The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
Opinion

බෞද්ධ ශාසනයේ යහ පැවැත්මට අවහිර කරන්නේ කව්ද ? - (මුගුණුවටවන සිද්ධත්ත හිමි)

T

The Leader Desk

December 21, 2023 • 8:06 AM

බෞද්ධ ශාසනයේ යහ පැවැත්මට අවහිර කරන්නේ කව්ද ? - (මුගුණුවටවන සිද්ධත්ත හිමි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බෞද්ධ ශාසනයේ යහ පැවැත්මට චේතනාන්විතව අවහිර කරන්නේ කවුරුන් විසින්ද යන්න සමස්ත සමාජයම නිවැරදිව තේරුම්ගත යුතුය.
  • අප මෙම කරුණ පිළිබඳව අවධානය යොමු කරන්නේ මෑත යුගයේදී ශ්‍රමණ ප්‍රතිරූපකයන් කිහිප දෙනෙකු විසින් බෞද්ධ ශාසනයට මෙන් ම රටේ සංස්කෘතික යහපැවැත්මට කර ඇති නිග්‍රහයන් පිළිබඳව පළ වූ වාර්තාවන් සැළකිල්ලට ගනිමිනි.
  • එකී පුද්ගලයා විසින් සිදු කර ඇති සාහසික ක්‍රියා හදුනාගැනීමට නම් ඔහු විසින් සුනඛයෙකුට භික්ෂු චීවරය පොරවා එය සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදාහැරීම පමණක් තේරුම්ගැනීම වුවද  ප්‍රමාණවත්ය.
  • මෑත භාගයේ දී එවැනි හද කම්පා කරන සිදුවිම් ගණනාවක්ම වාර්තා වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


සම්බුද්ධ ශාසනයේ යහපැවැත්ම ශ්‍රී ලංකාවට අදාලව සළකා බැලීමේ දී සුවිශේෂ වන්නේ එය ලංකාවාසීන්ගේ ලෝකෝත්තර විමුක්ති මාර්ගයක මූලික පදනම ස්ථායි කරගැනිමට ලබාදෙන දායකත්වයෙහි වැදගත්කම මත පමණක්ම නොවේ. එය ශ්‍රී ලංකාවේ සංස්කෘතික හර පද්ධතිය පමණක් නොව සමාජයේ යහපැවැත්මෙහි මූලික පදනම ද සංකේතවත් කරන හෙයිනි. භික්ෂු සමාජයේ ස්ථාවරත්වය මෙන් ම ඒ සඳහා පාදම වන ශ්‍රී ලාංකේය භික්ෂුවගේ පරමාදර්ශයන් රටට මෙන් ම සමස්ත ලෝකයට ද ඉතා වැදගත් වන්නේ එහෙයිනි.

එකී වැදගත්කම සලකා බැලීමේදී ශාසනයට මුවා වෙමින් එක්තරා සීමිත පිරිසක් භික්ෂුන් ලෙස පෙනී සිටිමින් සිදු කරන අගතිදායක ක්‍රියාවන් පිලිබඳව මේ රටේ ශාසන භාරධාරී මහතෙරවරුන් වහන්සේලාගේ පමණක් නොව රාජ්‍ය පාලනයට සම්බන්ධ සියළු බලධාරිනගේ ද ප්‍රමුඛ හා ගැඹුරු අවධානයක් යොමු කරවීම අත්‍යාවශ්‍යය. අප මෙම කරුණ පිළිබඳව අවධානය යොමු කරන්නේ මෑත යුගයේදී ශ්‍රමණ ප්‍රතිරූපකයන් කිහිප දෙනෙකු විසින් බෞද්ධ ශාසනයට මෙන් ම රටේ සංස්කෘතික යහපැවැත්මට කර ඇති නිග්‍රහයන් පිළිබඳව පළ වූ වාර්තාවන් සැළකිල්ලට ගනිමිනි.

