The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
Opinion

සනත් නිශාන්ත ප්‍රවර්ගයේ දේශපාලන සංස්කෘතිය අවසන් කළ යුතුව ඇත.....(ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

January 25, 2024 • 9:38 AM

සනත් නිශාන්ත ප්‍රවර්ගයේ දේශපාලන සංස්කෘතිය අවසන් කළ යුතුව ඇත.....(ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උදේ අවදිවෙනකොටම අහන්න දකින්න ලැබුණේ තිගැස්සෙන සුළු ප්‍රවෘත්තියක්. ඒ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ හදිසි මරණය.
  • ඒකෙ ඇත්ත නැත්ත මොකක් උණත් ඒක ඇත්ත වගේ වෙලා.  දේශපාලනය ඇතුලේ පිස්තෝල ඉනේ ගහගෙන, පාර්ලිමේන්තුව ඇතුලේ විපක්ෂ නායකට පවා තග දමමින් ගිය යම් ත්‍රාඩ අධිවේගයක් තිබ්බ මන්ත්‍රී කෙනෙක් තමයි සනත් නිශාන්ත කියන්නේ.
  • සනත් කියන්නේ අර කිව්ව ත්‍රාඩ ලුම්පන් දේශපාලනයේ ඉතාම විවෘත ප්‍රතිපලයක්.
අකුරු ප්‍රමාණය (Font Size):


කටුනායක අධිවේගේ සිද්ද වෙච්ච අනතුරක් පාදක කරගෙන මේ මරණය සිද්ද වෙලා තියනවා කියල ආරංචි උණත් සමස්තයක් විදියට සනත් නිශාන්ත පසුගිය කාලේ ගමන් කරපු වේගේ වැඩී. 

මම පවා ඊයේ රෑ හිතින් සාප කලා ඔන්ලයින් පණතට පක්ෂව චන්දෙ දුන්න එවුන්ව මකබෑවෙන්න කියල. මිළියන ගණනක් එහෙම සාප කළාම ඒ සාපය වදිනවා කියලත් අපේ මූලාකෘතික විශ්වාසයක් තියනවා. ඒකෙ ඇත්ත නැත්ත මොකක් උණත් ඒක ඇත්ත වගේ වෙලා. 



දේශපාලනය ඇතුලේ පිස්තෝල ඉනේ ගහගෙන, පාර්ලිමේන්තුව ඇතුලේ විපක්ෂ නායකට පවා තග දමමින් ගිය යම් ත්‍රාඩ අධිවේගයක් තිබ්බ මන්ත්‍රී කෙනෙක් තමයි සනත් නිශාන්ත කියන්නේ. ඒ ගමනේ අවසානය මීට වෙනස් එකක් වෙන්න කොහොමත් ඉඩ තිබ්බේම නැහැ. 

 90691031 12715237 444908529037911 4021376462933931317 n
සනත් නිශාන්ත ''පොහොට්ටු සංස්කෘතියේ'' ඉතාම ඉදිරිපෙළ පිළිඹිබුවක්. 

හැම පොහොට්ටු මන්ත්‍රී කෙනෙක්ම සනත් නිශාන්ත වගේ නොවුනත් පොහොට්ටු දේශපාලනය සහ බොහෝවිට එක්සත් ජාතික පක්ෂය 1978න් පස්සේ උඩගෙඩි දුන්න ලුම්පන් පහල පංතික දේශපාලනය කාලයක් තිස්සේ වර්ධනය වෙලා ඒක ගම් සහ නගරවල ස්වභාවික වෙලා ඒ ඔස්සේ ඒක අතිරික්ත ප්‍රමෝදයක් දක්වා ගමන්කරද්දී ඒ ප්‍රමෝදය ඇතුලේ තමයි සනත් නිශාන්ත ඇතුළු බොහෝ පිරිසක් පාර්ලිමේන්තු යන්නේ.

සනත් කියන්නේ අර කිව්ව ත්‍රාඩ ලුම්පන් දේශපාලනයේ ඉතාම විවෘත ප්‍රතිපලයක්. හැබැයි ඔය පාර්ලිමේන්තුවේ ඉන්න සුදු ඇඳපු ගොඩක් බැනියම් සරම් සහ සාටක අස්සේ සනත් නිශාන්තල ඉන්නවා. එයාල සනත් නිශාන්තල පාවිච්චි කරනවා. 

Sanath Nishantha 2020.07.17 1
සනත්ල බයික්වල වැඩදමමින්, ඉනේ පිස්තෝල ගහගෙන යනඑක දකින්න ආස තවත් ඉතාම සුළු පිරිසක් පුත්තලමේ ඉන්නවා වෙන්නත් පුළුවන්. 

සනත්ලට නිවැරදි වෙන්න, අර ඉහත කිව්ව ත්‍රාඩ දේශපාලන ගේස් එකෙන් (gaze) මිදෙන්න කාලයක් හෝ අවකාශයක් ස්වභාවධර්මයා දුන්නේ නැහැ වගේම තවත් බොහෝ අයට මේ දෛවය මේ විදියටම වැළඳගන්න සිද්ද වේවි. 

සනත් ඉවර උනාටම ඉවර වෙන්න නැති මේ දේශපාලනය සහ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනි ඒ නිසයි.

නිවන් සුව පතන්නේ නැහැ. ඒ එහෙම පතන්න බැරි නිසා.

බලාගෙන හැදෙන්න මෙච්චර දේවල් තියන රටක....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...