The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
Opinion

විසිවෙනි සියවස මිස් වුණාද මිස් කළාද? - (නීතීඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

T

The Leader Desk

January 22, 2024 • 2:03 PM

විසිවෙනි සියවස මිස් වුණාද මිස් කළාද? - (නීතීඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “තේ රබර් පොල් තරමටම නායකයන් පරණයි. දැක්මක් දෘෂ්ඨිවාදයක් රට ගැන නො තිබීම
  • ඉන්දිය සම්භවයක් ඇති ජාතිකයෙන් එංගලන්තයේ අගමැති වෙනවා.
  • පැමිණි අය විශ්මයෙන් අසා සිටින බව වරින් වර එකී රාමුරාමු අතර දැකිය හැකිය.
  •   අනුර ඉහත ප්‍රකාශයේ කියා ඇති බොරු කිහිපයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

හේතුවෙන් අපේ රට විසිවෙනි සියවස අත් හැරියා. අහිමි කළා. අපි විසිවෙනි සියවස මිස් කරපු ජාතියක්. ලෝකයේ මහා පිමි පැන්නේ විසිවෙනි සියවසත් එක්ක. අපි අතීතයේ. කුල පදනම නිසා කලු ජාතිකයෙක් අමෙරිකාවේ ජනාධිපති වෙනවා. ඉන්දිය සම්භවයක් ඇති ජාතිකයෙන් එංගලන්තයේ අගමැති වෙනවා. කුල හීන කාන්තාවක් ඉන්දියාවේ ජනාධිපති ධුරයට පත් වෙනවා. ලංකාවේ වංසෙ කබල් ගගා ඉන්නවා.”මේ මුහුණු පොතට එකතු වූ අනුර කුමාරගේ කතාවක  කොටසකි. පැමිණි අය විශ්මයෙන් අසා සිටින බව වරින් වර එකී රාමුරාමු අතර දැකිය හැකිය.

වාචාලයෙකුගේ කටක් ඇරුණ පසු දෙ ඇස් වැසී මොළයත් විකෘති වෙනවා යයි ඕස්ට්‍රේලියාවේ එක් ලෙඩෙක් සඳහා ගිලන් රථ දෙක බැගින් එනවා කී අනුරගේ කතාව ඇසූ වැඩිහිටියෙක් කීවේ උපහාසයෙන් සිනාසෙමිනි.  

zxcvsdfr
අනුර ඉහත ප්‍රකාශයේ කියා ඇති බොරු කිහිපයකි. වර්තමාන ඉන්දීය ජනාධිපති දෞප්‍රදී මුර්මු මැතිනිය ගෝත්‍රික කාන්තාවක මිස, අනුර කියන ලෙස කුල හීන කාන්තාවක  නොවේ. ලංකාවේ ජන වහර අනුව නම් වැද්දියකි. ලංකාවේ වැදි පරපුර සිංහලයන්ටත් වඩා නාම ගෝත්‍රයෙන් ශක්තිමත් ලෙස පිළිගැනෙයි. කල්ලෙක් ජනාධිපති කමට තෝරා ගත්තා කියා ධනවාදි  අමෙරිකාවටත් අනුර සහතිකයක් දෙමින් කළ ප්‍රකාශයේ පල් බොරු දෙකකි.  

පළමුවැන්න බැරක් ඔබාමා අමෙරිකාවේ ජනාධිපති වුණේ විසි එක් වෙනි සියවසේ (2009-2017) මිස විසිවෙනි සියවසේ නො වීමය. දෙවැන්න ලංකාවේ මිනිස්සු කුල කතා ප්‍රතික්ෂේප කොට ආර්.ප්‍රේමදාස 1988දී ලංකාවේ ජනාධිපති කළ බව යටපත් කිරීමය. ප්‍රේමදාස ජයග්‍රහණය කළ ඒ මැතිවරුණයේදී අනුර කුමාරලා ඡන්ද පොළට එන පළමු දස දෙනාට වෙඩි තබා රටම බිය ගැන්වූහ.


