The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
Opinion

අහෝ ෆොන්සේකා - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

February 4, 2024 • 9:04 AM

අහෝ ෆොන්සේකා - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ෆොන්සේකා සජිත් ප්‍රේමදාසට පිට පිට මල්ටි බැරල් ප්‍රහාර දියත් කළේය.
  • නමුත් එයින් පෙන්නුවේ ඔහු සජිත්ට කිසිසේත්ම යටත් නොවන බවයි.
  • සජබ ආණ්ඩුවක සජිත්ට එන ලොකුම වාතස්කන්ධය ෆොන්සේකා බව ඔහු දනී.
  • මන්ද ෆොන්සේකාට සජබ කිසිවෙකුත් කැමති නැති බව සජිත් දනී.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනමාධ්‍ය ඉදිරියේ සජිත්ගේ නායකත්වය ප්‍රශ්න කරමින් එය හාස්‍යයට ලක් කළ ෆොන්සේකා මාධ්‍යකාරයන් ඉදිරියේ සජිත්ව කිච කළේය. යුද්ධය ගැන කිසිවක් නොදන්නා මෝඩයෙකු ගානට සජිත්ව දමා කතා කිරීම නම් අනුමත කළ නොහැකිය. නමුත් එයින් පෙන්නුවේ ඔහු සජිත්ට කිසිසේත්ම යටත් නොවන බවයි. සජිත් කෙසේ හෝ ෆොන්සේකාව හලාගන්න හදන්නේත් ඒ නිසාය. සජබ ආණ්ඩුවක සජිත්ට එන ලොකුම වාතස්කන්ධය ෆොන්සේකා බව ඔහු දනී. ෆොන්සේකා සජිත්ට තබා කිසිවෙකුට යටත් නොවෙන දකුණේ මිනිහෙකි.

 



නමුත් ෆොන්සේකාගේ හයිකාරකම්වලට සජිත් දැන් ඒ තරම් බය වන්නේ නැත. මන්ද ෆොන්සේකාට සජබ කිසිවෙකුත් කැමති නැති බව සජිත් දනී. ෆොන්සේකා යනු සජබයේ අනෙක් සියලුම දෙනාට ලෝක ඇණයකි. සජිත් ගෝල්ෆේස් අරගලයට ගිය අවස්ථාවේ ගුටි පූජාවකට ලක් කළේ ෆොන්සේකාගේ මිනිසුන් විසින් යැයි සමහරු කීවත් ෆොන්සේකා ඒ තරම් පහත් තැනකට වැටේ යැයි මා සිතන්නේ නැත. ෆොන්සේකා සජිත්ට ගහනවා නම් ගහන්නේ එළිපිටමය. මාධ්‍ය සාකච්ඡාවේ ගැහුවේ එහෙමය.

DailyNews page01 gayan06
ෆොන්සේකා සජබ සභාපතිය. නමුත් සජිත් පක්ෂයේ තීන්දු තීරණ ගන්නේ අඩුම තරමින් සභාපති සමග හෝ සාකච්ඡා කර නොවේ. ෆොන්සේකාම කියන හැටියට සජිත්ට අවශ්‍ය තීරණ ගැනීමට හැකිවන පරිදි නීතියක් සජිත් විසින් සම්මත කරගෙන තිබේ. සජිත් යනු ආර්. ප්‍රේමදාසගේ පුතාය. එයින් පෙනෙන්නේ ලෝකෙට පේන්න විශාල තනතුරු සංඛ්‍යාවක් පිරිනමා තිබුණත් ඔවුන්ට කිසිදු වැදගත් තීරක බලයක් එම පක්ෂයේ නොමැති බවයි. එය ඇත්තකි.

 

419194985 909064567255628 288790146187528915 n

 

පොහොට්ටුවේ සිටින කාලයේ මහ හයියෙන් බිරූ ගොඩහේවා සජබයේ ඉන්නේ හක්ක පූට්ටු වුණා සේයා. සජිත් “හප්” කී ගමන් පක්ෂයේ සියලු දෙනා බිම බලාගෙන නිහඬ වෙයි. සජබ සියලු දෙනාම සජිත්ට මහත් සේ බයය. ටිකක් හෝ බය නැත්තේ ෆොන්සේකා පමණී.

