The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
Opinion

වික්‍රමසිංහට තරඟය ඇත්තේ අනුර සමගය - (අසේල ජයවර්ධන)

T

The Leader Desk

January 12, 2024 • 4:12 PM

වික්‍රමසිංහට තරඟය ඇත්තේ අනුර සමගය - (අසේල ජයවර්ධන)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 ජනාධිපතිවරණයට එන බව දැන් සක්සුදක් සේ පැහදිලිය.
  • ඔහු සුක්ශම ලෙස අනුර කුමර දිසානයක සහ සජිත් ප්‍රේමදාස හට ආර්ථිකය හැසුරුවීමට කිසිම ප්‍රතිපත්තියක් නැති බව කෙලින්ම කියා ඇත.
  • ගොඩහේවා ආර්ථික ප්‍රතිපත්ති වලට ප්‍රේමදාස එකග බව කී නිසා ස.ජ.බ.
  • ප්‍රේමදාසට වැරුදුනේ මේ තුන්කට්ටුව නිසා බව එත්තු ගන්නට ගොඩහේවාවගේ අයට යන්නේ පැයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙවර ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකය වන්නේ ජාතික ආර්ථිකය අතර එයට පිළිතුරු ඇත්තේ ඔහුට පමණක් බව ඔහු මේ වන විටත් අන්තර් ජාතික මුල්‍ය අරමුදලට සහ ගොලීය බලවතුන් වන අමෙරිකාව, චීනය, ජපානය සහ ඉන්දියාවට කෙලින්ම කියා ඇත.

ඔහු සුක්ශම ලෙස අනුර කුමර දිසානයක සහ සජිත් ප්‍රේමදාස හට ආර්ථිකය හැසුරුවීමට කිසිම ප්‍රතිපත්තියක් නැති බව කෙලින්ම කියා ඇත.

වික්‍රමසිංහ ඔහුගේ විරුද්ධවාදියන්ව තල්ලු කරන්නේ ඔහුගෙ පිට්ටනියටය.

ප්‍රේමදාස, ගොඩහේවා ලගට ගන්නේ, වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තියට සහමුලින් වෙනස් ප්‍රතිපත්තියක් ජනතාවට පිලිගන්නටය.

වික්‍රමසිංහ ජන්දය දින්නටනම් ප්‍රේමදාස තරගයෙන් ඉවත් කල යූතුය. එය ක්‍රමයෙන් ඔහු ක්‍රියාත්මක කරමින් පවති. ප්‍රේමදාසගේ කන්ඩායම බෙදීම ඔහු ක්‍රියාත්මක කලේ මීට මාස හයක සිටය. එය කළේ කාටත් නොපෙනෙන විදියට වුවත් දැන් එය එළිපිට වෙමින් පවති.

ගොඩහේවා ආගමනය වික්‍රමසිංහට කියලවත් කරගන්න බැරි දෙයකි. ගොඩහේවා ආර්ථික ප්‍රතිපත්ති වලට ප්‍රේමදාස එකග බව කී නිසා ස.ජ.බ. ආර්ථික මෙහයුවන් වන හර්ශ , එරාන් සහ කබීර් ඉන්නේ දෙලොවක් අතරය. තුන්කට්ටුව යහපාලන ආන්ඩුවේ ආර්ථික චන්ඩිය.  

මංගල මුදල් ඇමති කාලේ ඉරාන් ඔහුගේ දෙවනියාය. හර්ශ, රනිල්ගේ ප්‍රතිපත්ති හැදු ගෝලයාය. කබිර්ට තිබ්බේ රාජ්‍ය සමාගම් කලමනාකරනය සහ ප්‍රතිසංස්කරණ කටයුතුය. ඉරන් ස්‍රිලන්කන් ගුවන් සමගම් විකිනීමෙ පුරොගාමියාය. මේ තුන් කට්ටුව, ප්‍රේමදාසට උපදෙස් දුන්නේ ඒ ආර්තික ක්‍රමයෙන්ම ගොඩයන්නය. ප්‍රේමදාසට වැරුදුනේ මේ තුන්කට්ටුව නිසා බව එත්තු ගන්නට ගොඩහේවාවගේ අයට යන්නේ පැයකි.