එසේම ජවිපෙය හැමදාම කුල වාදය කර තියා ගත් බව අනුර අමතක කරයි. 1969දී ඩී.අයි.ජී.ධර්මසේකර ලියූ පොතක ජවිපෙය චේ ගුවේරා නොව කේ (කරාවේ) ගුවේරා විය යුතු යයි ලියා තිබිණ. වීරවංශලා ජවිපෙය හැර ගියේ වාචාලකම සමග අපේක්ෂිත කුල සුදුසුකම නො තිබුණ නිසාය. හරිනි අමරසූරිය ජවිපෙය තෝරා ගත්තේ සජිත්, ශාන් ලාල් තෝරා ගැනීමටත් කලිනි. 1971දී ජනතා විමුක්ති පෙරමුණ පන්ති පහ පැවැත්වීමට තෝරා ගත්තේත් හඳුනා ගත් කුල සාමාජිකයන් බහුල ගම්මාන බව විනිසුරු අලස්ගේ අප්‍රේල් කැරැල්ල ගැන පළ කළ පොතේ දැක්වේ. අදටත් මැතිවරණ කොට්ඨාශ සීමා නිර්න කොමිෂම කුල ක්‍රමය සැලකිල්ලට  නො ගන්නේද යන්න ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුමගෙන් සැක හැර අසා දැන ගත හැකිය. කවුරු කැමති අකමැති වුවද කුලය අදටත් ලංකාවේ සමාජ සාධකයකි.  රටේ දැවෙන ආර්ථික මාතෘකා මග හැර දෙශපාලනය කිරීමේදී මෙවැනි වැරදීම් සිදුවේ.

xzdgfsrt
2019දී රටේ  95 පැට්‍රල් ලීටරය රුපියල් 128ට, ගෑස්  සිලින්ඩරය රුපියල් 1350ට, සිමෙන්ති කොට්ටය රුපියල් 850 පැවතියදී ඔබයි අපේ මිනිසා හැටියට ගෝඨා තෝරා පත් කොට රටක් විනාස කළ හැට නව ලක්ෂයෙන් කොටසක් මාලිමාවට එක් වී අනුර කුමාරගේ විසිවන සියවසේ කතාවට අත්පුඩි ගසති. ඔවුන් එදා ගියේ තමන් ඒකරාශී කළ සෞභාග්‍ය අමෙරිකාවේ තබා ලංකාවට පැමිණි ගෝඨා පසුපස ය. අද ඔවුන් යන්නේ රටේ තබා ජවිපෙ ඉතිහාසය හෝ නො දන්නා අනුර කුමාරලා පසුපසය.  


රුපියල් දෙදහටත් පැට්‍රල් ලීටරයක් සොයා ගත නොහැකිවූ ලංකාවේ අද තත්වය ගැන කියන්නෙකුට රනිල් පරදිනවා කියා නැවත නැවත කියා ඇඟ බේරා ගන්නැයි අනුර අනුගාමිකයන් හමුවේ. ඩබල් ඇන්බියුලන්ස් කතාව, විසිවෙනි සියවස අහිමි වීමේ කතාව ගොතන්නේ රටේ ආර්ථීකය විවේචන කළ නො හැකි  නිසාය. දැන් මාලිමාවට රුසියාව ගැන කියුබාව ගැන චිනය ගැන කතා කළ නොහැකිය. විවෘත ආර්ථිකය තෝරා ගොඩ නැගුණ චීනයත් වියට්නාමයත් කොමියුනිස්ට් ක්‍රමයෙන් බැහැර වී හමාරය. විවෘත ආර්ථිකය තෝරා ගත් කියුබාව ඇන ගත්තේ මාක්ස් ලෙනින් වාදය කර තබා ගත් නිසාය. එය හරියටම නවසිය හැට තුනේ තෙල් පැට්‍රල් ව්‍යාපාර ජනසතු කොට ලංකාව කෙළවා ගත්තා වාගේය.

