The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
Opinion

අනුර ෆේස්බුක් එකේ ජනපති විතර ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

January 24, 2024 • 9:14 AM

අනුර ෆේස්බුක් එකේ ජනපති විතර ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුවේ කට්ටිය ජාතික ජන බලවේගයේ අනුර සහෝදරයා වෙනුවෙන් පාවිච්චි කරන යෙදුම තමයි ''ෆේස්බුක් එකේ ජනාධිපති'' කියල.
  • ඇත්ත වශයෙන් මහා කරදරයක් වෙලා තියන මේ සමාජ මාධ්‍ය නැති උනානම් උන් දන්නවා නයි ටික නටවල ගන්න.
  • ඒ නිසා සමාජ මාධ්‍ය නැති සන්දර්භයක උනත් ඔවුන්ට තමන්ගේ පණිවිඩය ගෙනියන්න පුළුවන් යම් වැඩ පිළිවෙලක් තියනවා.
  • නැත්නම් එයාලත් ඇත්ත දන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒකට එක හේතුවක් තමයි සමාජ මාධ්‍ය වල ඉන්න සෑහෙන දේශපාලන සවිඥාණිකත්වයක් සහිත පිරිසක් මේ ප්‍රධාන ධාරාවේ පක්ෂ දෙකේ දේශපාලනය වෙනුවට වෙනත් දේශපාලනයක් සොයමින් සිටීම සහ ඒ නිසාම ඒ පිරිස් විසින් ඒ සඳහා බලපෑම් සහගත මතයක් සමාජගත කිරීම.

 

ගෝල්ෆේස් අරගලයක් සිදුවූවේ නැත -(Mahesh Hapugoda)
ඒ වගේම අරගලය වෙලාවෙත්, වෙනත් අණ පණත් එන හැම වෙලාවක්මත්, පොලිස් මර්ධනය වගේ ඉතාම පැහැදිළි සාක්කි සහිත වෙලාවලත්, ගෝලීය වශයෙන් වැදගත් දේශපාලන නැඹුරුවක් පවතින වෙලාවලත් මේ ''ෆේස්බුක් සමාජ කණ්ඩායම'' වඩාත් සවිඥානික විදියට වැඩකිරීම. වෙනත් විදියකට කිව්වොත් ආණ්ඩුවේ මතයට වෙනස් මතයක ඉඳගෙන වැඩකිරීම. 

එහෙම සමාජ මාධ්‍ය කියල එකක් නැති උනානම් ඉතින් වන් වේ ට්‍රැෆික් තමයි. ඒ කියන්නේ ආණ්ඩුවේ මාධ්‍ය ටිකයි, ආණ්ඩුවට හසුරුවන්න පුළුවන් මාධ්‍ය අයිතිකාරයන් අරින නයි ටිකයි විතරයි මේ ලාංකික පොළවේ ඉතුරුවෙන්නේ. ඇත්ත වශයෙන් මහා කරදරයක් වෙලා තියන මේ සමාජ මාධ්‍ය නැති උනානම් උන් දන්නවා නයි ටික නටවල ගන්න.

හැබැයි ජාතික ජන බලවේගය සහ ජවිපෙ ඉතාම වැදගත් දෙයක් දැන් සෑහෙන කාලයක් තිස්සේ කරමින් ඉන්නවා. ඒ තමයි ජාතික ජන බලවේගයේ අය සමාජ මාධ්‍ය පරිපථයට හසු නොවෙන්න පුළුවන් සමාජ කණ්ඩායම්, විශේෂයෙන් ග්‍රාමීය කොටස්, වෙතත් ගමන්කරමින් සිටීම. ඒ නිසා සමාජ මාධ්‍ය නැති සන්දර්භයක උනත් ඔවුන්ට තමන්ගේ පණිවිඩය ගෙනියන්න පුළුවන් යම් වැඩ පිළිවෙලක් තියනවා.

405902018 918306569665573 4352675463669995004 n
ඒ වගේම නගරයේ විතරක් නෙවෙයි ගම් දනව් වලත් විශාල වෙනස්කම් සිදුවෙමින් පවතිනවා.

ඒ අනුව අනුර කුමාර සහෝදරයා ෆේස්බුක් එකේ ජනාධිපති විතරක් නෙවෙයි කියල චන්දයක් තිබ්බොත් තේරෙයි....

ඕනෑම දෙයක එක තැනක් එනවා ඒ තැනින් පස්සේ දේවල් ආපසු හරවන්න අමාරුයි. අනුර දැන් ඉන්නේ ඒ වගේ තැනක කියල මට හිතෙනවා. 

අවිඥාණික හිතේ සැනසීම වෙනුවෙන් තමයි අනුර ෆේස්බුක් එකේ ජනාධිපති විතරයි කියල කියන්නේ. නැත්නම් එයාලත් ඇත්ත දන්නවා. මොකද අපි කවුරුත් බබ්බු නොවෙන හින්ද. 

 

384121758 887627606066803 8235370195714582174 n
ඒ නිසා චන්දෙ තියල බලන්න...

බලාගෙන හැදෙන්න මෙච්චර දේවල් තියන රටක....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අනුර ෆේස්බුක් එකේ ජනපති විතර ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ) | The Leader