The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
Opinion

යොහානි අරගලයට ලියූ ගීතය - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

January 19, 2024 • 5:10 PM

යොහානි අරගලයට ලියූ ගීතය - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යොහානි සිය නවතම ගීතයෙන් කියන්නේ අරගලකරුවාට ක්ෂණික මෝචනය වුණු බවයි.
  • බැලූ බැල්මට සරල ස්ත්‍රීවාදී ගීතයක් ලෙස පෙනුනත් “කෙල්ල” ගීතයේ රැප් කොටස හරහා ගායිකාව පහර දෙන්නේ අරගලයට සහ අරගලකරුවාටය.
  • අරගලය තුළ දැඩි ලෙස මර්දනයට ලක් වූ යොහානි සිය දේශපාලන ස්ථාවරය සෙන්ටිමීටරයකින් හෝ වෙනස් නොකළාය.
  • කිසිදු “විනයක් නැති පිරිවර” යනුවෙන් අරගලකරුවන් හාස්‍යයට ලක් කරන යොහානි ඔවුන්ගේ “අසහනය”ට ඔවුන් පැරදුණු බව කියයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ගීතයක වචන පිටුපස සැඟවුණු අර්ථ තිබේ. බැලූ බැල්මට සරල ස්ත්‍රීවාදී ගීතයක් ලෙස පෙනුනත් “කෙල්ල” ගීතයේ රැප් කොටස හරහා ගායිකාව පහර දෙන්නේ අරගලයට සහ අරගලකරුවාටය.

අරගලය තුළ දැඩි ලෙස මර්දනයට ලක් වූ යොහානි සිය දේශපාලන ස්ථාවරය සෙන්ටිමීටරයකින් හෝ වෙනස් නොකළාය. රැල්ලට ගසාගෙන ගිය මන්දා නාලිනීලාට වඩා බොහෝ සවිමත් කශේරුවක් යොහානිට තිබිණි. කෙල්ල ගීතයේ වචන “අමු” අර්ථයෙන් ගැනීම නුසුදුසුය. එහි වචන දෙස බැලීමේදී ඒවා එහෙම සරල නැත. ගීත රචකයා විසින් කරන්නේ අමුවට පෙනෙන වචන හරහා අරගලයට න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයක් දියත් කිරීමයි. 

 
“යස හරය විනය නැති පිරිවර - අසහනයට පිළිවෙල සිත පැරදුණ” යන පද පේළිවලින් කියන්නේ අරගලකරුවා ගැනය. අරගලකරුවාට “හරයක්” තිබුණේ නැත. කිසිදු තාර්කික පදනමක් තිබුණේ නැත. අරගලකරුවා විසින් නියෝජනය කළේ ලංකාවේ සිටින චාටර්ම සෙට් එකයි. කිසිදු “විනයක් නැති පිරිවර” යනුවෙන් අරගලකරුවන් හාස්‍යයට ලක් කරන යොහානි ඔවුන්ගේ “අසහනය”ට ඔවුන් පැරදුණු බව කියයි. “සිහින බොඳවුණු පරම්පරාව” යනුවෙන් තමන් හඳුන්වාගත් අසහනකාරී අරගලකරුවා අවසානයේ අනුකම්පා සහගත ලෙස පරාජයට පත් විය. පළමු අරගලකරුවා එම ද්විත්ව අසහනය හේතුවෙන් වස පානය කර සිය දිවි නසා ගත්තේය. නිර්මාල් දේවසිරි තමළු මලිත්තගේ පොතේ එල්ලී දිවි තොර කර ගත්තේය.