අනුර මේ අනම් මනම් කියමින් ගොත ගසන්නේ ලෝකයේ ගතික ආර්ථික ක්‍රමවේදයන්ට පස්ස හරවා ගෙනය. ජෙමී රාමොන් ලුසින්චිගෙන් වෙනිසියුලියාව භාර ගත් හියුගෝ චාවේස් හිතුවේත් අවශ්‍ය බලය ලැබුණාම කියුබාව දෙසට හැරී උදේ ඇඳෙන් නැගිට්ටාම ආර්ථිකය කෙළින් වෙයි කියාය. අනුර විසිවෙනි සියවස මිස් වුණා කියමින් මේ විලාප දෙන්නේ තවත් වෙනිසියුලියාවක් නිර්මානය කිරීමටය. ලෙනින් ලංකාව භාර ගත්තත් අතිරික්ත සේවකයන් පින් පඩි ගෙවමින් රාජ්‍ය ආයතන නඩත්තු කළ නො හැකිය.  

zdfgwee45
පසුගිය නොවැම්බරයේ අයවැයෙන් පසුව අනුරලා හඳුන්නෙත්තිලා තම ආර්ථික ප්‍රතිපත්ති ගැන කතා කිරීම අත් හිටුවා ඇත. අලුත්ම සින්දුව විසිවෙනි සියවස මිස් වීම ලංකාවට අහිමි වීමය. ලංකාව විසිවෙනි සියවසේ ලංකාවේ ශක්තිය දුර්වල කළ පෙරළි නො තිබුණා නොවේ. 56 පෙරළියේ ශාපය අදටත් රට දෙකඩ කළ හූනියමකි. 70 තුනෙන් දෙකේ පෙරළියෙන් සුළු ජාතීන් අපෙන් වෙන් විය. තරඟ විභාග වෙනුවට  රෙස්ට් හවුස්වලට කෙල්ලන් ගෙන්වා ආණ්ඩුවේ රස්සා දීම ආරම්භ වුණේ 72 ව්‍යවස්ථාව යටතේය. යන්තම් ඒ දූෂිත ක්‍රමයෙන් ගුරු සේවය මුදවා ගත් විද්‍යා පීඨ ආරම්භ කළේ නවසිය අසූ ගණන්වලය.



1990දී තරුණ අසහන කොමිෂන් නිර්දේශ අනුව යළි තරඟ විභාග ක්‍රමය නීතිගත කළද 1994 පෙරළියට පසුව නැවත රුපියල් සත වලට ලිංගික අල්ලසට ආණ්ඩුවේ රස්සා බෙදීම හේතුවෙන් අද රාජ්‍ය සේවය රටටම බරක් වී හමාරය. ලංවිමයේ පමණක් දා හත් දහස් ගණනක් අතිරික්ත සේවක පිරිසක් පින් පඩි ලබති. නවසිය අසූ ගණන්වල සිට ලංවිම සේවකයන් ගත් ණය මුදලේ පොලිය ලංවිම අදායමෙන් ගෙවති. වරායේ සේවකයන් පමණක් ඉරිදා අති කාල කළ විට පැය අසූවක ගෙවීමකට හිමිකම් ලබති.

මාලිමා පාලනයකදී මේ කම්කරු අයිතීන් සමස්ත රාජ්‍ය සේවයට ලබා දෙනවාද? ඇසූ විට කියන්නේ ප්‍රශ්න අහන්න එපා අපි කරලා පෙන්වන්නම් කියාය. මේ පෙළ ගැසෙන්නේ සෞභග්‍ය දැක්ම නාඩගමේ දෙවන කොටස මිස සිස්ටම් චේන්ජ් එකක් නම් නොවේ. මේ සියල්ලට අමතරව පොලිසියේ හමුදාවේ රස්සා වලින් ඉවත් නො වීමේ වරදට දරුවන් ඉදිරිපිට තම නිවසේදීම පියවරුන් මරා දැමුවේත් විසිවෙනි සියවසේදීමය.


