The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
Opinion

'මහේෂ් හපුගොඩ' ප්‍රවර්ගයේ දේශපාලනය - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

January 29, 2024 • 11:42 AM

'මහේෂ් හපුගොඩ' ප්‍රවර්ගයේ දේශපාලනය - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාගේ දේහයේ සීතල යන්නටත් පෙර මහේෂ් හපුගොඩ ලියූ ද ලීඩරයේ පළ කළ ලිපියට පිළිතුරක්.
  • හපුගොඩගේ මේ ප්‍රකාශය අපි තාර්කිකව විමසා බලමු.
  • එය ජනප්‍රිය වන්නේ ජර්මානු ජාතික කාල් මාක්ස් විසින් 1800 ගණන්වල ජර්මානු සමාජයේ එක්තරා පන්තියක් වර්ග කර දැක්වීමට එම විශේෂණය භාවිතා කළ නිසාය.
  • ඔහු කියන්නේ එම වර්ගයේ වැසියන් විප්ලවයට දායක විය යුතු වුවත්, දායක නොවන නිසා ඔවුන් නොවැදගත් මිනිසුන් වර්ගයක් ලෙස පිටුදැකිය යුතු බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


හපුගොඩගේ ප්‍රධාන තර්කය වන්නේ සනත් නිශාන්ත යනු “ලුම්පන් පහළ පාන්තිකයන්ගේ පාර්ලිමේන්තු නියෝජිතයා” බවත්, එබැවින් ඔහුගේ “ප්‍රවර්ගයේ” දේශපාලනය අවසන් කළ යුතු බවත්ය. හපුගොඩගේ මේ ප්‍රකාශය අපි තාර්කිකව විමසා බලමු.

හපුගොඩ ප්‍රවර්ගයේ ඊනියා උගතුන් ඔය නිතරම කියන “ලුම්පන්” යනු කුමක්ද?

Lumpen යනු ජර්මානු වචනයකි. එහි අර්ථය “වැරහැලි වූ හෝ කඩතොළු වූ” වැන්නකි. එය ජනප්‍රිය වන්නේ ජර්මානු ජාතික කාල් මාක්ස් විසින් 1800 ගණන්වල ජර්මානු සමාජයේ එක්තරා පන්තියක් වර්ග කර දැක්වීමට එම විශේෂණය භාවිතා කළ නිසාය. කම්කරුවන් අතර සිටින නූගත් සහ නොහික්මුණු වැසියන් වාර්ගිකව හැඳින්වීමට ඔහු Lumpen-proletariat යන්න භාවිතා කරයි. අපරාධකාරයන්, යාචකයන්, පාදඩයන්, විරැකියාවුන්, ගණිකාවන් වැන්නවුන් මෙම ප්‍රවර්ගයට අයත් කර තිබේ. ඔහු කියන්නේ එම වර්ගයේ වැසියන් විප්ලවයට දායක විය යුතු වුවත්, දායක නොවන නිසා ඔවුන් නොවැදගත් මිනිසුන් වර්ගයක් ලෙස පිටුදැකිය යුතු බවයි. හපුගොඩගේ ප්‍රකාශයට පදනම් වන්නේ එම ආන්තික මාක්සියානු කුල වර්ගීකරණයයි.

sri lanka11may2022

 

