The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
Opinion

මාලිමාව යනු කුමක්ද?- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

December 21, 2023 • 4:05 AM

මාලිමාව යනු කුමක්ද?- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාලිමාවේ ආගමනය ගැන වගේම ඒකෙ විකාශනය ගැනත් දේශපාලන අධ්‍යනයක් තවමත් හරිහමන් විදියට කෙරෙන පාටක් පේන්න නැහැ.
  • මම හිතන්නේ මාලිමාව කියන ජනප්‍රිය ප්‍රපංචය ආරම්භ වෙන්නේ අනුරුද්ධ ජයසිංහගේ ''ගින්නෙන් උපන් සීතල'' (2018) කියන ෆිල්ම් එක එක්ක.
  • ඒ ෆිල්ම් එකෙන් රෝහණ විජේවීර කියන චරිතය අපි දන්න කෙනාගෙන් වෙනත් කෙනෙකු බවට ඔසවා තබනවා.
  • මේ රට බංකොලොත් කරපු සහ මේ ආර්ථික පීඩනයට අපි ඔක්කොම හසුකරපු හිටපු පාලකයින්ට දඬුවමක් දෙන්න කවුරුහරි දැන් මිනිස්සු හොයනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

හැබැයි මාලිමාවේ මේ මොහොතේ දේශපාලන නම් ගොඩක් දුරට ලංකාවේ බලපෑම් සහගත වෙමින් යන බවනම් පේනවා.

ff34636

මම හිතන්නේ මාලිමාව කියන ජනප්‍රිය ප්‍රපංචය ආරම්භ වෙන්නේ අනුරුද්ධ ජයසිංහගේ ''ගින්නෙන් උපන් සීතල'' (2018) කියන ෆිල්ම් එක එක්ක. ඒ ෆිල්ම් එකෙන් රෝහණ විජේවීර කියන චරිතය අපි දන්න කෙනාගෙන් වෙනත් කෙනෙකු බවට ඔසවා තබනවා. ඒ අතින් ෆිල්ම් එකක් කියන්නේ වැදගත් දෙයක්. 

ඊටත් අමතරව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යටතේ විශ්වාස කරන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් නැතිවීම මාලිමාවේ මේ ආගමනයට බලපාපු තවත් වැදගත් කරුණක්.

ලංකාව බංකොලොත් වීම සහ පැවති ප්‍රභූ දේශපාලනයේ දූෂණය, හොරකම සහ අකාර්යක්ෂම කළමනාකරණය ගැන යම් පිළිගත හැකි අඛ්‍යාණයක් (narrative- කතාවක්) ඉදිරිපත් කරන්න ඔවුන්ට පුළුවන් වීමත් තවත් වැදගත් මානයක්.



සාපේක්ෂව ගත්තම මහජන දේපළ සම්බන්දයෙන් වැඩි අවධානයක් තියන සංවිධානයක් හැටියටත් ඔවුන් පසුගිය කාලයේ මිනිස්සුන්ගේ හිතගන්න උත්සාහ කළා. 

මේ ඔක්කොමට වඩා තියෙන්නේ මිනිස්සුන්ගේ කේන්තිය (public anger). මේ රට බංකොලොත් කරපු සහ මේ ආර්ථික පීඩනයට අපි ඔක්කොම හසුකරපු හිටපු පාලකයින්ට දඬුවමක් දෙන්න කවුරුහරි දැන් මිනිස්සු හොයනවා. ඒක දැන් ගිහිල්ල තියෙන්නේ මාලිමාවට.

ඒ නිසා මේ වෙලාවේ ලාංකික දකුණේ ''ආවේගය කළමනාකරණය'' කරන්න පුළුවන් කාට උනත් මේ චාන්ස් එක තියනවා. 

පන්නමු! විරෝධතා පාගමනට මගදිගට ජනතා හරසර
සංවිධානයක් හැටියට ''හොරුන්ට දඬුවම් දීම'' ගැන දිගටම කිව්වේ මාලිමාව හින්ද මිනිස්සු දැන් ඒ දිහා බලනවා. ආසාවෙන් කතා අහන්න යනවා. එයාල ලස්සනට කතාත් කියනවා. හොරු කියන එක නැගල යන අනේකත්වයක් (Otherness). 

පරණ වමෙන් කැඩිලා අලුත් රූපයක් එක්ක යන මේ ගමන ඔවුන් සාර්ථක කරගන්න පුළුවන්. විප්ලවයක් ගැන වැඩිය හිතන්නේ නැතුව සමාජයේ සමහර දේවල් ප්‍රතිසංස්කරණය (reforms) ගැන විතරක් කතාකරන නිසා දැන් ජවිපෙ සහ ජාතික ජන බලවේගය අයිති වෙන්නේ නව සමාජ ව්‍යාපාර කියන ප්‍රවර්ගයට.

කමක් නැහැ අපි බලාන ඉම්මු....


බලාගෙන හැදෙන්න මෙච්චර දේවල් තියන රටක....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...