The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
Opinion

මෙහෙම උණේ කොහොමද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

January 20, 2024 • 5:44 AM

 මෙහෙම උණේ කොහොමද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආයෙත් ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට හොඳ කාලයක් ඇවිත්. ට්‍රම්ප් අයෝවා ප්‍රාන්ත මැතිවරණේ විශාල පරතරයකින් දිනුවා වගේම නිව්
  • අදටත් හරි හෝ වැරදි මොනවා උනත් මනුස්සය තමන්ගේ හිතට එන දේ දේශපාලන නිරවද්‍ය බව පැත්තකින් තියල කියල දානවා.
  • බයිඩන් වගේ සෑහෙන දුර්වල පාලකයෙක් ඉස්සරහා තිබ්බම ට්‍රම්ප් පුද්ගලභාවයක් හැටියට හයිය මිනිහෙක්.
  •   2019 අවුරුද්දේ එක සමීක්ෂණයකදි ඇමෙරිකානුවන් 40% පමණ ප්‍රකාශ කලේ ට්‍රම්ප්ගේ දේශපාලනය ගැන ඔවුන් කතාකරන්නවත් කැමති නැහැ කියල.
අකුරු ප්‍රමාණය (Font Size):
හැම්ප්ස්පියර්ස් වලත් ලොකු ට්‍රම්ප් පිබිදීමක් ඇතිවෙලා.

මේක රැල්ලක් හැටියට තවත් වතාවක් ඇමෙරිකාව පුරා ඇවිලෙන්න පුළුවන් වගේම ලොකු මාජින් එකකින් ඊළඟ ජනාධිපති වෙන්නත් ට්‍රම්ප්ට පුළුවන් වෙයි. දැනට ඒකට තරඟයක් දෙන්න කෙනෙක් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට හොයාගන්න බැරි හැඩයි.

පහුගිය පාර පැරදුණ පැරදිල්ලට කට්ටිය හිතුවේ ට්‍රම්ප් අමෙරිකාවෙන් අතුරුදහන් වෙයි කියල. නමුත් ඒවා ඔක්කොම බොරුකරමින් ආයෙත් ට්‍රම්ප් වටා මිනිස්සු පෙළ ගැහෙමින් ඉන්නවා.

අදටත් හරි හෝ වැරදි මොනවා උනත් මනුස්සය තමන්ගේ හිතට එන දේ දේශපාලන නිරවද්‍ය බව පැත්තකින් තියල කියල දානවා. ඒවගේ ප්‍රතිපල මොනවා උනත් මනුස්සය කියන දේ සමාජ ස්ථාරයනයේ පහලම කොටස් වෙත ලංවෙන්න සමත්. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි.
 අනික ඇමෙරිකාවේ තියන හෙනම බුර්ෂුවා වටපිටාවක ට්‍රම්ප් කියන්නේ තවමත් සංස්ථාපිතයට පිටස්තරයෙක් (outisder to the American establishment) කියල ඇමෙරිකන් දේශපාලන විචාරකයෝ කියනවා. ට්‍රම්ප් එක වෙලාවක කියනවා එයාට ධවල මන්දිරය ඕනිත් නැහැ කියල.
අනික තමයි තනි පුද්ගලයෙක් හැටියට තියන ආත්ම විශ්වාසය. අච්චර පැරදිලත් - ලොකු නෙගටිව් චිත්‍රයක් තමන් ගැන තියෙද්දිත් පොර පස්සට ගියේ නැහැ. සටන්කළා. අභියෝග කළා. බයිඩන් වගේ සෑහෙන දුර්වල පාලකයෙක් ඉස්සරහා තිබ්බම ට්‍රම්ප් පුද්ගලභාවයක් හැටියට හයිය මිනිහෙක්.
 
2019 අවුරුද්දේ එක සමීක්ෂණයකදි ඇමෙරිකානුවන් 40% පමණ ප්‍රකාශ කලේ ට්‍රම්ප්ගේ දේශපාලනය ගැන ඔවුන් කතාකරන්නවත් කැමති නැහැ කියල. මොකද ඒ තරම් ට්‍රම්ප් තුළ ''ඇමෙරිකානු නොවන'' ලක්ෂණ වැඩියි කියල. ඔවුන් ලජ්ජා උණා ට්‍රම්ප් තමන්ගේ ජනාධිපති කියල කියන්නවත්. ඒ අතරේ ගොඩක් නළු නිළියෝ පවා හිටිය.

හැබැයි ට්‍රම්ප්ව පරද්දල එයාල ගෙනාව ජෝ බයිඩන් කියන්නේ මෙලෝ රහක් නැති මනුස්සයක් කියල ඒ හැමෝටම තේරිලා. දේශපාලනය ඇතුලේ විතරක් නෙවෙයි පුද්ගලභාවයක් හැටියට පවා ඔහු තමන් පත්කරපු මිනිස්සුන්ගේ අභිලාශ හඳුනාගත්තේ නැහැ.

අයෝවා මැතිවරණේ ප්‍රථිපල වලින් පස්සේ දැන් තමයි මෙච්චර කල් සුවපහසුවෙන් හිටපු විචාරකයෝ ලියන්න අරන් තියෙන්නේ ''මෙහෙම උනේ කොහොමද?'' යන මාතෘකාවෙන් යුතු ළිපි. ඔව්...දැන් එහෙම වෙමින් පවතිනවා.
201971557 AP22207723850289 t800
 බෙදුම් රේඛා, ලොකු තාප්ප (Great Wall), නව ෆැසිස්ට් වාග් ප්‍රහාර, සිල්ලර කතා, සංක්‍රමණ විරෝධය, කන්න නැතත් ඉන්න රටක් වගේ දේවල් ගහන වෙන්න පුළුවන් ඉදිරි කාලයේ ට්‍රම්ප්වාදය ජයගන්න පුළුවන්.විශේෂයෙන් වීරයෙක් නැති වෙලාවක ඇමෙරිකන් වැඩකරන පංතියේ වීරයා තවමත් ට්‍රම්ප්.

ට්‍රම්ප්ගේ නැඟීම වෙනුවෙන් දෙස් දෙවොල් තියනවා වෙනුවට ඇමෙරිකාව හොයාගන්න ඕනි ට්‍රම්ප් අභිභවන්න තරම් හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ජනප්‍රිය සටන්කරුවෙක්.
මොකද ට්‍රම්ප් මේ නැගිටින්නේ කවදාවත් 'ට්‍රම්ප් එපා' (Never Trump) කියල දේශපාලන ව්‍යාපාරයක් පවා ගොඩනැගුණු රටක...

එහෙට වගේම මෙහෙටත් අදාලයි මේක.

Mahesh Hapugoda
(ආචාර්ය මහේෂ් හපුගොඩ)

සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...