The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
Opinion

ලංකාවෙ අවලස්සන ලෙනින් - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

February 3, 2024 • 8:55 AM

 ලංකාවෙ අවලස්සන ලෙනින් - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැන් දේශපාලකයන්ට බැන්නාට, අපේ රටේ ආර්ථික, දේශපාලනික ප්‍රතිසංස්කරණ කරන්නට ජනතාව පාලකයන්ට කවදාවත් ඉඩ දුන්නෙ නැහැ.
  • ඒ විතරක් නෙමෙයි, 2005, 2015 වගේ ජවිපෙ ආණ්ඩුකරණයට සම්බන්ධ වුණ අවස්ථාවලදී රාජ්‍ය සේවය උපාධිධාරීන්ට රැකියා දීමට යොදාගැනීම (2005), නීතියට පිටින් හොරු අල්ලන්නට ගිහින් ඒ සියල්ල ජෝක් කර දැමීම (2015 – FCID) වගේ වැඩ කරලා මගදි මාරු වුණා.
  • ජනප්‍රියවාදී දේශපාලනය ඇතුළෙ ණය ගන්න පුළුවන් කල් සියලු ආණ්ඩු විසින් කළේ ජනතාව අතර ජනප්‍රිය නැති ක්‍රියාමාර්ග කල් දාලා ණය අරගෙන රජයේ වැටුප්, සහනාධාර, සංවර්ධන සංදර්ශන ආදිය කරමින් බලය රැකගන්න එක.
  •   මේ තත්වය වෙනස් කිරීම අනිවාර්ය වන විප්ලවීය අවස්ථාව උදා වුණේ 2022දී.
අකුරු ප්‍රමාණය (Font Size):

විශේෂයෙන් වාමාංශිකයන් හැම ප්‍රතිසංස්කරණයකටම විරුද්ධ වුණා.

ඒ විතරක් නෙමෙයි, 2005, 2015 වගේ ජවිපෙ ආණ්ඩුකරණයට සම්බන්ධ වුණ අවස්ථාවලදී රාජ්‍ය සේවය උපාධිධාරීන්ට රැකියා දීමට යොදාගැනීම (2005), නීතියට පිටින් හොරු අල්ලන්නට ගිහින් ඒ සියල්ල ජෝක් කර දැමීම (2015 – FCID) වගේ වැඩ කරලා මගදි මාරු වුණා. එළියට ගිහින් ජනතාව අතර කඩාකප්පල්කාරීත්වය පැතිරෙව්වා.

MR AK 2024.02.03ජනප්‍රියවාදී දේශපාලනය ඇතුළෙ ණය ගන්න පුළුවන් කල් සියලු ආණ්ඩු විසින් කළේ ජනතාව අතර ජනප්‍රිය නැති ක්‍රියාමාර්ග කල් දාලා ණය අරගෙන රජයේ වැටුප්, සහනාධාර, සංවර්ධන සංදර්ශන ආදිය කරමින් බලය රැකගන්න එක. මහින්ද රාජපක්ෂ තමයි මේකෙ පිකාසෝ. දැන් ජවිපෙ අනුගමනය කරමින් ඉන්නෙත් ඒ රාජපක්ෂවාදයම තමයි.

 මේ තත්වය වෙනස් කිරීම අනිවාර්ය වන විප්ලවීය අවස්ථාව උදා වුණේ 2022දී. ලෙනින්ලා බිහි වෙන්නෙ සාහිත්‍යයෙන් නෙමෙයි. ප්‍රායෝගිකත්වය ඇතුළෙයි. විප්ලවීය අවස්ථාවකදි බලය ගැනීම ඉතා වැදගත්. ඒකට අවශ්‍ය අවදානම ගන්නට එඩිතරකම තියෙන්නට ඕනැ. එක පාර්ලිමේන්තු ආසනයක් විතරක් තියාගෙන ඒ විප්ලවීය අවස්ථාවට උර දුන්න ලංකාවෙ සැබෑ ලෙනින් තමයි රනිල්.

