The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
Opinion

වඳ බැහැපු අන්තරේ - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

February 1, 2024 • 11:09 AM

වඳ බැහැපු අන්තරේ - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “රනිල් වික්‍රමසිංහට කැලණිය විශ්ව විද්‍යාලයේ පස් පාගන්නට ඉඩ නොදෙමුය” කියමින් අන්තරේ විශාල කයිවාරුවක් ගසා විරෝධතාවයක් කළේය.
  • හුචක්කු අට්ටාල ගසාගෙන බොරු මාරාන්තික උපවාස කිරීමත් කලෙක සිට නවතා දමා ඇත.
  • අරගලය ඇතුළට රිංගා ඒ හරහා කැපී පෙනීමට උත්සාහ ගත්තත් අන්තරේට අරගලකරුවන්ගේ පිළිගැනීමක් තිබුණේ නැත.
  • මා දකින්නේ මෙය පැරණි එජාපය විසින් ඉතා සූක්ෂමව නිර්මාණය කළ තත්ත්වයක් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එය පයිසෙකට මායිම් නොකළ රනිල් එම කොල්ලන්ට පයින් දෙකක් දී එළවා දමා සිය චතුරංගනී සේනාව පිරිවරාගෙන කැලණියට පැමිණ වැඩෙත් කරගෙන යහතින් සිය මන්දීරයට ගියේය.

 

423132257 913357076814275 4789980408084179962 n

ලංකාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයා යනු දුර්වලයෙකි. මයික් ඉදිරියේ කටමැත දොඩවන හිස් කයිවාරුකාරයෙකි. ඔවුන්ගේ උද්ඝෝෂණ පාගමන්වලින් මෙලෝ වෙනසක් වෙන්නේ නැත. හුචක්කු අට්ටාල ගසාගෙන බොරු මාරාන්තික උපවාස කිරීමත් කලෙක සිට නවතා දමා ඇත. අරගලය ඇතුළට රිංගා ඒ හරහා කැපී පෙනීමට උත්සාහ ගත්තත් අන්තරේට අරගලකරුවන්ගේ පිළිගැනීමක් තිබුණේ නැත. අන්තරේ කොළඹ පැමිණි සෑම අවස්ථාවකම කඳුළු ගෑස් සහ වතුර ගසා එළවා දැමුනේය. එහෙම වෙන්නේ ඇයි?

 

මෙයට හේතුව වන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල තුළ පවත්නා දේශපාලන වඳ භාවයයි. ඊනියා ශිෂ්‍ය ප්‍රජාව තුළ බල පවත්වන්නේ එක දේශපාලන අධිකාරීත්වයක් පමණී. කාලයක් ජවිපෙ විසින් එය පාලනය කළ අතර පසුව ජවිපෙන් කැඩුණු පෙසපෙන් දැන් එය පාලනය වේ. ඔවුන් විසින් පළමුව කරන්නේ පාසලෙන් විශ්ව විද්‍යාලයට එන කයින් මනසින් ප්‍රාණවත් ගැහැණු සහ පිරිමින් වඳ භාවයට පත් කිරීමයි. ඒ සඳහා ඔවුන් භාවිතා කරන්නේ නවක වධයයි. නවක වධය යනු තරුණයාගේ ඔද බිඳින බල මෙවලමකි. නවක වධයට ලක් කළ තරුණයා වඳ බැහැපු එකෙකි. එවැන්නවුන්ගෙන් සමාජයට කිසිදු ඵල ප්‍රයෝජනයක් නොමැත. 

