The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
Opinion

ජනාධිපති අපේක්ෂකයින්ට සරළ ප්‍රශ්න ටිකක්

T

The Leader Desk

January 1, 2024 • 5:57 AM

ජනාධිපති අපේක්ෂකයින්ට සරළ ප්‍රශ්න ටිකක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැනටම තමන් ජනාධිපති යැයි සිතන අපේක්ෂකයින්ට සරළ ප්‍රශ්න ටිකක්
  • 2024 අවුරුද්දේ සැප්තැම්බර හෝ ඔක්තෝම්බරයේදී ය.
  • එහෙත් දැනටම තමන් ජනාධිපතිවරණය ජය ගෙන ඇතැයි සිතන අපේක්ෂකයින් ඇත.
  • ඒ අතර අපේක්ෂකයත්වය නිල වශයෙන් නැතත් තමන් අපේක්ෂකයෙකු යැයි දන්වා ඇති අයත් ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ 2024 වසරට පය ගසන මොහොතය. ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත් වෙන්නේ තව මාස නවයකිනි. 2024 අවුරුද්දේ සැප්තැම්බර හෝ ඔක්තෝම්බරයේදී ය. එහෙත් දැනටම තමන් ජනාධිපතිවරණය ජය ගෙන ඇතැයි සිතන අපේක්ෂකයින් ඇත. තවත් කිහිප දෙන අපේක්ෂකයින් වීමට අතන මෙතන ඉත්තෝ අදිති. ඒ අතර අපේක්ෂකයත්වය නිල වශයෙන් නැතත් තමන් අපේක්ෂකයෙකු යැයි දන්වා ඇති අයත් ඇත. අවසානයේ අපේක්ෂකයින් කී දෙනෙකු තරග කරනු ඇති දැයි දැනට කිව නොහැක.

මගේ මේ සරළ ප්‍රශ්න කිහිපය යොමු කෙරෙන්නේ ඒ රොත්ත බුරුත්තටම නොවේ. මේ ප්‍රශ්න කිහිපය යොමු කරන්නේ ප්‍රධාන අපේක්ෂකයින් දෙතුන් දෙනාට ය. ඒ අයගෙන් බලාපොරොත්තු වන්නේ න්‍යායික හෑලි නොවේ. වෙනත් රටවලට ඇඟිලි දිගු කර උත්තර දීමක්ද නොවේ. ඒ දෙතුන් දෙනාගෙන් බලාපොරොත්තු වන්නේ සාමාන්‍ය ජනතාවට තේරුම්ගත හැකි සරළ පැහැදිලි උත්තර ය. දැන් වෙලාව කීයදැයි ඇසූ විට, ඔරලෝසුවේ සන්නාහ නාමයයි, හැදූ රටයි, සමාගමයි, වටිනාකමයි පිළිබඳ විස්තර අවශ්‍ය නොවේ. අහන්නේ වෙලාවය. කිව යුත්තේ වෙලාවය.

මේ එවැනි උත්තර බලාපොරොත්තුවෙන් අසන ප්‍රශ්න කිහිපයකි.

ඉතින්, මේ එම ප්‍රශ්න කිහිපය ය.

 130398266 gettyimages 1249049232
01. ඉදිරි වසර 05 අවසන් වනවිට, සාමාන්‍යයෙන් කිවහොත් 2030 වන විට, ඔබ බලාපොරොත්තු වන්නේ කුමන ආකාරයේ සමාජ ආර්ථික වර්ධනයක් ඇති ශ්‍රී ලංකාවක්ද?

02. ඒ වෙනුවෙන් ඔබ “ජාතික සංවර්ධනය” අර්ථ දක්වන්නේ කෙසේද? ඔබට අනුව “ජාතික සංවර්ධනය” යනු කවර ආකාරයේ දියුණුවක්ද?

03. විදේශ ණය ගැන කතාවට මූලික හේතුව වන භාණ්ඩ හා සේවා ආනයනය සඳහා වන ඩොලර 21 ක් හෝ 22 ක් පමණ වන වාර්ෂික වියදම මෙතෙක් පියවා ගැනීමට නොහැකිව ඇත්තේ, තවමත් විදේශ ආදායම ලෙස උපයා ගත හැක්කේ ඩොලර බිලියන 17 ක් හෝ 18 ක් පමණ වන හෙයින්ය. ඉදිරි වර්ෂ කිහිපයේදී ඒ ආදායම ඩොලර බිලියන 22 ට පමණ වැඩි කර ගන්නේ කෙසේද? ගමේ අහිසංක තරුණ ශ්‍රමය මැද පෙරදිග පටවා ඩොලර් ගෙන්වා ගැනීම වැනි නරුම විසඳුම් බාර නොගන්නා බව කිව යුතුය.

රාජ්‍ය ආයතන 120ක් ඈවරයි !