 
රනිල්ගේ ඉතිහාසයේ කැළැල් තියෙනවා. වාමාංශික කතිකාව ඇතුළෙ ප්‍රබන්ධකරණය කරපු ඉතිහාසයක් ඔහුට නැහැ. ඔහු අහංකාරයි. චර්යාමය ගැටලු තියෙනවා. හැබැයි, ඔහු අති දක්ෂ ප්‍රායෝගික චින්තකයෙක්. වයස ගියත්, ලංකාවේ බොහෝ තරුණ දේශපාලකයන්ට නැති ගැඹුරින් සිතීමේ හැකියාවක් ඔහුට තියෙනවා. ඒක ඔහුට ඉබේ පහළ වුණ එකක් නෙමෙයි. 1970 දශකයේ සිට මහජන මුදලින් නායකත්වයට පුහුණු කරපු දේශපාලනඥයෙකු වීම තමයි රහස.

1663818494 0578ලංකාවේ කළ හැකි මූලික ක්‍රම වෙනස කරමින් ඉන්නවා. ඒක කරන්නෙ ඉතා සියුම් ලෙස බලය හසුරුවමින්. රනිල් පිරිසිදු දේශපාලකයන් හොයන්න ගියේ නැහැ. ඉන්න එවුන්ගෙන් තමයි කරන්නෙ.

කරපු මූලික විප්ලවීය වෙනස්කම් කීපයක් විතරක් කියන්නම්. ණය නැතුව රජයට ආදායම් වියදම් තුලනය කරගන්නට පුළුවන් වීම ඒ අතරින් ප්‍රධානයි. ඒකට තමයි කියන්නෙ ප්‍රාථමික ගිනුමේ ශේෂය ධන අගයක් ගැනීම කියන්නෙ. තවදුරටත් රජයට ණය ගන්නට වෙනවා. ඒ සංවර්ධනය වෙනුවෙන්. ඒ වගේම ණය ගෙවන්නටත් ණය ගන්නට සිදුවෙනවා. මේක සරල කාරණයක් ඔබ ණය ගෙවාගන්නට බැරිව බංකොලොත් වෙලා නම්, මුලින්ම කළ යුතුව තිබෙන්නෙ නොමැරී ජීවත් වෙන්නට පුළුවන් විදියට ආදායම් වියදම් තුලනය කරගන්න එක.

7 1068x601

 කන්න බොන්න නැතුව මැරෙන්නෙ නැතුව ඉඳලා තමයි ණය බේරන්නට පටන්ගන්න වෙන්නෙ. ලංකාවෙ ප්‍රායෝගික විප්ලවය ඔය වගේ දේ මිස දේශීය නිෂ්පාදනය දියුණු කරනවා වගේ වැල් බයිලා නෙමෙයි. අඩ සියවසකට වැඩි කාලයක් තිස්සෙ කුණු වෙමින් ආපු සිස්ටම් එකක් එක රැයින් හදන්න බැහැ. ඒකට කාලය අවශ්‍යයි. සියලු මූලික වෙනස්කම් කළ යුත්තෙ රජය. ඒ සඳහා මුලින්ම රාජ්‍ය මූල්‍ය විනය හදාගන්නට ඕනැ. ඒ කියන්නෙ ආදායම්-වියදම් තුලනය කරගන්නට ඕනැ. ඒක තමයි පළමු පියවර.

 

පසුගිය කාලෙ කොයි තරම් නීති සංශෝධන ප්‍රමාණයක් කළාද කියල බලන්න. ඒ තමයි දෙවන පියවර.

මේ සියල්ල කළේ පටු ප්‍රතිවිප්ලවවාදී විරෝධතා මර්දනය කරමින්. ලෝකෙ ඕනැම රටක විප්ලවීය අවස්ථා කළමනාකරණය කරල තියෙන්නෙ මේ විදියට තමයි. මාර පිළිවෙලට, කිසි අඩු පාඩුවක් නැතුව, ලස්සනට රතු කොඩි දාගෙන නෙමෙයි. විප්ලවයට ඔය බාහිර සංකේත අදාළම නැහැ.

AJITH PARAKUM
(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලංකාවෙ අවලස්සන ලෙනින් - (අජිත් පැරකුම් ජයසිංහ) | The Leader