The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
Opinion

ඉහළ මාලයේ දීමනා හා පහළ මාලයේ වර්ජන - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

January 14, 2024 • 4:33 PM

ඉහළ මාලයේ දීමනා හා පහළ මාලයේ වර්ජන - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පහළ මාලයේ බලය යන යෙදුම මහාචාර්ය සුමනසිරි ලියනගේ මතවාදීමය නායකත්වයක් සපයන වාමාංශික ධාරාව
  • මෙම යෙදුම ගතානුගති මාක්ස්වාදී පංති විග්‍රහයේ අර්බුදය ප්‍රකාශ කරන යෙදුමකි.
  • 2022දී තීව්‍ර වූ ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ප්‍රභූ, ඉහළ මධ්‍යම පන්තික ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ලද විසඳුම වූයේ රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ විසඳුමයි.
  •   උදාහරණයක් ලෙස, රුපියලට මුක්කු ගසන ලද ඩොලරයෙන් වැඩි මිලට ආනයනය කරන ලද ඉන්ධන, රජයට අයත් ඛනිජ තෙල් සංස්ථාවේ පාඩු මත අඩු මිලට වෙළඳපොළේ විකුණද්දී එයින් වැඩි වාසියක් අත්පත් වූයේ වැඩි ඉන්ධන පරිභෝජනයක් සිදුකරන ධනවතුන්ටය.
අකුරු ප්‍රමාණය (Font Size):

විසින් පසුගිය සමයේ සුලබව භාවිතා කරන ලද යෙදුමකි. මෙම යෙදුම ගතානුගති මාක්ස්වාදී පංති විග්‍රහයේ අර්බුදය ප්‍රකාශ කරන යෙදුමකි. පහළ මාලය යන්නෙන් අදහස් කරනු ලබන්නේ සමාජයේ පහළ ස්ථරය විය හැකිය. එම පහළකම ආදායම, බලය, අනන්‍යතාව වැනි සාධක මත තීරණය වනවා විය හැකිය.


2022දී තීව්‍ර වූ ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ප්‍රභූ, ඉහළ මධ්‍යම පන්තික ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ලද විසඳුම වූයේ රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ විසඳුමයි. ඒ අනුව, ඉන්ධන, විදුලිය වැනි පොදුවේ සියලු දෙනාට ලබාදුන් සහනාධාර අමු අමුවේ කප්පාදු කර දමන ලදි. එමෙන්ම, රුපියලට මුක්කු ගැසීම ද නවතා දමන ලදි. එමගින් ද පොදුවේ සියලු දෙනාට වාසි සැලසිණි. මෙවැනි පොදු සහනාධාරවල මූලික ලක්ෂණය වන්නේ වැඩි පරිභෝජනයක් කරන ධනවත් පිරිස්වලට වැඩි සහනයක් ලැබීමයි.

 

උදාහරණයක් ලෙස, රුපියලට මුක්කු ගසන ලද ඩොලරයෙන් වැඩි මිලට ආනයනය කරන ලද ඉන්ධන, රජයට අයත් ඛනිජ තෙල් සංස්ථාවේ පාඩු මත අඩු මිලට වෙළඳපොළේ විකුණද්දී එයින් වැඩි වාසියක් අත්පත් වූයේ වැඩි ඉන්ධන පරිභෝජනයක් සිදුකරන ධනවතුන්ටය. ඛනිජ තෙල් සංස්ථාවේ පාඩු ද අවසානයේදී පොදු මහජනතාව අතර බෙදිණි.

රාජ්‍ය ආදායම් ඉහළ නැංවීම සඳහා රජය අනුගමනය කරන ලද මූලික ක්‍රියාමාර්ගය වූයේ ආදායම් බදු ඉහළ නැංවීමයි. එහෙත්, ආදායම් බදු ඉලක්ක අපේක්ෂිත පරිදි සාක්ෂාත් කරගැනීමට රජය සමත් වූයේ නැත. රුපියල් ලක්ෂයට වඩා වැටුප් ලබන වෘත්තිකයන් ඉහළ පුද්ගල ආදායම් බද්දට (APIT) යටත් වූ අතර එයට එරෙහිව ඔවුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. විශේෂයෙන්ම, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දැඩි සටනක නියැලී අන්ත පරාජයකට පත් වූහ.


