The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
Opinion

රනිල් රාජාලියෙක් ද? - (සුදත් චන්ද්‍රසේකර)

T

The Leader Desk

January 18, 2024 • 11:47 AM

රනිල් රාජාලියෙක් ද? - (සුදත් චන්ද්‍රසේකර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වරක් රාජාලින් රංචුවක් පියාසර කරමින් සිටින විට, මුහුද මැද පිහිටි දූපතකට ළඟා විය.
  • ටික දිනක් යනවිට රංචුවේ සිටි බොහෝ තරුණ නායක රාජාලියෝ සිතන්නට පටන් ගත්තේ දැන් තම ජීවිත කාලය පුරාම මේ දූපතේ සුවසේ ජීවත් විය යුතු බවයි.
  • නමුත් ඔවුන් අතර සිටි වයසක නායක රාජාලියා, මෙහි සුවපහසු ජීවිතය මේ තරුණ රාජාලින්ට අනාගතයේ දි කෙසේ බලපානු ඇත්දැයි කල්පනා කළේය.
  • දිනක් නායක රාජාලියා සියලු රාජාලින්ට රැස්වීමක් කැඳවා තම කනස්සල්ල ප්‍රකාශ කරමින් ඔහු සියල්ලන්ටම පැවසුවේ “අපි මේ දූපතේ ජීවත් වෙලා ගොඩක් කල්.
අකුරු ප්‍රමාණය (Font Size):

මාළු, ගෙම්බන් සහ මුහුදු ජීවීන් විශාල ප්‍රමාණයක් ජීවත්වන මෙම දූපතේ රාජාලින්ට නම් කෑම බීම කිසිදු හිඟයක් නොවන වාසස්ථානයක්ම විය. දඩයම් කරන වන සතුන් එහි ජීවත් නොවූ නිසා රාජාලින්ට කිසිවෙකුගෙන් තර්ජනයක් නොවූ හෙයින් ඔවූහු ඉතා සතුටු වූහ.  

මෙතරම් සුවපහසු, ආරක්ෂාකාරි ජීවිතයක් ඔවුන් මීට පෙර ගත කර තිබුණේ නැත.

ටික දිනක් යනවිට රංචුවේ සිටි බොහෝ තරුණ නායක රාජාලියෝ සිතන්නට පටන් ගත්තේ දැන් තම ජීවිත කාලය පුරාම මේ දූපතේ සුවසේ ජීවත් විය යුතු බවයි.

නමුත් ඔවුන් අතර සිටි වයසක නායක රාජාලියා, මෙහි සුවපහසු ජීවිතය මේ තරුණ රාජාලින්ට අනාගතයේ දි කෙසේ බලපානු ඇත්දැයි කල්පනා කළේය. සැබෑ ජීවිතයේ අරුත තේරුම් ගැනීමට ඔවුන්ට හැකි වේවි ද?  මෙතැනදී ඔවුන් ඉදිරියේ කිසිම අභියෝගයක් නැහැ. එවැනි තත්වයක් තුළ, ඔවුන් ඉදිරියට කරදරයක් පැමිණි විට, ඔවුන් එයට මුහුණ දෙන්නේ කෙසේ ද?

දිනක් නායක රාජාලියා සියලු රාජාලින්ට රැස්වීමක් කැඳවා තම කනස්සල්ල ප්‍රකාශ කරමින් ඔහු සියල්ලන්ටම පැවසුවේ “අපි මේ දූපතේ ජීවත් වෙලා ගොඩක් කල්. මම හිතන්නේ දැන් අපි ආපහු යා යුතුයි. මෙතන අපි අභියෝගවලින් තොර ජීවිතයක් ගත කරනවා. එවැනි තත්වයක් තුළ, අපට කිසි විටෙකත් ඉදිරියේදි කරදර, අභියෝගයන්ට මුහුණදීම සඳහා සූදානම් වීමට නොහැකි වනු ඇත. අපට ඈත අහසේ වැඩිදුරක් පියඹා ගොස් දඩයමක් කර ගැනීමට නොහැකිවනු ඇත.

තරුණ රාජාලින් ඔහුට ඇහුම්කන් නොදි, වයස වැඩි වීමේ බලපෑම නිසා නායක රාජාලියා මුරණ්ඩු වී මේ වගේ ගොන් කතා කියන්නේ යයි සිතමින්, ඔවුන් දිවයිනේ සුවපහසු ජීවිතය අත්හැරීම බහුතරයේ කැමැත්ත පරිදි ප්‍රතික්ෂේප කළෝය.


