The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
Opinion

ෆොන්සේකාට වෙච්ච දෙයක් - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

January 30, 2024 • 11:29 AM

ෆොන්සේකාට වෙච්ච දෙයක් - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ෆොන්සේකාට මරු වැඩේ තමයි වුණේ. සජිත් ප්‍රේමදාසත් ඔහොම හිටියට පල නොකියා පලා බෙදන්න දක්ෂයා.
  • ෆොන්සේකා තමයි සජිත්ට ඇතුළේ තිබෙන ලොකුම අවදානම.
  • ඒක තමයි ගෙදර ඇතුළේ ඉන්න කුම්භාණ්ඩයන් දේශපාලනිකව එළවන විදිහ.
  • ආණ්ඩුව ගත්ත වෙලාවේ ඉඳලා ඇතුළේ වලි යනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ආර්. ප්‍රේමදාසගේ පුතා බව ඔහු ඔප්පු කරනවා. 

බොනිෆස් පෙරේරාව සජබෙට අරගෙන තනතුරකුත් දීලා ෆොන්සේකාගේ වම් කම්මුලට ගැහුවා. ඊයේ දයා රත්නායකව අරගෙන ෆොන්සේකාගේ දකුණු කම්මුලට ගැහුවා. බොනිෆස් සහ දයා කියන්නේ ෆොන්සේකාට පේන්න බැරි දෙන්නෙක්. ඒ දෙන්නත් ෆොන්සේකාව පයිසෙකට ගණන් ගන්නේ නැහැ. ඓතිහාසික එදිරිවාදිකම්.


ෆොන්සේකා තමයි සජිත්ට ඇතුළේ තිබෙන ලොකුම අවදානම. සජිත් හිතාගෙන ඉන්නේ එයා ජනපතිවරණය දිනලා ඉවරයි කියලයි. එහෙම හිතෙන එක සාධාරණයි. සජිත්ට තමයි දැනට පිටියේ වැඩිම වාසියක් තියෙන්නේ. එහෙනම් මොකටද ඔය නාලක ගොඩහේවලා, ශාන් විජයලාල්ලා, දයා රත්නායකලා මේ වෙලාවේ වැද්දගන්නේ? ඒක තමයි ගෙදර ඇතුළේ ඉන්න කුම්භාණ්ඩයන් දේශපාලනිකව එළවන විදිහ. ගොඩහේවා අරගෙන සජිත් කියන්නේ හර්ෂටයි එරාන්ටයි යන දේවාලෙක යන්න කියලයි. බොනිෆස්වයි දයා රත්නායකවයි අරගෙන සජිත් කියන්නේ සරත් ෆොන්සේකට “බගර් ඕෆ්” කියලයි.

සජිත් ප්‍රේමදාස ලංකාවේ ඊළඟ ජනාධිපති වුණාම එයාට ලොකුම කරදරය එන්නේ සරත් ෆොන්සේකගෙන් කියලා සජිත් හිතනවා වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම ෆොන්සේකා අගමැතිකම ඉල්ලනවා. සජිත්ට ඒක දෙන්න අමාරුයි. දුන්නත් ලෝක ඇණයක් වෙනවා. ආණ්ඩුව ගත්ත වෙලාවේ ඉඳලා ඇතුළේ වලි යනවා. ෆොන්සේකා සජිත්ව අන්ඩර් එස්ටිමෙට් කරනවා. ෆොන්සේකා හිතන්නේ සජිත්ට වඩා එයා තමයි රටේ නායකත්වයට සුදුස්සා කියලා. නමුත් ෆොන්සේකා නොහිටියා කියලා සජිත්ට ලොකු පාඩුවක් වෙන්නෙත් නැහැ. ෆොන්සේකාට එහෙම සැලකිය යුතු ඡන්ද පදනමකුත් නැහැ. ෆොන්සේකාගේ බ්‍රේක් නැති කට නිසා සජිත්ට කඩෙන ඡන්ද සංඛ්‍යාව ඊට වැඩියි. සරලව කිව්වොත් ෆොන්සේකා කියන්නේ විපක්ෂ නායක සජිත්ට තරමක වාසියක් වුණත් “ජනාධිපති සජිත්ට” විශාල අවාසියක්. ඒ නිසා ඒ ඉනිමගට පයින් ගහන්නම වෙනවා.

