The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
Opinion

ජයවර්ධන විදේශ ප්‍රතිපත්තිය සහ වික්‍රමසිංහ විදේශ ප්‍රතිපත්තිය - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)

T

The Leader Desk

January 22, 2024 • 5:33 AM

ජයවර්ධන විදේශ ප්‍රතිපත්තිය සහ වික්‍රමසිංහ විදේශ ප්‍රතිපත්තිය - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර) 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රතු මුහුදේ හූති කැරලිකරුවන්ට එරෙහිව නාවික හමුදාව යෙදවීමට ගත් තීරණයත්, ජර්මනියේ රූපවාහිනි නාලිකාවකට බටහිර රටවල් විවේචනය කරමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවත් සිහි කරවන්නේ ඔහුගේ මාමා වූ ජේ ආර් ජයවර්ධනය.
  • එකල ජනාධිපතිවරයාට කියුබානු නායකයාගෙන් හවානා සුරුට්ටු තෑගි වශයෙන් ලැබුණු බව කියනු ලැබේ..
  • නමුත් කිසිදා ’''යැංකි ඩිකී'' නාමධාරි ජයවර්ධන ජනාධිපතිවරයා කොමියුනිස්ට් නායකයන් හිතවත් රාජ්‍ය නායකයකු ලෙස සැලකුවේ නැත.
  • 1980 දී නැවත ඉන්දිරා ගාන්ධි මැතිනිය බලයට පත්වූ පසු උග්‍ර ශ්‍රී ලංකා විරෝධී ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළේ ජයවර්ධන ජනාධිපතිවරයාගේ ඇමරිකාවට සහ බටහිරට ගැතී විදේශ ප්‍රතිපත්තිය හේතුවෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

12189312 711803945617554 3367600319681447004 o

කිසිදා ’''යැංකි ඩිකී'' නාමධාරි ජයවර්ධන ජනාධිපතිවරයා කොමියුනිස්ට් නායකයන් හිතවත් රාජ්‍ය නායකයකු ලෙස සැලකුවේ නැත

 

අසූව දශකයේ මැද භාගයේ රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් මුද්‍රණය කොට බෙදා හරින ලද පොතක පිටකවරයක් මට අද මෙන් මතකය. එහි කවරය සරසා තිබුණේ ජනාධිපති ජයවර්ධන වැළඳගෙන සිටින කියුබානු නායක ෆිදෙල් ක්‍රස්තෝගේ ඡායාරූපයකනි. එකල ජනාධිපතිවරයාට කියුබානු නායකයාගෙන් හවානා සුරුට්ටු තෑගි වශයෙන් ලැබුණු බව කියනු ලැබේ.. නමුත් කිසිදා ’''යැංකි ඩිකී'' නාමධාරි ජයවර්ධන ජනාධිපතිවරයා කොමියුනිස්ට් නායකයන් හිතවත් රාජ්‍ය නායකයකු ලෙස සැලකුවේ නැත.

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අද්‍යතන ප්‍රශ්න(ය) කවරේද? - ගාමිණී වියන්ගොඩ

1980 දී නැවත ඉන්දිරා ගාන්ධි මැතිනිය බලයට පත්වූ පසු උග්‍ර ශ්‍රී ලංකා විරෝධී ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළේ ජයවර්ධන ජනාධිපතිවරයාගේ ඇමරිකාවට සහ බටහිරට ගැතී විදේශ ප්‍රතිපත්තිය හේතුවෙනි. එවකට සෝවියට් සංගමය සමඟින් සමීපව කටයුතු කළ ඉන්දියාව සියලු දමිළ බෙදුම්වාදී කණ්ඩායම් වලට මදුරාසියේදී අවි පුහුණුව ලබාදීමට කටයුතු කළේය. අවසානයේ සිදුවූයේ 1984 වන විට රජයේ හමුදාවන්ට යාපනය කොටුවට සීමා වීමට සිදුවීමයි.  

