හරකා දේවත්වයෙන් පවා සලකන උතුම් සමාජ තිබේ.

xcbdry
සත්ත්ව විශේෂ දෙකක් මේ ආකාරයට එකිනෙකා සමග ගනුදෙනු කිරීමට නම් එම සත්ත්ව විශේෂ දෙකෙහි බුද්ධි මට්ටම් ගැලපිය යුතුය. සත්ත්ව විශේෂ දෙකක් අතර සන්නිවේදනය කිරීමට නම් ඔවුන් අතර කිසියම් සමානත්වයක් තිබිය යුතුය. කරත්තය, නගුල වැනි තාක්ෂණික යන්ත්‍රෝපකරණ භාවිත කිරීමට තරම් හරකාට බුද්ධියක් තිබේ. වෙනත් සතුන්ට ඒ තරම් බුද්ධියක් නොමැත. උදාහරණයක් ලෙස කොටියාට ඒ ආකාරයට මිනිස් සත්ත්වයා සමග ගනුදෙනු කළ නොහැකිය. මිනිස් මොළයේ හැදෙන විඤඤාණ හා සමාන සංකීර්ණ හැදෙන්නේ නැත්නම් ඒ ආකාරයට මේ සත්ත්වයන් දෙදෙනාට සාමූහිකව වැඩ කළ නොහැකිය. ඒ අනුව ගත් කල හරකාගේ මෝඩකම යනුවෙන් නිර්ණායකයක් ඇත්නම් එය දෙවැනි වන්නේ මිනිසාගේ මෝඩකමට පමණක් විය යුතුය.


නමුත් ඒ තරම් උදව් කරන හරකාට ඇතැම් මිනිස් සතුන් සලකන්නේ කෙසේද? ඉතාම අවිහිංසාවාදී සත්ත්වයෙකු වන හරකා වධකාගාරයට දක්කා ගෙල කපා මහත් වේදනා දී ඝාතනය කරයි. ඉන් පසුව එම සත්ත්වයාගේ මාංශය කෑලිවලට කපා අපුල යන්නට තුනපහා යොදා උයා ආහාරයට ගනියි. ඒ අනුව ගත් කල මේ සත්ත්වයන් දෙදෙනාගෙන් සැබැවින්ම වඩාත් මෝඩ වන්නේ මිනිසා නොවේද?

zxdfsde
කෘෂිකාර්මික ශිෂ්ටාචාරයක් වන අපගේ රාජ්‍යයේ ඇතැමුන් හරකා යන්න අපහාසයක් ලෙස යොදාගැනීමට පෙළඹුණේ කෙසේද? මා හිතන්නේ එයට බොහෝ සෙයින් බලපා ඇත්තේ සාහසික හිංසාකාරී ජනතා විමුක්ති පෙරමුණ වැනි සංවිධාන විසින් කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැතිව සිදුකරන හිස් ප්‍රකාශ බවයි. ඔවුන්ට අනුව හරකා යනු මෝඩ සතෙකි. එය අතාර්කික සංකල්පයකි. අහිංසක බව සහ පරෝපකාරය මෝඩකම් ලෙස දැකීම නම් මෝඩකමකි. එය නිර්මාල් දේවසිරි දේශනා කරන ආකාරයේ ව්‍යවස්ථා උල්ලංඝනයකි.


එබැවින් කිසිවෙකු ඔබට හරකා යැයි අමතන්නේ නම් ඔවුන්ට මේ විද්‍යාත්මක කාරණය තේරුම් කර දෙන්න. ජනතා විමුක්ති පෙරමුණේ අයෙකු නම් මේ තරම් ගැඹුරු කාරණයක් තේරුම් ගැනීමට ඔවුන්ට නොහැකි නිසා කරදර නොවන්න.


 ධර්මය අපට මග වේවා!

eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...