The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
Opinion

රවට්ටගෙන ගිහින් වීඩියෝ කරලා !

T

The Leader Desk

December 21, 2023 • 11:37 AM

රවට්ටගෙන ගිහින් වීඩියෝ කරලා !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහනුවර පැත්තෙ සිසුවියන් රවටාගෙන කාමරවලට ගෙනිහින් අසභ්‍ය චිත්‍රපටි හදපු පාසැල් සිසුන් දෙන්නෙක් අත්අඩංගුවට අරගෙන.
  • ඒත් මේ විදිහට තර්ජනය කරමින් අපචාරයට ලක් කිරීමට ඇති සංස්කෘතික ඉඩ මේ විදිහෙ හුදකලා සිදුවීමක් නීතිය ඉදිරියට පැමිණවීමෙන් අවසන් වෙන්නෙ නෑ.
  • ඒ අපචාරී දෘෂ්ටිය සමාජය ඇතුලෙ බලයත් එක්ක නඩත්තු කරන්නෙ.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ සිසුවන් දෙදෙනා කෙල්ලන් සමග හාද වී ඔවුන්ගේ නිරුවත රූගත කරගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින වගට තර්ජනය කරමින් මේ සිසුවියන් අපයෝජනය කරලා තියෙනවා.

මේක බරපතල වරදක්. ඒ ගැන කතා දෙකක් නෑ.

ඒත් මේ විදිහට තර්ජනය කරමින් අපචාරයට ලක් කිරීමට ඇති සංස්කෘතික ඉඩ මේ විදිහෙ හුදකලා සිදුවීමක් නීතිය ඉදිරියට පැමිණවීමෙන් අවසන් වෙන්නෙ නෑ. ඒ අවකාශය තව තවත් විවෘත වෙනවා.

sex education

කෙනෙක් තමන්ගේ නිරුවතක් ඉන්ටර්නෙට් එකට දානවා කියන පලියට බියට පත්නොවන සංස්කෘතියක් නිර්මාණය කරන්න ඕන. නිරුවත හෝ ලිංගිකව හැසිරීම කියන එක මහා රහසිගත දෙයක් කියන සෙක්ස් ඇරියස් මනෝභාවය ආමන්ත්‍රණය කරන්න ඕන. ඒකට සෙක්ස් මැජික් නැති සමාජයක් නිර්මාණය වෙන්න ඕන.

ලැජ්ජයි පොලිසිය !

පොලිසිය කියන්නෙ ඒකෙ අනිත් පැත්ත. පොලිසිය තමයි අපචාර සංස්කෘතිය පවත්වාගෙන යන්නෙ. ඒ අපචාරී දෘෂ්ටිය සමාජය ඇතුලෙ බලයත් එක්ක නඩත්තු කරන්නෙ. කොටින්ම වැඩබලන පොලිස්පති පවා බලහත්කාර අත්අඩංගුවට ගැනීමකට සහ ලිංගික අතවර කිරීමකට උසාවියෙන් වරදකරුවෙක් වෙලා තියෙනවා.

මේ සිසුවන්ගෙ ෆෝන් පරීක්ෂා කිරීමේදී තවත් තරුණියන්ගේ අසභ්‍ය යැයි කියන දර්ශන පොලිසියට හම්බුවෙලා තියෙනවා. ඒ දර්ශන අසභ්‍යයි කියන්නෙ ඇයි කියල දන්නෙ දෙයියො තමයි. දෙන්නෙක් ලිංගිකව හැසිරීමක වීඩියෝවක් අසභ්‍ය නෑ. එය අනවසරයෙන් රූගත කිරීම හෝ මුදාහැරීමයි අසභ්‍ය ක්‍රියාව වෙන්නෙ.

කොහොම වුනත් පොලිසිය අතට තවම අන්තර්ජාලයට මුදා නොහැරපු නිරුවත් දර්ශන පත්වීම තමයි භයානකම. මේ වීඩියෝ පොලිසිය සතුව තිබියදීම අන්තර්ජාලය මුදාහැරීමක් සිදු නොවේ යැයි ස්ථිරව කියන්න පුළුවන් සදාචාරයක් පොලිසියට තියෙනවද? රංජන් රාමනායකගේ හඩපටවලට සිද්ද වුනේ මොකක්ද?


හෑලි ටයිම්ස් - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -facultyofsex.com)

සබැඳි පුවත් :
'අසභ්‍ය චිත්‍රපට' හැදූ මහනුවර පාසල් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට

සයිබර් අවකාශය ඔස්සේ ළමුන් අපයෝජනයට ලක්වන සිද්ධි 98,000ක්

ගූගල් ලබාදුන් තොරතුරු අනුව සිදුකළ පළමු අත්අඩංගුවට ගැනීම


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...