The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
Opinion

'මෙදා කවුරු හෝ ජනාධිපතිවරණය දිනන්නේ අනෙකුත් අය ඊට වඩා නරක නිසා' - (අසේල ජයවර්ධන)

T

The Leader Desk

January 13, 2024 • 4:34 PM

'මෙදා කවුරු හෝ ජනාධිපතිවරණය දිනන්නේ අනෙකුත් අය ඊට වඩා නරක නිසා' - (අසේල ජයවර්ධන)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • IMF රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අගයයි. බොහෝ අය හිතනවා IMF එකට යටවෙන්නේ
  • ඇත්තටම එය ණයකින් එහා ගිය ක්‍රියාවලියක්.
  • කවරුහරි මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වෙනුවට වෙන ක්‍රියාවලියක් තියෙනවා නම් රටට ප්‍රකාශ කලයුතුයි.
  • මතකද ඔහු ජිනීවා ගිහිල්ලා සරත් වීරසේකර එක්ක කරපු තද ප්‍රකාශ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඩොලර් බිලියන 2.9 ගන්න කියලා. ඇත්තටම එය ණයකින් එහා ගිය ක්‍රියාවලියක්. සංකීර්ණ ක්‍රියාවලියක්.

රටට ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. මුදල් විනය අවශ්‍යයි. අද මුදල් අච්චු ගහන්න බැහැ. මුදල් පරිපාලනයට සහ විනිවිදභාවයට තද නිතී අවශ්‍යයි.

ඉන් ඔබ්බට ගිහින් බැලුවොත් IMF ක්‍රියාවලිය ලොකේටම දෙන පණිවිඩය. බංකොලොත් රටක් ලොකේටම කියනවා අපි හැදෙන්න කැමතියි, අපි වෙනස් වෙන්න කැමතියි, අපි විනිවිද වෙන්න කැමතියි කියන පණිවුඩය.

අපි කොච්චර කිවත්, IMF නැත්නම් ලෝකය සහ ජ්‍යාතන්ත්‍ර මුල්‍ය් සමගම් අපිව තුට්ටුවකටත් ගනන් ගන්නේ නැහැ.


කවරුහරි මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වෙනුවට වෙන ක්‍රියාවලියක් තියෙනවා නම් රටට ප්‍රකාශ කලයුතුයි. IMF නොයා කරන විදිය රටට කිවයුතුයි. ඒ කියන ක්‍රියාවලිය අපිට ණය දුන්න රටවලුත්, පෞද්ගලික ණය හිමියනුත් පිලිගත යුතුයි.
අනුර සහ සජිත්, මේ ගැන විවේචනය කරනව ඇරෙන්න පිලියම් ගැන ක‍තා නොකරන එක මුලු ලොකේටම දැන් පෙනෙන්න අරගෙන.



සජිත් මේ වෙලාවේ ඉන්නේ දේශපාලනිකව ඉතා අමාරු අඩියක. එක පැත්තකින් තමුන් සමග ස.ජ.බ ආරම්භ කල දේශපාලන සගයින් සහ අනෙක් පැත්තෙන් පොහොට්ටු ලොක්කෝ කිහිපයක්.

ජනාධිපතිවරණය දිනන්න නම්, සජිත් තව අය එකතූ කල යුතුයි. සුමන්තිරන් කන්ඩායම තව කොටසක්.

xvgsdfsdf
ගොඩහේවා ජාතික ප්‍රශ්නයේ ඉන්නේ එහා කොනක. මතකද ඔහු ජිනීවා ගිහිල්ලා සරත් වීරසේකර එක්ක කරපු තද ප්‍රකාශ. ගොඩහේවා සහ වීරසේකරට ලක්ෂ 300,000 ට වඩා ලැබුනේ ඔවුන් ජිනීවා කල රංගනයේ ප්‍රතිපලයක් ලෙසයි.
සජිත්, සුමන්තිරන් සහ ගොඩහේවා එකට එක පිලේ ඉන්නේ කෙසේද? එක්කෝ සුමන්තිරන් තම ආත්මය පාවා දිය යුතුයි, නැතිනම් ගොඩහේවා තම තම ආත්මය පවා දිය යුතුයි.


බොහෝ දේශපාලකයන්ට ආත්මයක්, අගයක්, ප්‍රතිපත්තියක් නැති බව ඔබත්, මමත්, රටත් දන්න දෙයක්.

අඩුම තරමින්, අනුරට මොකක් හෝ ප්‍රතිපත්තියක් තියෙනව. සජිත්ගේ සැබැ ප්‍රතිපත්තිය කුමක්ද?


රාජිත හැමදාම හිටියේ පැත්ත ගියත් එක මතයක. බලය බෙදීම, සාමය සහ සහජීවනය පැත්තේ. ගොඩහේවා හිටගෙන ඉන්නේ එහා කොනේ. සජිත්, රාජිත එක්ක එකතුවෙලා බලය බෙදනවද, නැතිනම් ගොඩහේවා එක්ක් එකතු වෙලා බලය බිදිනවද.

ඉම්තියාස් බකීර් මකාර්, සැබවින්ම ලාංකිකයෙක්. චන්න ජයසුමන කියන්නේ නොම්මර එකේ ජාතිවදියෙක්. සජිත්, මේ දෙන්නගෙන් කාත් එක්කද හිටගන්නේ.


ජි.ල් පීරිස්, චන්ද්‍රිකා එකතු වෙලා සාමය ගේන්න පැකේජය ගෙනාපු පුද්ගලය. රනිල්ගේ, සාම සාකච්ඡා වල රජයේ නායකය. මහින්ද යුද්දේ කරනවිට, ප්‍රබල චරිතයක්. පීරිස් දැන් ඉන්නේ සජිත් එක්ක.

දුර්වල නායකන්, දුර්වල මිනිසුන් ලගට ගන්නව. දුර්වල රටවල් හැදෙන්නේ, දුර්වල මිනිසුන් නිසා නොව, දුර්වල නායකයන් නිසා.

අපේ රටට හෙන වැදුනේ හරි හමන් නායකත්වයක් නිසා. 2024 ජනාධිපතිවරණයට රට යන්නේ 50% ලබාගන්න බැරි එකදු නායකත්වයක් නැතිව.

මෙදා පාර කවුරු හෝ, ජනාධිපතිවරණය දිනන්නේ ඔහු හෝ ඈ හොද නිසා නොව, අනෙකුත් අය ඊට වඩා නරක නිසා..

(අසේල ජයවර්ධන) 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'මෙදා කවුරු හෝ ජනාධිපතිවරණය දිනන්නේ අනෙකුත් අය ඊට වඩා නරක නිසා' - (අසේල ජයවර්ධන) | The Leader