The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
Opinion

කැලණියෙන් ඇසුණු 'කළමනාකරණ' ශබ්දය - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

January 14, 2024 • 1:03 PM

 කැලණියෙන් ඇසුණු 'කළමනාකරණ' ශබ්දය - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් අධ්‍යන පාඨමාලාවක දේශනය සඳහා ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනට ආරාධනා කිරීම පිළිබඳ ව සමාජ මාධ්‍යයේ වැඩි
  • මීට පැයකට දෙකකට පෙර මා සජීවී ප්‍රවාහයකින් (මේ සමග ෂෙයාර් කර ඇති) දුටුවේ තරුණයන් දහ දොළොස් දෙනෙක් පමණ ඩඩ්ලි සිරිසේන කැටුව එන මෝටර් රථය නවතා විනාඩි පහළොවක් පමණ ඔහු විශ්ව විද්‍යාලයේ දේශනයක් කිරීමට නොසුදුසු කෙනෙක් බවට කරුණු දැක්වීම ය.
  • කතා කළේ එක ශිෂ්‍යයෙක් පමණක් වූ අතර, අනිත් අය සහයෝගය දෙමින් ළඟින් සිටි බවක් දක්නට ලැබිණ.
  • 1) ඩඩ්ලි සිරිසේනගේ හාල් ව්‍යාපාරය අසාධාරණ ලෙස කරන එකක් වීම නිසා ජනතාව ඉන් පීඩාවට පත්වීම හා 2) විශ්ව විද්‍යාලයේ පඩි ලබන ආචාර්යවරුන් සිටිද්දී පිටින් දේශකයන් ගෙන්වීම පිළිගත හැකි නොවීම.
අකුරු ප්‍රමාණය (Font Size):

කතාබහට ලක් විය.

මගේ සමාජ මාධ්‍ය ගිණුමේ ඇති සාම්පලයේ වැඩියෙන් කතාබහ කරන අයගේ මතය වූයේ අදාළ ව්‍යාපාරිකයා කුප්‍රකට අයෙකු නිසා සරසවියට වද්දා ගත යුතු නැති බව ය.

මීට පැයකට දෙකකට පෙර මා සජීවී ප්‍රවාහයකින් (මේ සමග ෂෙයාර් කර ඇති) දුටුවේ තරුණයන් දහ දොළොස් දෙනෙක් පමණ ඩඩ්ලි සිරිසේන කැටුව එන මෝටර් රථය නවතා විනාඩි පහළොවක් පමණ ඔහු විශ්ව විද්‍යාලයේ දේශනයක් කිරීමට නොසුදුසු කෙනෙක් බවට කරුණු දැක්වීම ය.
Dadli 2024.14
කතා කළේ එක ශිෂ්‍යයෙක් පමණක් වූ අතර, අනිත් අය සහයෝගය දෙමින් ළඟින් සිටි බවක් දක්නට ලැබිණ.

කථිකයා මතුකළ කරුණු කොටස් දෙකකට බෙදිය හැක .

1) ඩඩ්ලි සිරිසේනගේ හාල් ව්‍යාපාරය අසාධාරණ ලෙස කරන එකක් වීම නිසා ජනතාව ඉන් පීඩාවට පත්වීම හා
2) විශ්ව විද්‍යාලයේ පඩි ලබන ආචාර්යවරුන් සිටිද්දී පිටින් දේශකයන් ගෙන්වීම පිළිගත හැකි නොවීම.


දහ දොලොස් දෙනෙකු වුව ද ශිෂ්‍යයන්ගේ දැඩි විරෝධය ඉදිරියේ සිරිසේනගේ වාහනය යෑමට නොහැකි ව රැඳී තිබෙනු දක්නට ලැබුණු අතර, වරින් වර සිරිසේන ද ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකු යැයි සිටිය හැකි පුද්ගලයෙකු ද වරින් වර වාහනයෙන් එළියට අවුත් විරෝධතාවය දක්වන ශිෂ්‍යයන් බලමින් සිටිය හ.

ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයන් යැයි විය හැකි කිහිප දෙනෙකු ද විරෝධතාවය දක්වන ශිෂ්‍යයන් සමඟ කතා බහේ යෙදුණු දක්නට ලැබිණ. ගුරු පාර්ශ්ව ද්වය ම සාමකාමී අන්දමින් සංවාදයේ යෙදිණ. සජීවී ප්‍රවාහය ඒ අවස්ථාවේ කුමන හෝ හේතුවකට අවසන් විය.

සජීවී ප්‍රවාහය යන අතර කොමෙන්ටු, හාරත හා ලයික දහස් ගණනින් දක්නට ලැබිණ. ඉන් අති බහුතරයක් හෝ  මුළුමනින් ම වාගේ මේ ක්‍රියාව අනුමත කරමින් හා ඒ ක්‍රියාවෙන් දැඩි උද්දාමයට පත් වී විරෝධතාවයේ යෙදුණු සිසු පිරිසට තම සුබ පැතුම් සහ ආශිර්වාදය පළ කළ හ.  

                

මා මුලින් සිතුවේ ආරාධිත දේශකයාට දේශනය කිරීමට නොහැකි වන ලෙස අවහිරතාවයක් ඇතිවූ බවකි. එතැන සිටියේ ශිෂ්‍යයන් දහ දොළොස් දෙනෙක් වුවත් එම අවහිරතාවය සාර්ථක ලෙස කළ ලෙසයි මට සජීවී ප්‍රවාහයෙන් තේරුම් ගියේ. ආරාධිත දේශකයාත් ඔහුගේ ආරක්ෂක නිලධාරියාත් ගුරුවරුත්  යම් පරාජිත හා අපහසුකාරී තත්ත්වයකින් සිටින බවයි මට හැඟුණේ. කුඩා වුවද සිසු පිරිස අතර පැවතියේ යම් ජයග්‍රාහී ආකල්පයක් බවයි මට තේරුනේ.

DS
එහෙත් මට පසුව වාර්තා වූයේ, ආරාධිත දේශකයා සැලසුම් කළ පරිදි තම දේශනය කළ අතර, ඉන් අනතුරු ව සංවිධායකයන් සමග සුළු තේ පැන් සංග්‍රහයකට ද සහභාගී වී පිටවන විට යි අප සජීවී ප්‍රවාහයෙන් දුටු සිදුවීම සිදුවී ඇති බව.

අස්පයා පැනගිය පසු ඉස්තාලය වසා දමන්නේ ඇයි ද කියා වපර ඇහෙන් බලන කෙනෙකුට කිව හැකි වුවත් මා මෙතන දකින්නේ සාධනීය දෙයකි. ඊට කළමනාකරණ විෂයේ කියන්නේ වින්-ව්න් තත්ත්වයක් කියා ය. එනම් දෙපාර්ශ්වය ම ජයග්‍රහණය කළ බවයි. දෙක ම කරගන්න බෑ, එකක් හැර අර්ථ ගැන්වෙන ඉංග්‍රීසි ඉඩියමයක් වන Can't have the cake and eat it too යන්න වුව ද අද හවස කැලණියේදී සාවද්‍ය වූ බව ද කිව හැක.

Dadli kalaniya 2024.01.14

418876770 853517589906214 8360359038081371793 n


Udan fernando
(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
udanfer2014@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...