419194985 909064567255628 288790146187528915 n

 

ඒකම තමයි ගොඩහේවා අරගෙන හර්ෂලට යන්න කියන්නේ. හර්ෂ හිටියොත් මුදල් ඇමතිකම ඉල්ලලා වදයක් වෙනවා. හර්ෂට මුදල් ඇමතිකම කරගන්න බැරි බව සජිත් දන්නවා. හර්ෂ ආර්ථිකය ගැන කියෙව්වට වැඩ බැහැ. සජිත් මේ වෙලාවේ කරන්නේ බලය අතට ගත්තට පස්සේ ඒ බලය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය පසුබිම හදා ගැනීමයි. ඒක ඉතාම බුද්ධිමත් කල්පනාවක්. ගොඩහේවම වෙන්න පුළුවන් ඔය අදහස සජිත්ගේ ඔළුවට දාන්න ඇත්තේ. ගෝඨාභය රාජපක්ෂත් ඔහොමම හිතුවා ඡන්දෙට කලින්. නමුත් ආසන 2/3 ක් ඇවිල්ලා හැමෝම ඇමතිකම් ඉල්ලන්න ගත්ත එකෙන් වැඩේ මුලින්ම අවුල් වුණා. බලය ගන්න ලේසියි. පවත්වාගෙන යන්න අමාරුයි.

 



සජිත්ට තිබෙන ලොකුම වාසිය තමයි දෙමළ සහ මුස්ලිම් ඡන්ද ටික. ඒ ඡන්ද නැතුව සජිත්ට කොහෙත්ම දිනන්න බැහැ. සිංහල ඡන්ද ගැන සජිත් වදවෙන්න ඕනා නැහැ. සජබට ඡන්දෙ දෙන සිංහල මිනිහා බොළඳ නූගත්. ඔවුන්ට රට ජාතිය ආගම සංස්කෘතිය ඉතිහාසය ගැන එහෙමට අවබෝධයක් නැහැ. ඔවුන්ට ඕනා කොහොම හරි තමන්ගේ පක්ෂයේ මිනිහව දිනවලා රතිඥ්ඥා පත්තු කරලා බීලා නටන්න විතරයි. ඒක තමයි ඔවුන්ගේ දේශපාලනය. ඒ නිසා ඒ සිංහල ඡන්ද ගැන සජිත් වද වෙන්න ඕනෑම නැහැ. නමුත් දෙමළ සහ මුස්ලිම් මිනිස්සු එහෙම නැහැ. ඔවුන් ඡන්දෙ දෙන්නේ තමන්ගේ ජාතියේ ආගමේ නායකයන් කියන විදිහට. ඒ නිසා සජිත් හදන ආණ්ඩුවේ ලොකුම ඇමතිකම් ටික දෙමළ සහ මුස්ලිම් නායකයන්ට දෙන්නම වෙනවා. ඒ පොරොන්දුව නැතුව ඔවුන්ගේ ඡන්ද සජිත්ට ගන්න බැහැ. සමහර විට සුමන්තිරන්ට අගමැතිකම වුණත් දෙන්න වෙයි. ඊටත් වඩා දේවල් පොරොන්දු වෙලා නැහැයි කියලා හිතන්න පුළුවන් කාටද! ඒ පොරොන්දු ඉෂ්ට කරන්න නම් සරත් ෆොන්සේකාව එළවගන්නම වෙනවා. බොනිෆස්ලා දයාලා ගොඩහේවලා එදාට හලන එක කජ්ජක්. දිස් ඉස් පොලිටික්ස්…

eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 ජනවාරි 30 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ෆොන්සේකාට වෙච්ච දෙයක් - (එරන්ද ගිනිගේ) | The Leader