අලුත්ම තත්වය වන්නේ රජය මෙම පරාජිත විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව 25%කින් වැඩි කිරීමට තීරණය කිරීමයි. මේ අතර, වෛද්‍යවරුන්ගේ දීමනාවක් වන ප්‍රවාහන , පැමිණ සිටීමේ හා නිදි බාධක දීමනාව (Disturbance, Availability & Transport – DAT) ද රු. 35,000 සිට 70,000 දක්වා දෙගුණයකින් වැඩි කිරීමට රජය තීරණය කළේය. ඒ සමගම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත ආන්දෝලනයක් හා හෙද, අතුරු වෛද්‍ය, කළමනාකරණ ආදී ශ්‍රේණි රැසක වෘත්තිකයන්ගේ වර්ජන රැල්ලක් ද පැනනැගී තිබේ.

xsdfgser


රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මෙම පියවර දේශපාලනිකව විග්‍රහ කරන්නේ නම්, ඒ වනාහි, ඉහළ මාලයේ වෘත්තිකයන් සැනසීමේ දේශපාලන මූලෝපායක් ලෙස සැලකිය හැකිය. එනම්, ආදායම් බදු වැඩි කිරීමෙන් ආණ්ඩුව සමග කලකිරී සිටින ඉහළ මාලයේ ජනතාව යළි සැනසීම සඳහා මෙවැනි පියවර ගනු ලබන බව පෙනේ. එසේ සිදුවන්නේ වැට් බදු වැඩි කිරීම නම් ප්‍රහාරය ද නැවත වරක් පහළ මාලයේ ජනතාවගේ යටි බඩටම එල්ල වී තිබෙන සංදර්භයක් තුළය.

ඉහළ මාලයේ වෘත්තිකයන්ගේ ආකල්ප මැනැවින් හෙළිදරව් කරමින් එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති ප්‍රබලයකු ලෙස පෙනී සිටින රුක්ෂාන් බෙල්ලන නම් වෛද්‍යවරයා පැවසුවේ වෛද්‍යවරුන්ට වැටුප් වැඩි කළ පමණින් කසල ශෝධකයන් වැනි අයට ද වැටුප් වැඩි කිරීම අනවශ්‍ය බවය. එය එක්සත් ජාතික පක්ෂයේ යල්පැනගිය කොම්ප්‍රදෝරු ආකල්පවල දෝංකාරයක් විය හැකිය. ඊට වඩා තරමක් ශිෂ්ට බසකින් හරිත අලුත්ගේ නම් වෛද්‍යවරයා පැවසුවේ විනිසුරුවරුන්ට වැටුප් වැඩි කළ පමණින් අනෙකුත් අධිකරණ සේවකයන්ට ද වැටුප් වැඩි නොකරන බවයි.

ඉහළ මාලයේ වෘත්තිකයන්ගේ හා ඔවුන් සමග සිටගන්නා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ මෙම අහංකාර දේශපාලනයට පහළ මාලයේ ප්‍රතිචාරය සෞඛ්‍ය අංශයේ වැඩ වර්ජන රැල්ලෙන් ආරම්භ වී තිබේ. ඉදිරි කාලයේදී මෙය සෑම වෘත්තීය අංශයකටම පාහේ පැතිර යාමට නියමිතය.


දැන් ප්‍රශ්නය මෙයයි. පහළ මාලය සමග දේශපාලනය කරන්නට ඉදිරිපත් වන්නේ කවුරුද? ජනතා විමුක්ති පෙරමුණ එයට සූදානම්ද? සජිත් ප්‍රේමදාස නායකත්වය දෙන සමගි ජන බලවේගය ඒ සඳහා සූදානම්ද? පහළ මාලයේ දේශපාලනය තොරොම්බල් කරන ඉහළ මාලයේ වෘත්තිකයන් ඒ සඳහා සූදානම්ද?



Ajith parakum J(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...