ෆෙඩ්රල් ඉල්ලා සටන් කළ එස්.ජේ.වී. චෙල්වනායගම් කේරලයෙන් ලංකාවට සංක්‍රමණය වුණාට තඹුත්තේගම උපන් අනුර කුමාර දිසානායක ගොඩ ගියේ නිදහස් අධ්‍යාපන ක්‍රමය නිසාය. අනුරට මහපොළ ශිෂ්‍යත්ව ප්‍රතිලාභත් ලැබුණා  විය හැකිය. ඒ නැතත් මහපොළ වැඩි කරව් කියා අදටත් සටන් මෙහෙයවති. ඇන්.ඇම්. පෙරේරා සරසවි සිසුන්ට ලබා දුන් බැංකු ණය, ඇප වි හැකි නෑයෙකු නොවූ නිසා මේ ලියන මටත් ලබාගත නො හැකි විය. ඒත්  විසිවෙනි සියවසේ ආරම්භ කළ ලලිත්ගේ මහපොළ ශිෂ්‍යත්වය කන්නන්ගරගේ නිදහස් අධ්‍යාපන ක්‍රමය මෙන්ම අදටත් සක්‍රිය ප්‍රදානයකි.

මේ අනුව විසිවෙනි සියවස කාට මිස් වුණත් අනුර කුමාර දිසානායකලාට නම් මිස් වෙලා නැත. ඇත්තේ වාසිය සඳහා රටේ ඉතිහාසයට ද්‍රෝහි වීම පමණකි. ජනපද ව්‍යාපාර (1938) නිර්මාතෘ ඩී.එස්.සේනානායක, නිදහස් අධ්‍යාපනයේ (1943) පියා ආචාර්ය සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මහපොළ (1983) නිර්මාතෘ ලලිත් ඇතුළත් මුදලි මෙන්ම, අනුර උපන් තඹුත්තේගම දෙකන්න පූදින ගම්වර බවට පත් කළ ගාමිණි දිසානායක (1978) අනුරගේ විග්‍රහයට අනුව තේ පොල් රබර් වැනි නායකයන්ය.  


xzdfgvsrt
අනුර කුමාර උපන් අනුරාධපුරයේ කාගම කටියාව ජනපද ව්‍යාපාරය ඇතුළු ගොවි ජනපද නිර්මානය කළ ඩී.එස්.සේනානායක යනු අනුර කුමාරට අනුව අත් හැරුණ විසිවෙනි සියවසේ ලංකා ඉතිහාසයේ අපතයෙක්ද? අනුරගේ තර්කය අනුව විසිවෙනි සියවස ලංකාව අත් හැරියා නම් සිරිල් පොන්නම්පෙරුමලා නාසා යන්නේ නැත. මොනරාගල දිසාපති වී විශ්‍රාම ගත් තඹුත්තේගම උපන් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු 5 ශිෂ්‍යත්වය සමත්ව අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට එනවිට ඔහුගේ අම්මා පින් පඩි ලබන්නියකි. තඹුත්තේගම උපන් ජයසේන දිසානායකත් විසිවෙනි සියවසේ ජයග්‍රහණයකි. හේරත් බණ්ඩා ළමා යෝධයා මාධ්‍ය විසින් පුම්බා තැබීම නිසා අසාර්ථක විය. මේ විසිවෙනි සියවසේ සාර්ථක සහ අසාර්ථකත්වය පිළිබඳ  තඹුත්තේගම කතාය. විසිවෙනි සියවසේ ජයග්‍රාහී ශ්‍රී ලංකාවේ අසාර්ථක හෝ අකෘතඥ චරිතය අනුර කුමාර නො වේවා.



