The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
Opinion

ගණිකා වෘත්තිය සහ ජවිපෙ ළමාකම - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

January 27, 2024 • 8:27 AM

 ගණිකා වෘත්තිය සහ ජවිපෙ ළමාකම - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජවිපෙ කියන්නෙ මොන තරම් බොළඳ පක්ෂයක්ද කියල තේරුම් ගන්න ඔය ආර්තික කාරණා ගැන සංවාද කරන්න උවමනා නෑ. ඒ අය ගණිකා වෘත්තිය
  • ඒ සද්දෙට බය වුන ජවිපෙ නැවතුනෙ ලේකම් ටිල්විනුත් අනේ අපි එහෙම කරන්නෙ නෑ කියල ප්‍රකාශයක් කරලයි.
  • ඒ කියන්නෙ ඒ අයගෙ මනස ඇතුලෙ ගණිකාව කියන්නෙ පහත් තත්වයක්.
  • ඒක ඒ අයගෙ ඔලුව ඇතුලෙවත් ගෞරවනීය වෘත්තියක් නෙමෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්බන්ධයෙන් හිතන ආකාරයම වුනත් ඇති.

ගණිකා වෘත්තිය නීතිගත කරනවා කියන වචනය එලියට පැනපු ගමන් සදාචාරවාදීන් දෙතුන් දෙනෙක් කුලප්පු වුනා. ඒ සද්දෙට බය වුන ජවිපෙ නැවතුනෙ ලේකම් ටිල්විනුත් අනේ අපි එහෙම කරන්නෙ නෑ කියල ප්‍රකාශයක් කරලයි. ජනතාවාදය කියන්නෙ ඕකටයි. ඕනම මුග්ධ ජනතා ප්‍රවාහයකට ඔලුව නමන්න වෙනවා. හාමුදුරුවරු ටිකක් එලියට බැස්සා නම් මේ අය පුටුව යට හැංගෙනවා.

 දැන් ඒ අය කියන්නෙ ගණිකාවක් තත්වයට කෙනෙක් නොවැටෙන සමාජයක් හදනවා කියලයි. ඒ කියන්නෙ Y yspot blog cos e sex work removebg previewඒ අයගෙ මනස ඇතුලෙ ගණිකාව කියන්නෙ පහත් තත්වයක්. ඒක ඒ අයගෙ ඔලුව ඇතුලෙවත් ගෞරවනීය වෘත්තියක් නෙමෙයි. මේකට තමයි ලිංගික පසුගාමීත්වය කියන්නෙ. ඒ පසුගාමීත්වය තමයි ලංකාව වගේ රටවල බංකොලොත්කමට මුල. දූෂණය වංචාව නෙමෙයි.

 
මේ අයට අනුව කිසිම කෙනෙක් කැමැත්තෙන් ගණිකා වෘත්තියෙහි යෙදෙන්නේ නෑ ලු. මට තේරුම් ගන්න බෑ මේ නිගමනයට ජවිපෙ එන්නෙ කොහොමද කියල. හොඳ ඉපැයීමක්, ආරක්ෂිත රැකියාවක් විදිහට ගණිකා වෘත්තිය පවතිනවා නම් බොහෝ අය මේ වෘත්තියට ඇලුම් කරාවි.

 

කෙනෙකුට කියන්න පුළුවන් කුණු ලොරියෙ රැකියාව වුනත් කිසි කෙනෙක් කැමැත්තෙන් කරන්නෙ නෑ කියල. ඒත් කුණු ලොරියෙ රැකියාව නීති විරෝධී කරලා නෑ. ඒ වගේම කුණු ලොරියෙ රැකියාව කිරීමට අවශ්‍ය නැති පසුබිමක් හදනවා කියල ජවිපෙ කියන්නෙත් නෑ. රැකියාවක් උපදින්නෙ කෙනෙකුගේ කැමැත්ත අකමැත්ත මත නෙමෙයි සමාජයේ පවතින අවශ්‍යතාවය අනුවයි කියල ජවිපෙ තාම දන්නෙ නෑ.

sithmalyaya 2 2
මේක වෘත්තියක් වශයෙන් හොඳ ගෙවීමක් සහ නීත්‍යානුකූල රැකියාවක් වුනා නම් මාත් තරුණ කාලෙදි ගණකයෙක් විදිහට මුදලක් උපයාගන්න තිබුනා. මේ වෘත්තිය ගැහැනුන්ට විතරක් සීමා වූ එකක් විදිහටයි ජවිපෙට පේන්නෙ. ඒ තරමට ඒ අය සෙක්සිස්ට්. ගණිකා වෘත්තිය ස්ත්‍රී පුරුෂ සංක්‍රාන්ති ‍සහ වෙනත් ඕනෑම කෙනෙකුට නිරත වෙන්න පුළුවන් රැකියාවක්.

අනිත් අතට ගණිකා වෘත්තිය නොපවතින සමාජයක් කියන්නෙ ජවිපෙට අනුව යහපත් සමාජයක්. මේ සිංබෞවන්ගේ සුදු රෙද්ද මිස වෙන මොකක්ද? මේ සමාජයේ ආබාධිතයො ඉන්නවා. විවිධ අනතුරුවලට ගොදුරු වූ අය ඉන්නවා. හුදකලා වුනු මහල්ලො ඉන්නවා. මේ අයගෙ ලිංගික අවශ්‍යතා ඉටු කරන්න ගණිකා වෘත්තිය සමාජයක අවශ්‍යතාවයක් වෙනවා. ජවිපෙ මේ කියන්නෙ තමන් නිර්මාණය කරන සමාජයේ මේ ආබාධිත පිරිස් ගැනවත් සවිඥානක බවක් නැතිකම නේද?
මෙවන් බොළඳ අදහස් දරන මිනිස්සු රටක ආර්ථිකයක් වගේ සංකීර්ණ කාරණා තේරුම් ගන්නෙ කොහොමද?

Chinthana D
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
 #godayamu
vyadhadeva@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගණිකා වෘත්තිය සහ ජවිපෙ ළමාකම - (චින්තන ධර්මදාස) | The Leader