වයසින් වැඩිමහඵ අත්දැකීම් බහුල නායක රාජාලියා “ මට ඇහුම්කන් දෙන්න, මා සමඟ එන්න” යයි ඉල්ලා සිටිමින් පියාසර කල අතර එහෙත් කිසිවකු නායක රාජාලියාට ඇහුම්කන් දුන්නේ නැත. නමුත් වැඩිමහළු නායක රාජාලියා දිනපතාම දූපතෙන් නික්ම වනයට ගොස් සවසට තරුණ රාජාලියන්ට දූපතේ නොමැති කෑමද රැගෙන ඒම පුරුද්දක් කර ගත්තේය. මාස කිහිපයක් එසේ ගත විය.  

දිනක් සවස දිවයිනට ගිය පසු එහි දර්ශනය වෙනස් වී ඇති බව ඔහු දුටුවේය. බලන බලන හැමතැනම තිබුණේ රාජාලින්ගේ මළ සිරුරු. බොහෝ රාජාලියෝ ලේ ගලමින් තුවාල වී සිටියහ. පුදුමයට පත් මහලු රාජාලියා තුවාල වූ රාජාලියකුගෙන් කරුණු ඇසුවේය, “මොකද වුණේ?  ඔයාලා කොහොමද මේ තත්වයට පත් වුණේ?

තුවාල ලැබූ රාජාලියකු ඉතා අපහසුවෙන් පැවසුවේ “ඔබ ගියාට පස්සේ නැවක් ආවා. එම නැවෙන් මෙහි සිංහයන් වගයක් නිදහස් කරලා ගියා. ඒත් ටික වේලාවකින් එයාලට තේරුණා අපිට පියාඹන්න අමතක වෙලා කියලා. කාටවත් පහර දෙන්නවත්, ආරක්ෂා වෙන්නවත් බැරි තරමට අපේ නියපොතු, දුර්වල වෙලා. අපිව; එකින් එකාව මරාගෙන කන්න පටන් ගත්තා. අත්දැකිම්වලින්, දැණුමෙන් පිරිපුන් ඔබ කියන දේ නොඅසා අපේ තරුණ නායකයින්ගේ කථාවලට රැවටුණු නිසා තමයි අපට මේ ඉරණම අත්වුනේ යයි ඉතා වේදනාවෙන් කියා සිටියේ ය.

අපි අපේ වැඩිහිටියන්ට ඇහුම්කන් දිය යුත්තේ මන්දැයි පෙන්වන පැරණි රාජාලින්ගේ මේ කතාව වර්තමාන ලංකාවේ දේශපාලනයටද මනාව ගැලපෙන බව මට සිතේ.

 125880473 gettyimages 1239212087 594x594
2022 දි ජනතාව ගෑස්, ඉන්ධන, විදුලිය නොමැතිව අරගල කරන විට හිටපු ජනාධිපති ගෝඨභය රාජපක්ෂට සිදුවූයේ රට භාර ගෙන, කඩා වැටුණු රට ගොඩ ගන්නට සියළු දේශපාලන පක්ෂ නායකයින්ට ආරාධනා කරන්නට ය.

එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉල්ලීමට වර්තමානයේ රට සුඛිත මුදිත කරන බවට වහසිබස් දොඩන කිසිදු නායකයකුට, රට වෙනුවෙන් එම වගකීම භාර ගැනීමට කොන්දක් තිබුනේ නැත.

අගමැති රනිල් මුදල් ඇමති ලෙස දිවුරුම් දෙයි

නමුත් “කොන්දක් නැති රනිල්” යයි සමාජගතකර තිබූ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් තනිවම ඒ වගකීම භාර ගත්තා පමණක් නොව, අද කඩා වැටුනු රට නිවැරදි ලෙසට ගොඩ ගනිමින් සිටින්නේ තමා කොන්දක් ඇති නායකයකු බව මුඵ ලොවටම පෙන්වා දෙමිනි. සෑම අංශයකින්ම අගාධයට ගොස් තිබූ ශ්‍රි ලංකාව  අභ්‍යන්තරිකව මෙන්ම ජාත්‍යන්තරය තුළ තවත් අගාධයට පත් නොකර හැකි අයුරින් එහි අභිමානය රැක ගැනීමට ඔහු  විසින් නිහඩව දරනු ලබන උත්සාහය සැබැවින්ම අගය කළ යුතුම ය.

