The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
Opinion

සුබ ගමන් මචං ! - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

January 25, 2024 • 11:38 AM

සුබ ගමන් මචං ! - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සනත් නිශාන්ත අනතුරකින් මිය ගිය ප්‍රවෘත්තිය දැනගත්තෙ අද අලුයම. ඒ ප්‍රවෘත්තිය මට ඇති කලේ ලොකු කම්පනයක්.
  • ඒක දේශපාලන වීරයන් සහ දුෂ්ටයන් අතර බෙදීමක් මිස සනත් නිශාන්ත කියන මනුස්සයා එක්ක කිසිම විදිහකින් ඇති වුන තරහක් වෛරයක් නෙමෙයි.
  • අපිට ඉතාම නරක මිනිස්සු විදිහට පේන හැම කෙනෙක්ම ඉතා හොඳ විදිහට මුනගැහෙන පිරිසකුත් ඉන්නවා.
  • හැම මනුස්සයෙක්ම පිටතට කොහොම වුනත් තමන් ඇතුලෙ හොඳ මිනිහෙක්.
අකුරු ප්‍රමාණය (Font Size):

වීරයෙක් මියගියාට වඩා ලොකු හිස්කමක් ඇති කරනවා දුෂ්ටයෙකුගේ නික්ම යාම. 

සනත් නිශාන්තව කිසිම දවසක මුනගැහිලා හෝ කතාබහ කරලා නෑ. මගේ දේශපාලන අදහස්වලට ප්‍රතිවිරුද්ධ දුෂ්ටයෙක් විදිහට ඒ මනුස්සයා මට මුනගැහෙන්නෙ මීඩියා හරහාම විතරයි . ඒක දේශපාලන වීරයන් සහ දුෂ්ටයන් අතර බෙදීමක් මිස සනත් නිශාන්ත කියන මනුස්සයා එක්ක කිසිම විදිහකින් ඇති වුන තරහක් වෛරයක් නෙමෙයි.

FSX4tQqVkAAhOo6
සනත් නිශාන්ත කියන්නෙ විචිත්‍ර වූ දුෂ්ටයෙක්. පසමිතුරු දේශපාලනයේ ඒ භූමිකාව එයා ලස්සනට කළා. ඒ නිසාම ඒ දුෂ්ටයා ගැන මට තියෙනවා ආදරයක්.

අපිට දුෂ්ටයන් වන හැම මනුස්සයෙක්ම වීරයෙක් වෙන මිනිස්සු පිරිසකුත් ඉන්නවා. අපිට ඉතාම නරක මිනිස්සු විදිහට පේන හැම කෙනෙක්ම ඉතා හොඳ විදිහට මුනගැහෙන පිරිසකුත් ඉන්නවා. ඒ හුදෙක් දේශපාලන හෝ වෙනත් වාසි ලබන අය විතරක් නෙමෙයි. මිනිස්සු හැමෝම හොඳයි සහ නරකයි. ගොඩක් හොඳයි කියල අපි හිතන මිනිස්සුන්ගෙ එකවර දකින නරක විසින් අපිව තිගැස්සීමකට ලක් කරන්න නියමිතයි. ඒ වගේම අපි ගොඩක් නරකයි කියල හිතන මිනිස්සුන්ගෙ අනපේක්ෂිතව මුනගැහෙන හොඳ විසින් අපිව පුදුම කරන්න නියමිතයි.

හැම මනුස්සයෙක්ම පිටතට කොහොම වුනත් තමන් ඇතුලෙ හොඳ මිනිහෙක්.  

422329000 936929714672400 2031757297770985101 n
සනත් නිශාන්තට ආදරය කළ මිනිස්සුන්ට වගේම සනත් නිශාන්තට විරුද්ධ කෙනෙක් වුනු මටත් ඔහුගේ මේ මරණය දුකක්. 

සුබ ගමන් මචං. 

උඹට බනින දේවල් ගැන දුක් වෙන්න එපා. මිනිස්සු එහෙමයි. ඒ උන් උඹ ගැන දන්න ටික.

හරි මචං එළ කියනවට වඩා අපි මොකුත් කියන්නේ නැ - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
#truepatriotlk
#godayamu

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

සබැඳි ලිපි :
මැරුණු සමාජයක මැරෙන මිනිස්සු - (සුදේශ් ද සිල්වා)

 

ලෝකෙන් උතුම් රටේ මිනිස්සු පට්ට කුහකයි - (කුසල් පෙරේරා)

සනත් නිශාන්ත ප්‍රවර්ගයේ දේශපාලන සංස්කෘතිය අවසන් කළ යුතුව ඇත.....(ආචාර්ය මහේෂ් හපුගොඩ)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...