සජබය ක්‍රියාත්මක වන්නේ සජිත් සහ ආර්යාවගේ කැමැත්ත අනුවය. එසේ නොමැතිව ලංකාවේ දේශපාලන පක්ෂයක් පාලනය කළ නොහැකිය. රාජපක්ෂලා මෙන් සියලු දෙනාගේම අදහස් විමසා ප්‍රජාතාන්ත්‍රිකව තීරණ ගැනීමට ගියහොත් වෙන්නේ පක්ෂයත් වසා දමා ගෙදර යන්නටය. පොහොට්ටුවේ නිදහස මදිය කියන ඇතැමුන්ට මා යෝජනා කරන්නේ කරුණාකර සජිත්ට එකතු වී බලන ලෙසය. නැත්නම් රනිල්ට එකතු වී බලන ලෙසය. නැත්නම් අනුරට එකතු වී බලන ලෙසය. “නිදහස” යනු කුමක්ද කියා එවිට ඔවුන්ට කණ හරහා මොළයට යනු ඇත.

 

Sri Lankan defence secretary Gotabhaya Rajapakse (L) makes a point as army chief Sarath Fonseka looks on during a felicitation ceremony in Colombo on July 3, 2009.  President Rajapakse and the island's top defence chiefs were felicitated by a Colombo school after security forces crushed the Tamil Tiger rebels and killed chief Velupillain Prabhakaran in mid-May.  AFP PHOTO/Ishara S. KODIKARA (Photo credit should read Ishara S. KODIKARA/AFP via Getty Images)
නමුත් ෆොන්සේකා ඔය බෙරිහන් දුන්නාට ඔහුටත් යන්නට තැනක් නොමැත. වෙනත් කිසිවෙකු ඔහුට කැමති නැත. ඔහුට යම්තාක් හෝ වැඩ කළ හැක්කේ ගෝඨාභය රාජපක්ෂ සමග පමණී. ඒ ඔවුන්ගේ දීර්ඝකාලීන හමුදා සම්බන්ධය නිසාය. දයා රත්නායකලා එදා ෆොන්සේකාව හිරේ දාන්න වැඩ කළත් ගෝඨාභය එයට විරුද්ධ වූ බව ෆොන්සේකා දනී. ගෝඨාභය නියම ජෙන්ටල්මන් කෙනෙකි. තරුණ වියේදී උරෙන් උර ගැටී තම දිවි පරදුවට තබා මව්බිම වෙනුවෙන් දෙමළ කොටි ත්‍රස්තවාදියාට එරෙහිව සටන් කළ ඒ දෙදෙනා තුළ කිසියම් අන්‍යොන්‍ය වෘත්තීයමය ගෞරවයක් තිබේ. ෆොන්සේකා බ්‍රේක් නැතුව කට වාචාලකමට බැන්නත්, ගෝඨාභය කිසිම දවසක ඔහුට එරෙහිව ප්‍රසිද්ධියේ වචනයක් කියන්නේ නැත. ගෝඨාභය යනු වෙනම ක්ලාස් එකක මිනිහෙකි. ෆොන්සේකාට ගෝඨාභය සමග වැඩ කළ හැකිය. අගමැතිකම ගන්න කියා ආරාධනා කළෙත් ඒ නිසාය. වෙනත් කිසිවෙකු ෆොන්සේකාට කැමති නැත. එබැවින් ෆොන්සේකා ඔය මොන කයිවාරු ගැහුවත් අවසානයේ සජිත්ගේ අතපල්ලෙන් වැටෙන දෙයක් අහුලාගෙන ඔය විදිහට බුර බුරා ඉන්නට පමණක් සිදු වේ.

දිස් ඉස් පොලිටික්ස්.

ජවිපෙ බලය අල්ලන ගේම -(එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 පෙබරවාරි 1


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අහෝ ෆොන්සේකා - (එරන්ද ගිනිගේ) | The Leader