The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
Opinion

අනුරගේ සුදු තාත්ති - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

January 31, 2024 • 7:49 AM

අනුරගේ සුදු තාත්ති - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “75 වසරක සාපය” යන දේශපාලන ප්‍රොපගැන්ඩාව නිර්මාණය කළේ අනුර කුමාරය. එහි සැබෑ අර්ථය කුමක්ද?
  • “උඹ ඔය කියන බේගල්වලට උඹේ කටට හෙඥ ගහන්න ඕනා” යනුවෙන් ගැමියන් ඇතැම්විට ජේවීපීකාරයෙකුට සාප කරයි.
  • නමුත් අනුරගේ මේ ප්‍රකාශය තුළ ඊට වඩා වැදගත් කරුණක් මට පෙනේ.
  • ඊනියා 75 වසර සාපයක් වන්නේ කුමකට සාපේක්ෂවද?
අකුරු ප්‍රමාණය (Font Size):

බැලූ බැල්මට එයින් කියන්නේ වර්ෂ 1948 න් පසුව ගත වූ වසර හැත්තෑපහක කාලය තුළ ලංකාවේ වැසියන් සාපයක් ගෙවන බවයි. 

“සාපය” යනු කිසිවෙකුට දුකක් කරදරයක් විනාශයක් පතමින් කියන හැවිල්ලකි. “උඹ ඔය කියන බේගල්වලට උඹේ කටට හෙඥ ගහන්න ඕනා” යනුවෙන් ගැමියන් ඇතැම්විට ජේවීපීකාරයෙකුට සාප කරයි. ඒ තුළ දේවවාදී ආගමික දෘෂ්ටියක් ගැබ්ව තිබේ. නමුත් අනුරගේ මේ ප්‍රකාශය තුළ ඊට වඩා වැදගත් කරුණක් මට පෙනේ.

ඊනියා 75 වසර සාපයක් වන්නේ කුමකට සාපේක්ෂවද? අනුර මේ නොකියා කියන්නේ අදින් වසර හැත්තෑපහකට පෙර මෙරට වැසියන් ඉතා සැපෙන් සතුටින් විරාජමානව සිටි බවත් 1948 න් පසුව ඒ තත්ත්වය වෙනස් වී ඔවුන් විශාල දුකකට දෝමනස්සයකට වැටී ඇති බවත්ය. එනම් අනුර කුමාර මෙයින් කියන්නේ ලක්දිව ආක්‍රමණය කළ බටහිර සුදු අධිරාජ්‍යවාදී කොලනිකාරයන් විසින් මෙරට පාලනය කළ කාලය වනාහී උන්ගෙන් ස්වාධීනත්වය දිනා ගැනීමෙන් පසු කාලයට වඩා හොඳ බවය. “75 වසරක සාපය” යනු බටහිර අධිරාජ්‍යවාදීන්ගේ කුණු ලේ පැල්ලම් හෝදන දේශපාලන ප්‍රොපගැන්ඩාවකි.

Kalakaruwo

 

අනුර කුමාර නිතරම බටහිර රටවල් සමග සංසන්දනය කරමින් ලංකාව පාච්චල් කරයි. සුදු හම ඉදිරියේ නිරායාසයෙන් අත් දෙක එකතු වී ඉනෙන් දෙකට නැවෙන අනුර කුමාර පෙන්වන්නේ සිය ජානගත අධිරාජ්‍යවාදී ගැති බවයි. බටහිර රටවල සංචාරය කිරීමට මහත් ප්‍රියතාවයක් දක්වන අනුර ඒ රටවල සුද්දන් විසින් ලංකාව වැනි රටවල් මංකොල්ල කා රැස් කරගත් ධනයෙන් කරගෙන ඇති ඊනියා සංවර්ධනය මහ ඉහළින් වර්ණනා කරයි. “අහවල් රටේදී මම මෙහෙම දැක්කා… අරහෙම දැක්කා” කියමින් ජේවීපී ගොඩයන්ට මැජික් සේ බටහිරයන් වර්ණනා කිරීම අනුරගේ උපන් ගතියකි. “75 වසරක සාපය” යනු අනුරගේ හීනමාන දේශපාලනයේ සාරාංශයයි.

