The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
Opinion

ඝාතන කලාව.... (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

January 20, 2024 • 4:10 PM

ඝාතන කලාව.... (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමන්ගේ අතින් තවත් මනුෂ්‍යයෙක් මැරුණා නේද කියන සහකම්පනයවත් නැති පොලිස් ත්‍රාඩයෝ
  • ඒ ඉතිහාසය ඇතුලේ දේවල් ගලාගිය පිළිවෙලක් තියනවා.
  •   71කේ සෑහෙන දුරකට පොලිසිය සහ හමුදාව මේ කලාව ප්‍රගුණ කළා.
  • ඒක තරුණ සමාජය ඇතුලේ මුදාහැරිය.
අකුරු ප්‍රමාණය (Font Size):

පොලිස් දෙපාර්තමේන්තුවේ බිහිවෙන්නේ නිකම්ම නිකම් ඕපපාතිකව නෙවෙයි. මනුෂ්‍ය ඝාතන කියන එක ''කලාවක්'' වුනෙත් මේ අද ඊයේ දවසක නෙවෙයි.

මේ හැම හැම දේකටම ඉතිහාසයක් තියනවා. ඒ ඉතිහාසය ඇතුලේ දේවල් ගලාගිය පිළිවෙලක් තියනවා. මිනිස්සු කියන්නේ ඒ ඉතිහාසයේ නිර්මාණයක් ගොඩක් වෙලාවට.

 

71කේ සෑහෙන දුරකට පොලිසිය සහ හමුදාව මේ කලාව ප්‍රගුණ කළා. ඒක තරුණ සමාජය ඇතුලේ මුදාහැරිය. ඒ මිනිස්සු අරගල කළේ කුමක් සඳහාද කියන එක ගැනවත් මේ ''ආරක්ෂක අංශය'' කියන අයට හැඟීමක් තිබ්බේ නැහැ.

 

කවදාවත් උසස් මිනිස් අභිලාෂයන් කියන ඒක එයාල දැනගෙන හිටියේ නැහැ. නැත්නම් දැනගන්න ඕනි උනේ නැහැ.

88-89ට එනකොට මේ ඝාතන කලාව සංධවනියක් උණා. හිතූ හිතූ විදියට මරල පාරේ පුච්චන්න ගත්ත. උඹල නැගිට්ටොත් පාරේ පුච්චනවා කියන පණිවිඩය දුන්න. ඒ සංධවනිය මෙහෙයවන්න රන්ජන් විජේරත්න ප්‍රේමදාස උඩුගම්පොල වගේ මාස්ටර්ල හිටිය (maestro).

උතුරේ අරගලය ඉවර වෙනකොට මේ 'මානුෂික මෙහෙයුම්' කරපු සංධවනියේ අය අතින් ඒක ''ඝාතන කෙතක්'' (killing field) බවට පත්වුණා කියල ලෝකයට වාර්තා වෙලා තියනවා.

ලංකාව ඝාතන කෙතක් කරපු අයගෙන් අපිට මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ තමයි.

 

ඒ අනුව බුකියේ කවුරුහරි ලියල තිබ්බ නාරම්මල දී, රඹුක්කන දී අපි දැක්කේ අහම්බයන් නෙවෙයි, මේ තමයි ලංකාවේ පොලිස් නිලධාරියෙක්ගේ සාමාන්‍ය තත්වය කියල. මේ දැක්ක දේ අතිශයින් සාමාන්‍යයි කියල. මොකද මේක නිශ්චිත ඉතිහාසයක ප්‍රථිපලයක් නිසා.

ඝාතන සංධවනියක් සහිත අඳුරු සංස්කෘතියක් ඇතුලේ සංස්කෘතිකකරණය වෙච්ච පොලිස් නිලධාරියෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ තමයි....

''ඝාතන කලාව'' කියල ඉංග්‍රීසියෙන් ලියල තියනවා මම මුල්වරට දැක්කේ රිචඩ් ද සොයිසාගේ කවියක. 

 

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

 hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...