මාඕ සෙඩොන්ග් පසු කලෙක කියන්නේ නිවැරදි නායකත්වයක් යටතේ ලුම්පන් ප්‍රවර්ගය විප්ලවයට භාවිතා කළ හැකි බවයි. ඊනියා අරගලය තුළ මෙය සාර්ථකව සිදු කෙරිණි. අහිංසක කාන්තාවන් අපහරණය කර පහර දීම, මහමග මිනිසුන් නිරුවත් කොට පහර දී ඝාතනය කිරීම, ධනවතුන්ගේ යානවාහන නිවාස කාර්යාල මංකොල්ල කා ගිනි තැබීම, රජයේ ගොඩනැගිලි තුළට බලහත්කාරයෙන් පැන වඳුරන් මෙන් දුව පැන නටා බඩු භාණ්ඩ සොරකම් කිරීම, පිහිනුම් තටාකවල සබන් ගා නෑම ආදී සියලු නූගත් ත්‍රාඩ පාදඩ වැඩ කළේ හපුගොඩ විසින් නම් කරන ලුම්පන් ප්‍රවර්ගයයි. ජවිපෙ කාඩරයේ භාවිතා වන්නේත් මෙම ලුම්පන් ප්‍රවර්ගයයි. ෆේස්බුක් හී කුණුහරුප කියා බැන වැදීමට භාවිතා කරන ජාජබ හැත්තදහසේ බලකායත් මෙම ලුම්පන් ප්‍රවර්ගයයි. දැන් අප හපුගොඩගෙන් ඇසිය යුත්තේ ඒ ආකාරයට ලුම්පන් ප්‍රවර්ගයේ වැසියන් විප්ලවය සඳහා භාවිතා කළාට කමක් නැද්ද? නැත්නම් එයත් අවසන් කළ යුතුද? කියාය.

 

hilary

ඇමරිකාවේ ට්‍රම්ප් පාක්ෂිකයන් හැඳින්වීමටත් හපුගොඩ කියන මේ ලුම්පන් අර්ථය යොදා ගනී. Basket of Deplorables හෙවත් “නින්දිතයන්ගේ කූඩය” කියා හිලරි ක්ලින්ටන් ප්‍රමුඛ Democratic පක්ෂය විසින් නම් කළේ මේ ලුම්පන් ප්‍රවර්ගයමය. එනමුත් එහි අර හපුගොඩ එල්බ ගෙන සිටින පැරණි මාක්සියානු ලුම්පන් අර්ථයට වඩා පුළුල් අවමානාත්මක අදහසක් තිබේ. ලංකාවේ බයියන් ලෙස වර්ගීකරණය කරන්නේ ඒ නව ලුම්පන් අර්ථයෙන් යැයි සාධාරණව තර්ක කළ හැකිය. එමෙන්ම ජවිපාවුන් ලෙස වර්ගීකරණය කරන්නෙත් එම අර්ථයෙන්ම යැයි සාධාරණව තර්ක කළ හැකිය. 

අවසාන වශයෙන් අප ඇසිය යුත්තේ හපුගොඩ අයත් වන්නේ කුමන දේශපාලන ප්‍රවර්ගයටද කියාය. මා යෝජනා කරන්නේ හපුගොඩ අයත් වන්නේ Lumpen-intelligentsia ප්‍රවර්ගයට බවයි. එනම් කිසියම් ආයතනික උගත්කමක් තිබුණත් ජනප්‍රියවාදී රැල්ලට යන උසස් සංස්කෘතික කියවීමක් නොමැති විප්ලවයට දායක නොවන ප්‍රවර්ගයට බවයි. මහේෂ්ගේ ලිපිය තනිකර ජනප්‍රියවාදී බාල ලියවිල්ලකි. නමුත් ඒ අර්ථයෙන් ගත් කල සනත් නිශාන්තට සාපේක්ෂව මහේෂ් හපුගොඩ ලුම්පන්ය.

මරණය දා හපුගොඩ කීවේ සනත් නිශාන්තගේ දේශපාලනය දැකීමට කැමති “සුළු පිරිසක්” පුත්තලමේ සිටිනවා ඇති කියාය. නමුත් තම සගයා අවසන් වරට දැකීමට පැමිණි මහා ජනකාය කියන්නේ හපුගොඩට වඩා විශාල සමාජ-දේශපාලන (dare I say) "විප්ලවයක්" සනත් නිශාන්ත විසින් කර ඇති බවය.

ධර්මය ඔබට මග වේවා!

eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 ජනවාරි 29 

සබැඳි ලිපිය :
සනත් නිශාන්ත ප්‍රවර්ගයේ දේශපාලන සංස්කෘතිය අවසන් කළ යුතුව ඇත.....(ආචාර්ය මහේෂ් හපුගොඩ)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...