පෘතුගීසි ලන්දේසි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ යකඩ සපත්තුවට පෑගී වහලුන් මෙන් ජීවත් වීමත් මෙරට සම්පත් ඒ සුද්දන් විසින් මහා නැව් පිටින් සූරාගෙන යෑමත් උත්කර්ෂයට නංවන අනුර කුමාර එම වහල්කමින් මිදී අප ජීවත් වෙන පසුගිය වසර හැත්තෑපහ “සාපයක්” ලෙස නම් කරයි. නොඑසේ නම් ඔහු කිව යුත්තේ වර්ෂ 1505 සිට ගණන් බලමින් “වසර 518 ක සාපය” කියාය. නමුත් ඔහු එසේ කියන්නේ නැත. ඒ අනුර කුමාරට අනුව වහල් සිලෝනය වනාහී නිදහස් ලංකාවට වඩා උසස් නිසාය. පසුගිය වසර හැත්තෑපහක කාලය තුළ මෙරට නායකයන් මහන්සි වූයේ අධිරාජ්‍යවාදීන් විසින් වර්ෂ 443 ක් තිස්සේ මෙරට සිදුකළ දේශපාලන ආර්ථික සමාජ පාරිසරික මහා විනාශයෙන් රට බේරාගැනීම බව අනුර කුමාර නොදකී. ඒ ඇයි?



එයට හේතුව අනුර කුමාර යනු එදා අනගාරික ධර්මපාලතුමා විසින් පුරෝකථනය කළ “කළු-සුද්දා”ගේ පරිසමාප්තිය වීමයි. මෙයින් මා අදහස් කරන්නේ එකල ඇතැම් සුදු මහත්තුරු තඹුත්තේගම පැත්තේ කළ නොසන්ඩාල වැඩක ප්‍රතිඵලයක් ගැන නොවේ. මේ කියන්නේ ජවිපෙ සහ පොහොට්ටුවේ දේශපාලන මතවාදයේ මුල ගැනයි. පොහොට්ටුවේ මතවාදය සකස් වන්නේ එදා අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් කළ මිනිසුන්ගේ රුධිරය මත වුවත් ජවිපෙ මතවාදය සකස් වන්නේ සුද්දන්ගේ කක්කුස්සි බාල්දිය මත බවයි. 

පොහොට්ටුවේද එවැනි “සුදු පියවරුන්ගේ කළු දූ පුතුන්” ස්වල්පයක් සිටී. මා යෝජනා කරන්නේ ඒ වහල් මානසික පරගැතියන් වහාම දිසානායකගේ “දිසා දක්වනය” සමග එකතු විය යුතුය කියාය. ජවිපෙ නිරූපණය කළ බටහිර මිෂනාරීන්ගේ අත රැඳි නත්තල් සීයාගේ “සීනුව” වෙනුවට, ඒ ඔබේ නමින් මියපරලොව ගිය සුදු තාත්තිලාට පින් දෙමින් “75 වසරක සාපයෙන්” ඔබව මුදවා අධිරාජ්‍යවාදී සිලෝනයේ හාම්පුතුන්ගේ සුදෝ සුදු පහස නැවත ඔබේ දියණියන්ට ලබන්නට වරම් ලැබේවා යැයි පතමින් එකල අධිරාජ්‍යවාදී කොලනිකාරයන් නැවෙන් එන විට ඔවුන් අත රැඳි “දිසා දක්වනය” ඉදිරියෙන් අභිමානයෙන් කතිරය ගැසීමට එවිට ඔබට හැකිය.

ධර්මය ඔබට මග වේවා!

ෆොන්සේකාට වෙච්ච දෙයක් - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 ජනවාරි 31 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...