පරිවාස ආණ්ඩුවක්

21 01

අපට අද අමතක වූවද 2001 දී ඍණ ආර්ථිකයක්ව පැවති රට එදා නැවත ගොඩගනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසිනි. රට නිවැරදි මාවතට යොමු කරමින් සිටියදී ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය සමග එක්ව පරිවාස ආණ්ඩුවක් පිහිටුවා එම නිවැරදි ආර්ථික වැඩපිලිවෙල විනාශ කර දැමීය.

එවකට මා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ පුද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කළ අතර එතුමා දිවා රෑ නොබලා සිය රාජකාරිය ඉටු කිරීමට ගත් පුදුම සහගත වූ වෙහෙස මාගේ දෑසින්ම දුටු අතර එම වැඩපිලිවෙළ සිදු කිරීමට මාගේ උපරිම සහාය ද ලබා දුනිමි.

උදැසන 6 සිට 7 දක්වා කාලයේදි ලැබී තිබූ සියළුම දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමටත් අමාත්‍යවරු, මන්ත්‍රිවරු සහ නිළධාරීන්ට අවශ්‍ය උපදෙස් සහ නියෝග ලබා දීමටත් වෙන්කර තිබිණි. උදැසන 8.30 සිට දහවල් 2 දක්වාත්, සවස 3 සිට රාත්‍රි 8 දක්වාත් කාර්යාලයීය කටයුතුවල නිරත විය. රාත්‍රි 9 සිට රාත්‍රි 11 වන තුරු ලිපිගොණු කටයුතුවල නියැළුණු අතර දිනපතාම රාත්‍රි නින්දට පෙර පොත පතක් කියවීමටද අමතක නොකළේය.

රාජපක්ෂ සනුහරයට කත් අදින බත් බැළයන් වෙත...
රට යුද්ධයෙන් බේරාගත් නායකයා ජනාධිපති මහින්ද රාජපක්ෂ බවට විවාදයක් නැත. එමෙන්ම ආර්ථික යුද්ධයෙන් කඩා වැටුණු රට ගොඩගත් නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවට ද විවාදයක් නැත.

වර්තමාන පරපුර බුද්ධිමත්ව තීරණයක් නොගෙන, අත්දැකිම්, බුද්ධිය ජාත්‍යන්තර සබදතා නැති නායකයින්ගේ සුරංගනා කථාවලට තව දුරටත් රැවටුනහොත් අපට අනාගතය අහිමිව, අරගල පමනක් හිමිවනු ඇත.

RW JC

රනිල් වික්‍රමසිංහ යනු ජාතික සහ ජාත්‍යන්තර දේශපාලනයේ ලංකාවේ සිටින කෘතහස්තම රාජතාන්ත්‍රිකයා බවට කිසිදු විවාදයක් නැත. කඩා වැටුනු රට කෙටි කලක් තුලදී, මෙලෙස නැවත ගොඩනගා ගැනීමට අඩිතාලම වැටුනේ ඔහු විසින් බුද්ධිමත්ව ගනු ලැබූ දේශපාලන තීන්දු තීරණ සහ ජාත්‍යන්තර සමග මනාව කටයුතු කල නිසාවෙනි.

අද අපට අමතක වූවාට පසුගිය වර්ෂවල දී වරායට තෙල් නැවක්, ගෑස් නැවක් පැමිණීම ප්‍රධාන ප්‍රවෘත්තියක් විය. නැවට ගෙවීමට ඩොලර් නොමැතිව වරායේ සති කීපයක් නවතා තැබීමද ප්‍රධාන ප්‍රවෘත්තියක් විය. අද අපට ඒ සියල්ල අමතකව තරුණ රාජාලියන් මෙන් කාලය ගත කරති. අප තවමත් පසුවන්නේ ඉතා අපහසු අන්තරායකාරි ස්ථානයක බව අපට අමතක වී ඇත.

අපට ද වර්තමාන ආර්ථික අර්බුද හමුවේ තරුණ රාජාලින් මෙන් තීරණ නොගෙන, යායුතු මග පහදා දුන් නායක රාජාලියා අනුගමනය නොකලහොත්, බහුතරයේ කැමැත්ත පරිදි අත්දැකිම් නැති තරුණ රාජාලින්ට රැවටුනහොත් ඉහත රාජාලින්ට අත් වූ ඉරණම අපට ද උරුම වනු ඇත.

 
(සුදත් චන්ද්‍රසේකර)

සමාජ හා දේශපාලන ක්‍රියාකාරික
ජනාධිපති වික්‍රමසිංහගේ හිටපු පෞද්ගලික ලේකම්
sudathunp@sltnet.lk

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...