4 3

‘‘විශ්ව බුද්ධිමුණි’’ නමින් භික්ෂුවක ලෙස පෙනී සිටි පුද්ගලයා

එහි ආසන්නතම සිදුවිම වන්නේ බෞද්ධාගමට අපහාසයක් සහ ආගමික සංහිඳියාව බිඳී යන ආකාරයේ ක්‍රියාවක් සිදු කර ඇති රත්නපුරේ විමල බුද්ධි හා ‘‘විශ්ව බුද්ධිමුණි’’ නමින් භික්ෂුවක ලෙස පෙනී සිටි පුද්ගලයෙකු මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් තීන්දු කර තිබීමය. එකී පුද්ගලයා විසින් සිදු කර ඇති සාහසික ක්‍රියා හදුනාගැනීමට නම් ඔහු විසින් සුනඛයෙකුට භික්ෂු චීවරය පොරවා එය සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදාහැරීම පමණක් තේරුම්ගැනීම වුවද  ප්‍රමාණවත්ය. අප මෙය සළකන්නේ එය මේ රටේ සිදු වූ හා සිදු වෙමින් පවතින එකම ශාසන විලෝපීය සිදුවීම වශයෙන් නොවේ. මෑත භාගයේ දී එවැනි හද කම්පා කරන සිදුවිම් ගණනාවක්ම වාර්තා වී ඇත.



එවැනි අගෝචර ක්‍රියාවන් තවදුරටත් සිදුවනු වැළැක්වීම ප්‍රධාන වශයෙන් ම මේ රටේ ශාසන භාරධාරී  මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ හා ඒ ඒ නිකායන් හි වගකීමය.එහිදී ඇතැම් සිදුවීම් පදනම් කරගනිමින් අප රටේ මහානායක මාහිමිපාණන් වහන්සේලා යම් යම් අවස්ථාවලදී හැකි උපරිම ආකාරයෙන් කටයුතු කර ඇති බව ද උන් වහන්සේලාට ගෞරවයක් වශයෙන් සඳහන් කල යුතුය. නමුත් ඉන් ඔබ්බට ඵලදායි මැදිහත්වීමකට ඇති තිරණාත්මක බාධාව වී ඇත්තේ ඒ සඳහා නෛතික ප්‍රතිපාදන උන්වහන්සේලා වෙත පවරා නොතිබීමය. එය මේ රටේ ශාසන හිතකාමී බෞද්ධ භික්ෂුන් වහන්සේලා මෙන්ම සැදැහැවත් ගිහි සමාජය ද මැනවින් තේරුම්ගත යුතුය. 

පාර්ලිමේන්තුව අද රෑ අවසන් කරයි ! - යළි විවෘත කිරීම පෙබ. 8
එයට ඇති එකම ප්‍රතිකර්මය දැනටමත් සකස් කර ඇති නිකාය කතිකාවත් පනත් කෙටුම්පතට නෛතික බලයක් ලබාදීමය. එය සිදු කල යුතුව ඇත්තේ මේ රටේ නීති සම්පාදන කාර්යයේ පරම වගකීම පැවරී ඇති ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය විසිනි. එකි වගකීම මේ දක්වා ඉටු නොවීම අප සැළකිය යුත්තේ මේ රටේ බෞද්ධ ශාසනයේ යහපැවැත්මට චේතනාන්විතව කරන අවහිර කිරීමක් ලෙසටය. මේ බව දැන්වත් මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් තේරුම්ගත යුතුය. එමෙන්ම ඒ පිළිබඳව අදාල බළධාරින්ගේ හා ආයතනවල අවධානයට යොමු කරවමින් ඒ බව ඔවුන් වෙත පෙන්වාදීම ද මේ රටේ ගරු කටයුතු මහා සංඝරත්නයේ වගකීම වී ඇති බව අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කරනු කැමැත්තෙමු.

WhatsApp Image 2023 12 21 at 8.01.02 AM(මුගුණුවටවන සිද්ධත්ත හිමි)
වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක,තිස්සව රජමහා විහාරාධිපති
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ භික්ෂු සංසදයේ සභාපති

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...