 

PIC 2

 

අන්තරේ කැඳවුම්කරුවන් මයික් ඉදිරියේ ගහන ලෝක කයිවාරු කිසිදා සාර්ථක නොවන්නේ මේ නිසාය. ඒවා සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය ආත්ම ශක්තිය උන් එකෙකු තුළවත් ඉතිරිව නොමැත. මා දකින්නේ මෙය පැරණි එජාපය විසින් ඉතා සූක්ෂමව නිර්මාණය කළ තත්ත්වයක් බවයි. විශ්ව විද්‍යාල ශිෂ්‍යයා නියමාකාරයෙන් වර්ධනය වුවහොත් එය රටේ තීරණාත්මක බලවේගයක් වීම වැළැක්විය නොහැක. රටේ සමාජ ආර්ථික සංවර්ධනයට සිය පර්යේෂණාත්මක දැනුමෙන් සුවිසල් බලපෑමක් කරනවා පමණක් නොව විශාල දේශපාලන පරිවර්තනයක් කිරීමටත් අවශ්‍ය විභවය ඔවුන්ට තිබිණි. මා හිතන්නේ 17 වසරක එජාප පාලනය තුළ එම විභවය විශ්ව විද්‍යාල තුළින් සැලසුම් සහගතව ඉවත් කළ බවයි. ඒ සඳහා භාවිතා කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණයි.

ජවිපෙ යනු එජාපයේ අතකොළුව බව අමුතුවෙන් කිව යුතු නොවේ. පෙසප කැඩෙන්නේත් ඒ නිසාමය. මෙරට විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් නවක වධයට ලක් කර ඔවුන්ගේ මනුෂ්‍යත්වය කෙලෙසා, ඔවුන්ගේ ආත්ම අභිමානය දූෂණය කර, ඔවුන්ගේ නිර්මාණශීලී පරිකල්පනය පුච්චා දැමීම සිදු කළේ ජවිපෙ හරහාය. එය කෙතරම් සාර්ථක වීද යත් දැන් එය වෙනස් කළ නොහැකි “සිස්ටම්” එකක් බවට පත්ව තිබේ. එය දැන් “උප සංස්කෘතියක්” බවට පත්ව තිබේ. වින්දිතයා විසින්ම පවත්වාගෙන යනු ලබන වධකාගාරයක් යනු සුපිරිම නිර්මාණයකි. එය “විවෘත ආර්ථිකය” වැනි එජාප නායකයන්ගේ තවත් සාර්ථක දිගුකාලීන ව්‍යාපෘතියකි. 

pubudu kumar duminda

එම සිස්ටම් එකෙන් කෘත්‍රිමව සංසේචනය කරන ලද පුබුදු ජාගොඩට හෝ දුමින්ද නාගමුවට හෝ මෙම විකෘතිය අවබෝධ කළ නොහැකිය. ගුණරත්නම් වැනි නූගතෙකුට කොහෙත්ම බැරිය. ඔවුන් කරන්නේ ඒ සිස්ටම් එකම, ඒ කල්චර් එකම අන්ධානුකරණයෙන් දිගටම පවත්වා ගෙන යෑමයි. ඉන් එහාට දෙයක් හිතන්නට ඔවුන්ට නොහැක්කේ මා ඉහතින් කියන එම සිස්ටමැටික් වඳ භාවයට ඔවුන්ම ගොදුරු වී ඇති නිසාය. 

මේ බව හොඳින් දන්නා අනුර කුමාර එකී වඳ බැහැපු විශ්ව විද්‍යාල ශිෂ්‍යයා සිය දේශපාලනයෙන් හලා දමා ඇත්තේ ඒ නිසාය. මේ බව කාටත් වඩා හොඳින් දන්නා රනිල් වික්‍රමසිංහ අන්තරේ කියන කරන කිසිවක් පයට පෑගෙන දූවිල්ලක් තරමට හෝ ගණන් නොගනී. දේශපාලනය කරනවා නම් රාජපක්ෂලා මෙන් සර්ව සාධාරණව යුක්ති සහගතව දයානුකම්පිතව දේශපාලනය කිරීම මෝඩකමකි. දේශපාලනය කරනවා නම් පැරණි එජාප නායකයන් මෙන් දේශපාලනය කළ යුතුය. රනිල් යනු ඒ පැරණි එජාප දේශපාලනයේ හොඳම නිර්මාණයකි. දිස් ඉස් පොලිටික්ස්.

අනුරගේ සුදු තාත්ති - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 ජනවාරි 31 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වඳ බැහැපු අන්තරේ - (එරන්ද ගිනිගේ) | The Leader