The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
Opinion

සතුට අහිමි කළ රාජ්‍යයක්! - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

January 26, 2024 • 12:13 PM

සතුට අහිමි කළ රාජ්‍යයක්! - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාව මේ වෙද්දි සතුට අහිමි වුනු රාජ්‍යයක්. ඒකට තමයි ඇත්තට බංකොලොත්භාවය කියන්නෙ.
  • අපි තුල තියෙන දේට පිටතත්, පිටත දේට ඇතුලතත් බලපානවා.  අපි කොයිතරම් සතුට අහිමි ජාතියක්ද කියන එක තවත් කෙනෙකුගේ විනාශයකින් සතුටු වෙන තරම දැක්කම තේරුම් ගන්න පුළුවන්.
  • අනෙකාගේ විනාශයෙන් සතුට ලැබීමට හුරුවීම කියන්නෙ නිරෝගී තත්වයක් නෙමෙයි.  සතුට හොයාගෙන මිනිස්සු රට ඇතෑරලා යනවා.
  • මෙහෙම මිනිස්සු එක්කද අපි ජීවත් වෙන්නෙ කියල කෙනෙකුට හිතෙන එක ලංකාවෙ සාමාන්‍ය පොදු තත්වය වෙලා තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ කියන්නෙ පුද්ගලයෙකුට තමන්ගේ ජීවිතයේ සතුට පිළිබඳ අපේක්ෂාවන් සාධනය කර ගත හැකි බාහිරයක් නැත්තං සමාජයක් අහිමි රටක් කියන එක. 

ඒක ආර්ථික කාරණයක් විතරක් නෙමෙයි. දේශ‍පාලනීකරණය වීම, පාදඩකරණය, ආගමිකකරණය, ජාතිවාදය, නිදහස අහිමි කිරීම ආදී බොහොමයක් කාරණා ඒකට බලපානවා.

සතුට කියන්නෙ අපි තුල සහ අපෙන් පිටත පවතින දෙයක්. අපි තුල තියෙන දේට පිටතත්, පිටත දේට ඇතුලතත් බලපානවා. 

ශ්‍රී ලංකාවේ සිදුවන භික්ෂූත්වයෙන් නෙරපීමේ ක්‍රියාවලිය කෙබඳු ද?

අපි කොයිතරම් සතුට අහිමි ජාතියක්ද කියන එක තවත් කෙනෙකුගේ විනාශයකින් සතුටු වෙන තරම දැක්කම තේරුම් ගන්න පුළුවන්. කෙනෙකුගේ මරණයකින් අපි සතුටු වෙනවා. කෙනෙක් හිරේ දාලා හාමුදුරුවරු සතුටු වෙනවා. කෙනෙක් පොලිසිය අල්ලගෙන යද්දි තව කෙනෙක් සතුටු වෙනවා. විකෘතිය කියන්නෙ මේකට.

අනෙකාගේ විනාශයෙන් සතුට ලැබීමට හුරුවීම කියන්නෙ නිරෝගී තත්වයක් නෙමෙයි. 


සතුට හොයාගෙන මිනිස්සු රට ඇතෑරලා යනවා. ඒ කියන්නෙ තමන්ගේ සතුට පිළිබඳ අපේක්ෂාවන් සාධනය කරන්න පුළුවන් බාහිරයක් නෑ කියන සත්‍යය. ඒක රස්සාව ගැන කාරණයක් විතරක් නෙමෙයි. ඒක නිතර දකින්න ලැබෙන පිළිකුල්සහගත සිදුවීම් පිළිබඳ කාරණයක්. මෙහෙම මිනිස්සු එක්කද අපි ජීවත් වෙන්නෙ කියල කෙනෙකුට හිතෙන එක ලංකාවෙ සාමාන්‍ය පොදු තත්වය වෙලා තියෙනවා.

 

යුක්තිය හෙවත් රටේ පරපීඩාකාමය - (චින්තන ධර්මදාස)
මේ සතුට අහිමි කිරීමේ ප්‍රතිඵල දැන හෝ නොදැන රජයත් ඒ විකෘතිය තවත් තීව්ර කරමින් ඉන්නවා. බොන මිනිහට බොන්න නැති කරනවා, පාරෙ යද්දි ආයුද අරන් පරීක්ෂාවට ලක් කරනවා, දැන් සමාජ මාධ්‍යයත් පාලනය කරන්න යනවා.

මේ සියල්ල අවසානයේ බලාපොරොත්තු වෙන්න පුළුවන් එක දෙයයි. ඒ භීෂණයක්. සමාජය පැත්තෙනුත් ආන්ඩුව පැත්තෙනුත් විශාල ප්‍රචන්ඩත්වයක් පුපුරා යාමට නියමිතයි. සමහර විට ආන්ඩුවේ සැලසුම ඒක වෙන්නත් පුළුවන්. සමහර විට ආන්ඩු විරෝධීන්ගේ සැලසුම ඒක වෙන්නත් පුළුවන්. ඒ දෙපාර්ශ්වයම සතුට පිළිබඳ හැගීමක් නැති පිරිස්.

මානීගේ තීරුව : රතිඤ්ඤා සහ කිරිබත් - (සුන්දර නිහතමානි ද මැල්)

 

මේ විකෘතීන් අතර මැදිවෙන මිනිස්සුන්ට වෙන්නෙ මොකක්ද? කවුරු හරි මැරෙනකල් බලන් ඉඳලා කිරිබත් උයන එක විතරයි. දිගටම කාගෙ හරි පැත්තක කිරිබතක් ඉදෙයි. රතිඤ්ඤා පත්තු වෙයි.

(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
#truepatriotlk
#godayamu
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සතුට අහිමි කළ රාජ්‍යයක්! - (චින්තන ධර්මදාස) | The Leader