ගොවි ජනපද ආරම්භයේ කපුටන් වැනි මැලේරියා මදුරුවන්ට බිළි වීමට ගොවි ජනපදවලට නොයන ලෙස සමසමාජ නායකයෝ ජනතාවට ආයාචනා කළහ. නිදහස් ලංකාවේ පළමු ගොවි ජනපද ව්‍යාපාරය වූ ගල්ඔය ඉදි කිරීමට සතයක් හෝ විදේශවලට ණය වී නැත. කොමියුනිස්ට් පක්ෂයේ ඇස්.ඒ. වික්‍රමසිංහ ලියූ ඉදිරි මග පොත් පෙළේ ගල්ඔය ගිලා බසින බවට අනාවැකි පළ කළ පරිච්ඡේදය අවසන් වන්නේ මෙසේය.

“ගල්ඔය ව්‍යාපාරය වූ කලි, යූඇන්පි ආණ්ඩුව විසින් මෙතෙක් කරන ලද නොයෙක් ආර්ථික ව්‍යාපාරවල දී, ඉතාමත් හිතුවක්කාර ලෙස හා ඉවක් බවක් නැතිව මහජන මුදල් නාස්ති කර දමා තිබෙන අන්දම පෙන්වන කදිම උදාහරණයකි. නවීන වාරිමාර්ග ඉතිහාසයේ මේ අන්දමේ නාස්තියක් ගැන දැන ගන්නට ලැබී නැත. තමන්ට හැකි තරම් ලාභයක් උපයා ගැනීමට විදේශ කොම්පැනියක් විසින් මේ රටේ ජනතාව මෙතරම් භයානක ලෙස රැවටීමක්, අප රටේ මින් පෙර සිදු වී නැත.” 75 පිට.

විසිවෙනි සියවසේ නිර්මානය කළ ගල්ඔය ව්‍යාපාරය විසි එක්වෙනි සියවසේ අදටත් අක්කර එක් ලක්ෂ විසි දහසකට දෙකන්න දියවර සපයන බව දිගාමඩළු  ජනතාව දනිති. ලංකාවට මාක්ස්වාදය හඳුන්වා දුන් ඇන්. ඇම්. එස්.ඒ. වික්‍රමසිංහ ආදීන්  ලාබ උපයා ගැනීමට යූඇන්පිය කරන මේ ව්‍යාපාර නාස්තියක් බවට කළ කතා මාලිමාවෙත් තුරුම්පුව වී තිබේ. කොල්වින් නිර්මානය කළ 1972 ජන රජ ව්‍යවස්ථාවෙන් එතෙක් සුළු ජාතිකයන් සතුව පැවති අයිතින් ගැන කතා නො කළ ඇන්.ඇම්. 78 ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව ගැන පොතක් ලියා පළ කළේය.

cvbhty
අනුර කුමාර 2005දී ප්‍රභාකරන් සමග එක්ව රටට හොරකම දූෂණය වංචාව හඳුන්වා දුන් මහින්ද රාජපක්ෂ බලයට පත් කළේය. විසිවෙනි සියවසට අදාළ ලංකා ඉතිහාසයේ දේශපාලනික කියවීම අදටත් එසේමය. විසිවෙනි සියවසේ ශ්‍රී ලාංකේය වාමවාදි දේශපාලනය සිදු කළ විනාශය ජනතා විමුක්ති පෙරමුණ මාලිමාවට මුවා වී විසි එක් වැනි සියවසටත් රැගෙන විත් හමාරය. ඔවුන් ඉල්ලන්නේ අවුරුදු පහකට අවස්ථාවකි. දීම හෝ නො දීම ජනතාව තිරණය කරනු ඇත.



chandrasiri senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විසිවෙනි සියවස මිස් වුණාද මිස් කළාද? - (නීතීඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න) | The Leader