The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
Opinion

ලෝකෙන් උතුම් රටේ මිනිස්සු පට්ට කුහකයි - (කුසල් පෙරේරා)

T

The Leader Desk

January 25, 2024 • 7:32 AM

ලෝකෙන් උතුම් රටේ මිනිස්සු පට්ට කුහකයි - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද පෝය දා පාන්දර මට ඇහැරුනේ වට්ස්ඇප් පණිවිඩයකට. ඒකත් විදේශගතව ඉන්නා හොඳ දේශප්‍රේමියෙකුගෙන් ආපු වට්ස්ඇප් පණිවිඩයක්.
  • ඊළගට ඡන්දෙ දීලා පත්කර ගන්නේ තමන්ට වාසි ගන්න, තමන්ගේ කියන මන්ත්‍රී කෙනෙක්.
  • මේ අවුරුදු 90 ක මැතිවරණ ඉතිහාසයේ හැම මැතිවරණයකදීම අලුත් තරුණ ඡන්දදායකයින් ඡන්දය දීලා තියෙනවා.
  • (කුසල් පෙරේරා) ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී kusal.perera@gmail.com 2024 ජනවාරි 25
අකුරු ප්‍රමාණය (Font Size):


“ඉතාම හොඳ නිවුස් එකක්. මචං ආරංචිද? අර පුත්තලමේ පිස්සා, ඇමතියා, අද පාන්දර කටුනායක හයිවේ එකේ ඇක්සිඩන්ට් එකකින් මැරිලා.”

තමන්ගේ ඡන්දෙන් තෝරා පත් කරන දේශපාලනඥයින් මිය ගිය ප්‍රවෘත්ති අසා ආතල් ගන්නා මෙහෙම ලෝකෙන් උතුම් රටක් නම් මේ පෘථිවියේ වෙන කොහේවත් නැතුව ඇති.

Sri Lankan children cheer behind a mock coffin of the dead Tamil Tiger leader Velupillai Prabhakaran to celebrate the country's military victory in Colombo on May 18, 2009.  The entire Tamil Tiger leadership including rebel leader Velupillai Prabhakaran has been wiped out by government troops, Sri Lankan state television announced.  AFP PHOTO/ROSLAN RAHMAN (Photo credit should read ROSLAN RAHMAN/AFP via Getty Images)

ප්‍රභාකරන්ගේ එල්.ටී.ටී.ඊය ජනාධිපති ප්‍රේමදාසව ඝාතනය කළ ප්‍රවෘත්තිය අසා රතිඤ්ඤා පත්තු කළ, කිරිබත් කෑව මිනිස්සු, ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපති යටතේ අවසන් කළ යුද්ධයෙන් ඒ ප්‍රභාකරන් ඝාතනය කළ ප්‍රවෘත්තිය අසා නැවත රතිඤ්ඤා පත්තුකර, දින ගණන් කිරිබත් කෑවා.

මහින්ද රාජපක්ෂ අසනීපෙන් ? (වීඩියෝ)

ඊළඟට ප්‍රභාකරන් සමග එල්.ටී.ටී.ඊයම විනාශ කළ ඒ මහින්ද රාජපක්ෂ 2023 දී අන්තිම අසාධ්‍යයැයිද පෞද්ගලික රෝහලක විශේෂ ප්‍රතිකාර ඒකකයක නවතා ඇතැයිද කියමින් මහින්ද රාජපක්ෂ අවසන් ගමන් යන දින ගණන් හැදූ මාධ්‍යවේදීන් කියාගන්නා අමනයින්ගේ ප්‍රවෘත්ති චැනල් දහස් ගණනින් ශෙයා කළේද මේ ලෝකෙන් උතුම් රටේ බැතිමතුන්මයි. ඒවාට අශිෂ්ට බසින් අශිෂ්ට විහිළු ලියමින් ආතල් ගත්තේද ඒ අයමයි.

එක අතකින් මේවා පුදුම වෙන්න කාරි නෙවෙයි. අවුරුදු 90 ක් තිස්සේ තාමත් ඡන්දය දෙන්න ඕනේ රට සංවර්ධනය කිරීම සඳහා සැළසුමක් ඇති ආණ්ඩුවක් පත්කර ගන්නට යැයි කියලා ඉගෙන ගන්න බැරි ජාතියක් කුලයට, ආගමට, ජාතියට, බාර් පර්මිට් ගන්න, වැලි පර්මිට් ගන්න, සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලවලට පත්වෙන්න, සභාපතිකම් ගන්න, විදේශ තානාපතිකම් ගන්න කොහේ හරි ඉන්න කවුරු හරි පාර්ලිමේන්තු යවලා, ඒ අයගෙන් තමන්වත් නොදන්නා “මහත්මා” දේශපාලනයක් ඉල්ලා, ඒ අයට බල්ලා, බූරුවා, ගොනා කියමින් අපහාස කරන රටක, මේවා නොවනවා නම් තමයි පුදුමේ.

මේ රටේ කවමදාවත් ආණ්ඩුවක් පත්කරන්න ඡන්දය දීලා නැහැ. පවතින ආණ්ඩුව එළවන්න තමයි ඡන්දෙ දෙන්නේ. ඊළගට ඡන්දය දීලා පත්කර ගන්නෙත් ආණ්ඩුවක් නෙවෙයි. ඊළගට ඡන්දෙ දීලා පත්කර ගන්නේ තමන්ට වාසි ගන්න, තමන්ගේ කියන මන්ත්‍රී කෙනෙක්. පක්ෂයකට ඡන්දය දෙන්නේ එහෙම නැතුව තමන්ගේ එකාට මනාප දෙන්න වෙන විදියක් නැති නිසයි. මේ අවුරුදු 90 ක මැතිවරණ ඉතිහාසයේ හැම මැතිවරණයකදීම අලුත් තරුණ ඡන්දදායකයින් ඡන්දය දීලා තියෙනවා. නමුත් කවම දාවත් තරුණයින් කියලා ඒ අය දීපු ඡන්දේ වෙනසක් තිබුණේ නැහැ.

පුද්ගලික තේරීම් අනුව එහෙම සෙට් එකක් පාර්ලිමේන්තු යවලා, “අන්න අරූ මැරිලා” කියලා කිරි බත් කාලා ආතල් ගන්න ඡන්දදායකයින් අන්ත කුහක ජාතියක්. ඒ කුහක කම සමාජ මාධ්‍ය ජාලවල වැඩියෙන්ම ප්‍රදර්ශනය කරන්නෙත් තරුණයින්ම තමයි.

Kusal 28(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2024 ජනවාරි 25


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලෝකෙන් උතුම් රටේ මිනිස්සු පට්ට කුහකයි - (කුසල් පෙරේරා) | The Leader