The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
Opinion

ධර්මදාසගේ ගණිකාව - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

January 29, 2024 • 6:02 AM

ධර්මදාසගේ ගණිකාව - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගණිකාකම වෘත්තියක් ලෙස නීතිගත කරනවාය කියා පාරම් බා පසුව එසේ නොකරන බව කියූ ජවිපෙ විකට රංගනය පිළිබඳව චින්තන ධර්මදාසට හොඳටෝම කේන්ති ගොස් තිබේ.
  • ඔහුගේ තර්කය වන්නේ කුණු ලොරියේ රැකියාව “සමාජයේ” අවශ්‍යතාවයක් මත පවතින්නේ යම් සේද ගණිකාකමත් එසේ පැවතිය යුතු බවයි.
  • අපි මේ ප්‍රකාශය තාර්කිකව විමසා බලමු.
  • රැකියාවකට ඇති කැමැත්ත අකැමැත්ත සහ රැකියාව කිරීමේ කැමැත්ත අකැමැත්ත යනු සපුරා වෙනස් කරුණුය.
අකුරු ප්‍රමාණය (Font Size):


ජවිපෙට සෘජුව දොස් කීමට ඇති බිය නිසා එයට “සිංහල බෞද්ධ” කම ආදේශ කර රා බිව් මීයා සේ ද ලීඩරයේ වහසි බස් දොඩන ධර්මදාස ගණිකාව සහ “කුණු ලොරියේ රැකියාව” කරන්නා සමාන කරයි. ඔහුගේ තර්කය වන්නේ කුණු ලොරියේ රැකියාව “සමාජයේ” අවශ්‍යතාවයක් මත පවතින්නේ යම් සේද ගණිකාකමත් එසේ පැවතිය යුතු බවයි. අපි මේ ප්‍රකාශය තාර්කිකව විමසා බලමු.

 

image 3f7b128f98

අප පළමුව ඇසිය යුත්තේ ධර්මදාස ඔහුගේ වචනයෙන් “කුණු ලොරියේ රැකියාව” ම මෙහිලා උදාහරණයට ගත්තේ ඇයිද යන්නයි? ඒ වෙනුවට ඔහුට වෙනත් ඕනෑම රැකියාවක් තෝරාගත හැකිව තිබිණි. මන්ද ඕනෑම රැකියාවක් අකැමැත්තෙන් “කෙරෙන” රැකියාවක් විය හැකිය. කැමැත්ත අකැමැත්ත යනු ආවස්ථයික “පුද්ගලික” ලක්ෂණයක් මිස අනිවාර්ය සමාජ ලක්ෂණයක් නොවේ. එහි කිසිදු වාස්තවික ගුණයක් නොමැත. නමුත් ධර්මදාස නිරායාසයෙන්ම “කුණු ලොරියේ රැකියාව” හුවා දක්වයි. ඒ ඇයි? එයින් පෙන්වන්නේ “කුණු ලොරියේ රැකියාව” සහ ගණිකාකම අතර සමානත්වයක් ධර්මදාසම දකින නිසාය. රැකියාවකට ඇති කැමැත්ත අකැමැත්ත සහ රැකියාව කිරීමේ කැමැත්ත අකැමැත්ත යනු සපුරා වෙනස් කරුණුය.

cmc workers

 

දෙවනුව අප ඇසිය යුත්තේ මේ සංසන්දනය තාර්කිකද යන්නයි. “කුණු” යන්න පුද්ගලික ප්‍රශ්නයක්ද, සමාජ ප්‍රශ්නයක්ද? ධර්මදාසගේ නිවසේ කුණු කන්දරාව ධර්මදාසට ප්‍රශ්නයකි. එය සමාජයට ප්‍රශ්නයක් නොවේ. ධර්මදාසගේ කුණු සමාජයට ප්‍රශ්නයක් වන්නේ ධර්මදාස ඒ කුණු පාරට විසි කරගෙන ගිය විට පමණී. තමන්ගේ කුණු තමන්ගේ නිවසේම තමන් විසින් ප්‍රතිචක්‍රීකරණය කරගන්නා මිනිසුන් ඕනෑ තරම් සිටී. ඒ අනුව “කුණු” යන්න අනිවාර්ය සමාජ ප්‍රශ්නයක් නොවේ. එබැවින් ධර්මදාසගේ උදාහරණය පදනමින්ම නොගැලපේ. “කුණු ලොරියේ රැකියාව” සහ ගණිකාකම සමාන කිරීම පිළිබඳව ඒ දෙපාර්ශවයෙන්ම අදහස් විමසා බැලුවහොත් ධර්මදාසට අරගලකරුවන්ගෙන් කෑවාක් මෙන් නැවතත් ගුටි කෑමට සිදුවනු ඇත.