තුන්කට්ටුව පසෙකලා ගොඩහේවා මතුවන්නේ මේ නිසාය. වික්‍රමසිංහට තුන්කට්ටුවෙන් වැඩක් නැතිය. නමුත් තුන්කට්ටුව ප්‍රේමදාස සමග සිටින තාක් කල්, වික්‍රමසිංහට ප්‍රේමදාසට හරි හමන් ආර්ථික ප්‍රතිපත්තියක් නැති බව මුලු ලෝකයටම පෙන්නන්න පුලුවන්ය.

වික්‍රමසිංහට මුලින් අවශ්‍ය, ප්‍රේමදාසව අන්තර්ජාතික ප්‍රජාව ඉස්සරහ නැති කර පසුව රටේ ව්‍යාපරිකයන්ට සහ වෘත්තීවෙදින්ගෙන් වෙන් කිරීමටය. පසුව මැද පන්තිය බිය කර, ප්‍රේමදාස ලග සිටින නායකයන් බිය කිරීමටය.

ප්‍රේමදාස සමග සිටින බොහෝ දෙනා වික්‍රමසිංහගේ ගෝලයන්ය. ඒ සැම එක්සත් ජාතික පක්ෂ දරුවන්ය. ඔවුන් ප්‍රේමදාස සමග එක්වුනේ 2020 පාර්ලිමේන්තු මැතිවරණය දිනන්න මිසක්, ප්‍රේමදාසට ඇති ආදරයක් නිසා නොවන බව රහසක් නොවේ. ප්‍රේමදාස ලග බලය ඇත්තේ ස.ජ.බ පැරන්නන්ට නොව අලුතින් ආ ගොඩහේවා සහ පීරිස් අතුල ප්‍රේමදාස මිත්‍ර සමාගටය.

රටේ ආර්ථිකය දරුනුය. ප්‍රේමදාසට ස.ජ.බ ආර්ථික ප්‍රතිපත්තිය හදන්න බැරිනම් රටේ ආර්ථික ප්‍රතිපත්තියක් හදා එය ක්‍රියාත්මක කරන්නට නොහැකි බව ඔහු විසින්ම රටට ඉදිරියේදි පෙන්නුම් කල දාට වික්‍රමසිංහ දිනන්නෙය.

තුන්කට්ටුවේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රේමදාස පිලිගත්තේ ස්ටේජ් එකක් උඩය. දැන් ඔහු ගොඩහේවා සමග තවත් ස්ටේජ් එකක් උඩ අයේමත් තව ආර්ථික ප්‍රතිපත්තියක් ජනතාවට පිලිගන්න වෙනවාය. ඒ ස්ටේජෙ එකේ තුන්කට්ටුවට ඉන්නට බැරිය. ප්‍රේමදාසට හිනා නොවුනත්, තුන්කට්ටුවට මිනිස්සු හිනා වෙන්නේ ඔවුන් ආර්ථික ඔස්තාර්ලා බවට ලොවට ප්‍රකාශ කල නිසාය.

ප්‍රේමදාස දැන් ඉන්නේ දෙලොවක් අතරය. වික්‍රමසිංහට ඕනෑ කරන්නෙත් එයමය. ආර්ථිකය ගොඩයන්න එකම විසදුම තමන් පමනක් බව හැමට එත්තූ ගන්නට වික්‍රමසිංහට අවශ්‍ය කාටවත් නොව, අන්තර්ජාතික ප්‍රජවටය.

ප්‍රේමදාස තරගයෙන් ඉවත් කල පසු, වික්‍රමසිංහට තරගය ඇත්තේ අනුර සමගය. අනුර මේ වෙලාවේ ජනප්‍රිය වුනත්, වික්‍රමසිංහ ඔහු දිහා ඇස් ඇර බලන්නේ නැත. ඔහු අනුරට කැමතිය. වික්‍රමසිංහගේ හීනය ඔහු  ජනපති වී, අනුර විපක්ෂ නායකයා වෙනවා බලන්නටය.

(අසේල ජයවර්ධන)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...