04. සියලු රාජ්‍ය ආයතන, නීතිය හා සාමය නඩත්තු කිරීමේ සිට අධිකරණ ක්‍රියාවලිය පසුකර රාජ්‍ය පරිපාලන, සෞඛ්‍ය, අධ්‍යාපන හා ග්‍රාම නිලධර සේවාව දක්වා සමස්ථය පිරිහුණු, අකාර්යක්ෂම හා දූෂිත සේවා ආයතන බවට පත්ව ඇති බව රටම දන්නා කාරණාවකි. ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, කප්පම් ගැනීම්, අන්තරායකර මත් ද්‍රව්‍ය ආනයනය හා අලෙවිය, මිනී මැරීම් විශාල වශයෙන් ඉහළ ගොස් ඇත්තේ ආර්ථික අර්බුදය නිසා නොවන්නේය. ආර්ථික අර්බුදයට විසඳුම් ක්‍රියාත්මක කිරීමටත් මේ ආයතන සියල්ල නැවත දූෂණයෙන් තොර කාර්යක්ෂම ආයතන බවට පත්කර ගත යුතුය. එය කරන්නේ කෙසේදැයි ඉතා කෙටියෙන් විස්තර බලාපොරොත්තු වෙමි.

 දෙමළ විරුවන් සැමරීමේ අයිතියට බාධා කිරීම 'අමානුෂිකයි'

05. නිදහස ලැබූ දිනටත් පෙර සිට වටයෙන් වටය උග්‍ර වූ දෙමළ ජනතාව ඉල්ලා සිටින ඔවුන්ටද රාජ්‍ය පාලනයේ සාධාරණ හවුලක් තබා ගැනීම සම්බන්ධ ආරවුල 1957 බණ්ඩාරනායක-චෙල්වනායගම් එකඟතා ගිවිසුමත් 1965 ඩඩ්ලි-චෙල්වනායගම් එකඟතා ගිවිසුමත් දකුණේ සිංහල දේශපාලන නායකයින්ගේ අන්තවාදය හේතුවෙන් අත හැර දැමුණු අතර, 1981 යාපනය පුස්තකාලය හා නගරයත් 1983 කළු ජූලියත් සමග ආණ්ඩුවේ අන්ත ජාතිවාදී සිංහල දේශපාලනය විසින් ජාතිවාදයට ප්‍රචණ්ඩත්වයක් එකතු කරනු ලැබීම නිසා බෙදුම්වාදී යුද්ධයක් දක්වා ඒ දෙමළ ජාතික දේශපාලන ඉල්ලීම වර්ධනය වූවත් දැන් ඔවුන් ඉල්ලා සිටින බලය බෙදීමේ යෝජනා හමුවේ ඔබලා ඉදිරිපත් කරන විසඳුම කුමක්ද? සමාජවාදී රටක් හදා ජාතික ප්‍රශ්නය විසඳීමේ කතා දෙමළ ජනතාවට අදාල නැත. එනිසා ඉදිරි ජනාධිපති මැතිවරණයෙන් පසු ලබා දෙන විසඳුම ගැන විස්තර බලාපොරොත්තු වෙමි.

මරබිය සමාජගත කිරීමේ මෙහෙයුමක් !

06. විවෘත වෙළඳපල ආර්ථිකයෙහි වසරක් පාසා මේ රටේ දුප්පත් පොහොසත් පරතරය දිගින් දිගටම වර්ධනය වන්නකි. දැනට කතාවන අයුරු ජාතික ආදායමෙන් සියයට 45 ක් පමණ බුක්ති විඳින්නේ ජනගහනයෙන් පොහොසත්ම සියයට 10 ක පිරිසකි. රටේ දුප්පත්ම සියයට 20 ට හිමි වන්නේ ජාතික ආදායමෙන් සියයට 15 ක් පමණ යැයි කියති. මේ හේතුවෙන් සේවා හා පහසුකම් බුක්ති විඳීමේ බරපතල විෂමතාවක්ද හැදී ඇත. මෙයට ලබා දෙන විසඳුම කුමක්දැයි කෙටි පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේය.

මෙම ප්‍රශ්න වෙනුවෙන් පැහැදිලි කිරීම් කරන්නට කිසිදු අපේක්ෂකයෙකුට දින දෙක තුනක් අවශ්‍ය නොවන්නේ යැයි මම සිතමි. ඔවුන් ජනාධිපතිවරණයට තරග වදින්නට දැනටම සූදානම්ව ඉන්නේ නම්, මේ ප්‍රශ්න සඳහා දැනටම ඔවුන් සතු විසඳුම් තිබිය යුතු හෙයිනි. එනිසා, ඉදිරි සති දෙකක කාලයේ මේ ප්‍රශ්න වෙනුවෙන් ඔවුන් විසඳුම් ප්‍රසිද්ධ කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2024 ජනවාරි 01 වන දින සඳහාය

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනාධිපති අපේක්ෂකයින්ට සරළ ප්‍රශ්න ටිකක් | The Leader