ධර්මදාසගේ තර්කයේ දෙවන කොටස වන්නේ තමන්ගේ කුණු ප්‍රශ්නය මෙන් ලිංගික ප්‍රශ්න තිබෙන ආබාධිතයන් සහ මහල්ලන් සිටින නිසා ඔවුන්ගේ ප්‍රශ්නය විසඳීමට ගණිකාවන් යෙදවිය යුතු බවයි. මෙහිදී ධර්මදාස “මහල්ලෝ” යනුවෙන් මහලු “පිරිමි” පමණක් ගැනීමෙන් සහ මහලු ගැහැණු හෙවත් මැහැල්ලන් සහ වෙනත් මහලු ලිංගික අනන්‍යතා සඳහන් නොකිරීමෙන් පෙන්වන්නේ ඔහුගේම තර්කයෙන් ඔහුගේ ඇති සේක්සිස්ට් බවයි. මහා ලොකුවට සෙක්ස් ගැන විවෘතව කතා කරනවාය කියන ධර්මදාසට විකෘති ලිංගික අවශ්‍යතාවයන් තිබෙන පුද්ගලයන් ඉහත ලැයිස්තුවට ඇතුළත් කිරීමට අමතක වූවාද, නැත්නම් තක්කඩිකමට අමතක කළාද?

එතකොට මේ සංසන්දය තාර්කික ද? ඉහත කියන ලිංගික ප්‍රශ්න පුද්ගලික ප්‍රශ්නද, සමාජ ප්‍රශ්න ද? ආබාධිතයෙකුගේ හෝ මහල්ලෙකුගේ හෝ මැහැල්ලකගේ හෝ මහලු සංක්‍රාන්තිකයෙකුගේ ලිංගික ප්‍රශ්නය ඒ පුද්ගලයාට අදාළය. ධර්මදාසලාගේ භාෂාවෙන් කියනවා නම් නිදන කාමරයේ ඔවුන් කරන දේ සමාජයට අදාළ නැත. එය සමාජයට ප්‍රශ්නයක් නොවේ. එය සමාජයට ප්‍රශ්නයක් වන්නේ එම ලිංගික ප්‍රශ්නය නිසා ඔවුන් සමාජයේ ප්‍රශ්නයක් ඇති කළ හොත් පමණී. 

උදාහරණයක් ලෙස ලිංගික ප්‍රශ්නයක් සහිත මහල්ලෙකු බස් රථ තුළ කාන්තාවන්ට හෝ පුරුෂයන්ට හෝ සංක්‍රාන්තිකයන්ට හෝ ලිංගික හිරිහැර කරන්න ගත්තොත් එවිට එය සමාජ ප්‍රශ්නයක් වේ. එතකොට ධර්මදාස කියන්නේ ලිංගික ප්‍රශ්න තිබෙන ආබාධිතයන් සහ මහලු පුද්ගලයන් “සමාජ ප්‍රශ්නයක්” කියාය. අප විමසිය යුත්තේ ගණිකාකම නීතිගත කිරීමෙන් එම සමාජ ප්‍රශ්නය විසඳෙනවාද යන්නයි. ඒ සඳහා කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැත. ගණිකාවන්, ගණකාවන්, ගණසංක්‍රාන්තිකයන් වන්නේ ආබාධිතයන්, මහල්ලන්, මැහැල්ලන්, මහලු සංක්‍රාන්තිකයන්ගේ ලිංගික ප්‍රශ්න විසඳීමටද? එම ප්‍රකාශයේ කිසිදු තාර්කික පදනමක් නැත. මේ පෙන්වන්නේ ධර්මදාසගේ බොළඳකම නොවේ. මේ පෙන්වන්නේ ධර්මදාසගේ තක්කඩිකමයි. 

photo 2023 03 23 14.53.07 e1697192266811
ධර්මදාස ගණිකාව මාර්කට් කරන්නේ පාසල් වයසේ බොළඳ කොල්ලෙකුට ගණිකාව පෙන්වන ආකාරයටය. ඔහුගේ ළාමක ටෙලිනාට්ටිවල ගණිකාව විකුණන්නේ බොළඳ ෆැන්ටසි සුන්දරත්වයක් එයට ආරුඪ කිරීමෙනි. එය ලිංගික වෙළඳාමකි. පිම්ප් කිරීමකි. එයම අපහරණයකි. ගණිකාකම නීතිගත කිරීමට ධර්මදාසට මේ තරම් අමාරුවක් තියෙන්නේ ඇයිද යන්න ඒ අනුව අපට සිතාගත හැකිය. වෙළඳපොළ මත සියල්ල තීරණය කරන ධර්මදාසලා වැන්නවුන් සමාජ ප්‍රශ්න දෙස බලන්නේ ඒවායේ තමන්ට ඇති ගනුදෙනු වටිනාකම මත පමණී.

ධර්මය ඔබට මග වේවා!

eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 ජනවාරි 29 

සබැඳි ලිපිය :
ගණිකා වෘත්තිය සහ ජවිපෙ ළමාකම - (චින්තන ධර්මදාස)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...