රාජපක්ෂලාට මුවාවී චීනයට ටොකු අනින ඉන්දියාව - රටේ රාළ
ඉන්දීය බලපෑම් මත තිම්පු සාකච්ඡා පැවැත්වීමටත්, අපගේ ගුවන් තීරය ආක්‍රමණය කළ පුවමාලයේ මෙහෙයුමෙන් පසු සිය කැබිනට් සභයන්ගේ විරෝධය මත ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමටත් ජයවර්ධන ජනාධිපතිවරයාට සිදුවිය. නමුත් 'යැංකි ඩිකීට' කිසිදු යුධ ආධාරයක් බටහිරින් නොලැබුණ අතරින් අඩුම වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය මුදලට හෝ බෙල් හෙලිකොප්ටර් ගුවන් හමුදාවට විකුණුවේ නැත.

umaබටහිර රටවල් එසේ අපට යුධ උපකරණ නොවිකුණන ලද තත්ත්වයක් යටතේ ජයවර්ධන ජනාධිපතිවරයාට නැවතත් ඊශ්‍රායලය සමඟ සබඳතා තර කර ගැනීමට සිදුවිය. (1970 දී සිරිමා බණ්ඩාරනායක මැතිනිය විසින් ඊශ්‍රායල් තානාපති කාර්යාලය වසා දමා තිබුණු අතර 1975 දී පලස්තීන තානාපති කාර්යාලයක් කොළඹ ආරම්භ කරන ලදී) නමුත් ජයවර්ධන ජනාධිපතිවරයා සමඟ පලස්තීන සබඳතා යහපත් නොවූ අතර ප්ලොට්  සංවිධානයේ නායක උමා මහේශ්වරන් ආදීන් ගරිල්ලා පුහුණුව ලබා ගත්තේ යසර් අර්පත් ගේ අනුග්‍රහය යටතේ පලස්තීනයේදීය.

 

13087228 786462921484989 5139551799189636846 o

තිස් වසරක යුද්ධයට ජනාධිපති ජයවර්ධනගේ විදේශ ප්‍රතිපත්තිය ඉන්ධන සැපයූ අතර 1982 අප්‍රේල් දෙවන දා මහා බ්‍රිතාන්‍ය විසින් ආජන්ටිනාවට අයත් ෆෝක්ලන්ත දූපත් ආක්‍රමණය කරන ලද අවස්ථාවේ දී ජනාධිපති ජයවර්ධන විසින් ගන්නා ලද තීරණය අද දක්වා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ආජන්ටිනාව අපට එරෙහි වීමට හේතුවක් වී ඇත. එවකට විදේශ අමාත්‍යවරයා වූ ඒ.සි.එස් හමීඩ් බ්‍රිතාන්‍යයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට වික්ටෝරියා ජලාශය ගොඩනැගීමට ආධාර ලැබීම මෙන්ම කෙදිනක හෝ මහ රැජින සමග අශ්ව කරත්තයේ යෑමට ජයවර්ධන ජනාධිපතිවරයාගේ තිබූ ආශාව හේතු වන්නට ඇත.

The Leader | We Lead the Nation - Results from #6787

මේ වනවිට ජනාධිපති වික්‍රමසිංහ ලංකාවට වඩා වැඩි කාලයක් අප වෙනුවෙන් ගත කරන්නේ විදේශයන්හිය. 2015 අගමැති වූ විට වසර එකහමාරකට කොළඹ වරාය නගරයේ වැඩ නතර කළේ ද ඔහුය, දැන් ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් වී තිබෙන්නේ බටහිරට පසු කරමින් නැගෙනහිර ආසියාවේ ඇති වෙමින් තිබෙන ආර්ථික ප්‍රබෝධය නිසා ය.

නමුත් ජනාධිපති ජයවර්ධන මෙන්ම වික්‍රමසිංහ ජනාධිපතිවරයාද ක්‍රියා කරන්නේ සමාන ආකාරයෙන් බව රතු මුහුදට නැව් යැවීමේ අභිලාෂයන් ප්‍රකාශයට පත් කොට ඇත. 



කොළඹ වරායේ මේ වනවිට නාවික මෙහෙයුම වැඩිවී ඇත්තේ දකුණු අප්‍රිකාවේ කේප් තුඩුව වටා යාත්‍රා කරන නැව් මෙරට පැමිණවීම හේතුවෙනි. අපට කිසිදු වාසියක් නැති ගැටුමකට මැදිහත්වීමට ක්‍රියා කිරීමෙන් ජනාධිපති වික්‍රමසිංහ ද මාමාගේ අඩි පාරේම ගමන් කරන්නෙකු බව පසක් කොට ඇත.



සටහන :
Rasangaනීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර
නිදහස් ලේඛක
prasadrharischandra@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...