“සහගහන බසට අන්තර්ජාලයේ මුහුණූ - අසම්මතය මමද ව්‍යර්ථ කරුණු නොදැක්වූ” යන පද පේළිවලින් ගීතයේ ඉලක්කය පැහැදිලිවම අරගලය බව සනාථ වේ. මාසේ අන්තිමට චූටි පඩි පැකට් එකක් අරගන්නා නාගරික හිඟන වෘත්තිකයන් විසින් හැම විනාඩියකම මුදල් උපයන යොහානිට එරෙහිව ලියූ පල් හෑලි කන්දරාව ගායිකාව විසින් හාස්‍යයයෙන් බැහැර කරයි. අමු තිත්ත කුණුහරුපයෙන් ඇයට බැන වදිමින් ඔවුන් ඇයට සහගැසුවත් ඇය ඒ කිසිවකට කරුණු දක්වන්නට ගියේ නැත. ගායිකාව කියන්නේ අරගලකරුවන් වැනි අමන පිරිවරකට එසේ තාර්කික කරුණු දැක්වීම ව්‍යර්ථ ක්‍රියාවක් බව ඇය දැන සිටි බවයි. ඇතැම්විට ඇයගේ එම උපේක්ෂාව සහ ගෝඨාභයගේ උපේක්ෂාව තුළ සමානත්වයක් ඇය දකිනවා විය හැකිය. ඔවුන් දෙදෙනාම ඔවුන් වෙනුවෙන් කරුණු කියන්නට ගියේ නැත.


“සීග්‍ර වුණේද ෂ්… විසර්ජන - ශ්වේත රෙද්දේ මන්ද අමන රුධිර පරීක්ෂණ” යන පද පේළිවලින් කියන්නේ අරගලය ක්ෂණික මෝචනයක් බවයි. අරගලකරුවාට ක්ෂණික මෝචනය වුණු බවයි. විදර්ශන කන්නන්ගර වැනි අරගලකරුවන්ට සිය හැඟීම් පාලනය කරගැනීමට ඇති ප්‍රවේණික නොහැකියාව මෙයින් හාස්‍යයට ලක් කෙරේ. මේ ගීතයෙන් කියන්නේ පුරුෂයන්ගේ ලිංගේන්ද්‍රයේ මැනිය හැකි දිග ගැනවත් කාන්තාවන්ගේ පාරිශුද්ධත්වය ගැන සොයන පෞරාණික පරීක්ෂණ ගැනවත් නොවේ. එසේ නම් එය ගායනා කළ යුතුව තිබුණේ හින්දි භාෂාවෙන්ය. මන්ද එම ඉපැරණි සමාජ චර්යාවන් වැඩිපුරම තිබෙන්නේ යොහානි ජීවත් වෙන ඉන්දියාවේ මිස ලංකාවේ නොවන නිසා බව ඇය අත්දකින නිසාය. එබැවින් ඕනෑවටත් වඩා පට්ට ගසා ඇති එම ජනප්‍රිය ටැග්ලයින් එක යොදාගනිමින් යොහානි පන්න පන්නා පහර දෙන්නේ ලංකාවේ අරගලකරුවාටය.


අරගලයට කිසිදු සිස්ටම් චේන්ජ් එකක් කරගත නොහැකි විය. යොහානි කියන්නේ දරුවෙකු පිළිසිඳවීමට තරම් ප්‍රමාණවත් “දිගක්” අරගලකරුවාට නොතිබුණු බවයි. අරගලකරුවා ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන අසහනකාරී ස්ත්‍රී දූෂකයෙකුට ගීත රචකයා සමාන කරයි. “රුධිර පරීක්ෂණ” යන්නෙන් ගායිකාව කියන්නේ පෙරටුගාමී අන්තරේ, ජවිපෙ/ජාජබ සාහසිකයන් විසින් දියත් කළ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳවය. අතුකෝරාළ මන්ත්‍රීවරයාට පහර දී සිදු කළ රුධිර පරීක්ෂණය ගැනය. නිවාසවලට පැන මංකොල්ලකමින් කළ පරීක්ෂණ ගැනය. ගමෙන් පැමිණි අහිංසක කාන්තාවන් බේරේ වැවට තල්ලු කළ කොළඹ වතුවල කොන කැපීමෙන් කොට කළ පිරිමින්ගේ නොදියුණු චින්තනය පිළිබඳවය.

eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක

eranda.ginige@gmail.com

2023 ජනවාරි 19

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...