The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
Opinion

තමන් මෙතේ බුදුන් කියා ගත් බැංකු කළමණාකරුවෙක් !

T

The Leader Desk

February 5, 2024 • 8:54 AM

තමන් මෙතේ බුදුන් කියා ගත් බැංකු කළමණාකරුවෙක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය දිනවල අප සමාජය තුළ බුදු වරුන්, මහ රහතුන් සහ බෝධිසත්වයන් ලෙස පෙනී සිටින්නවුන් ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබිණ.
  • නමුත් මතු බුදු වන මෙතේ බුදුන් ලෙසින් මෙලෙස විවිධ පුද්ගලයන් මතු වීම මෑත කාලයට පමණක් සීමා වූවක් නොවේ.
  • මතු මෙතේ බුදුන් ලෙස ලොව පහළ වනුයේ තමන් බව පවසා සිටීම නිසා යම් පිරිසකගේ ඉමහත් ගෞරවාදරයට පත්ව සිටි මහනුවර ප්‍රදේශයේ බැංකු කළමණාකරුවකු පිළිබඳව මට අසන්නට ලැබුණේ 2005 වසරේ ය.
  • එවක එහි ප්‍රධාන සභාපති පදවිය හොබවන ලද්දේ සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ වත්මන් ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමිපාණන් ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අතරේ ගත වූ කාලය තුළ තමන් සියළු කෙලෙස් ප්‍රහීණ කර ගත් හෙවත් සමන්ත භද්‍ර වශයෙන් බුද්ධත්වයට පත් ව ඇතැයි පවසා තම සැබෑ පැවිදි නම පවා වෙනස් කර ගත් භික්ෂුවක පසුව තමන් එවැන්නකු නොවන බව කියා හීන් සීරුවේ ඇඟ බේරා ගත්තේ පසුගිය කාලයේ බුදු වරුන්, මහ රහතුන් සහ බෝධිසත්වයන් සම්බන්ධ කාටත් වැටහෙන ලෙසින් කිව හොත් “ට්‍රැෆික් එක”ඉහළ යාම නිසා විය හැක.

 

 

සමාජය කළඹවන කිසියම් ප්‍රබල සිදුවීමක් මුල් කොට එබඳු අනුකාරක සිදුවීම් දාමයක් පෙළ ගැසීමට ඇති හැකියාව අනුව බලන විට මෙය අරුමයක් ද නොවේ.

නමුත් මතු බුදු වන මෙතේ බුදුන් ලෙසින් මෙලෙස විවිධ පුද්ගලයන් මතු වීම මෑත කාලයට පමණක් සීමා වූවක් නොවේ. ජනප්‍රිය ව්‍යවහාරයට අනුව කිව හොත් එබඳු “ඩයල්” යම් ප්‍රමාණයක් මට ද හමු වී තිබේ. එහෙත්, පසුගිය කාලයේ අද මෙන් සමාජ ජාල වල ව්‍යාප්තියක් නොවූ බැවින් ඒ පුවත් අද මෙන් “නැඟලා ගියේ”නැත. මතු මෙතේ බුදුන් ලෙස ලොව පහළ වනුයේ තමන් බව පවසා සිටීම නිසා යම් පිරිසකගේ ඉමහත් ගෞරවාදරයට පත්ව සිටි මහනුවර ප්‍රදේශයේ බැංකු කළමණාකරුවකු පිළිබඳව මට අසන්නට ලැබුණේ 2005 වසරේ ය.

ඒ මහනුවර අස්ගිරි මහා විහාරීය “දහම් මිතුරෝ” සංවිධානයට ලැබුණු තොරතුරු මාත්‍රයකිනි. එවක එහි ප්‍රධාන සභාපති පදවිය හොබවන ලද්දේ සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ වත්මන් ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමිපාණන් ය. නමුත්, ඒ කාලයේ අද මෙන් සමාජ මාධ්‍ය ජාලය ව්‍යාප්තව නොපැවතීම නිසාම මෙතේ බුදුන් ලෙස මතු ලොව පහළ වන මෙම බැංකු කළමණාකරු පිළිබඳ පුවත අද මෙන් පැය කිහිපයක් තුළ රට පුරා පැතිර ගියේ නැත. නමුත් ඉහත සඳහන් තොරතුරු ඔස්සේ ඒ පසුපස ලුහු බැඳීමක් කළ මට ඒ තොරතුර මෙසේ අනාවරණය කර ගත හැකි විය.

 

sil f

 

ඒ වන විට හතලිස් පස් හැවිරිදිව සිටි මෙම බැංකු කළමණාකරු විවාහක දෙදරු පියෙකි ඔහු කන්ද උඩරට ප්‍රභූ වශයෙන් සම්මත පෙළපතකට අයත් වූවෙක් ද විය. ඔහු ගේ බිරිඳ ද රජයේ පිළිගත හැකි වෘත්තියක නියැළී සිටියා ය. ක්‍රිස්තියානි පියකුට සහ බෞද්ධ මවකට දාව උපන් ඔහු අධ්‍යාපනය ලබා ඇත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දෙන කන්ද උඩරට සුප්‍රකට පාසලකිනි. ජීවිතයේ තරුණ වියේදීම බැංකු ක්ෂේත්‍රයේ වෘත්තියකට පිවිසි ඔහු ඒ වන විට එහි යම් ජ්‍යෙෂ්ඨත්වයකට පත්ව සිටියේ ඒ කේෂ්ත්‍රය සම්බන්ධ ඔහු ගේ දැනුම අවබෝධය නිපුණත්වය, දක්ෂතාව, මනා පෞරුෂය සේම ආචාරශීලී ඇවතුම් පැවතුම් ආදිය නිසා ද විය හැක.

ඒ අතරේ විවිධ අයුරින් තමන් වෙත සමීප වන සීමිත පිරිසක් අතරේ පමණක් ඔහු ඉතා සියුම් ලෙසින් පතුරුවා හරින ලද රහසක් ද විය. එනම් මෛත්‍රී බුදුන් ලෙසින් මෙලොවට පහළ වනුයේ තමන් බවත් තමන් ගේ ඒ ලොව පහළ වීම මහනුවර නාථ දේවාලය පදනම් කර ගෙන සිදුවන්නක් බවත් ය. එමෙන්ම ඒ වන විටත් කණින් කොනින් ඇසෙමින් තිබූ බුදුන් ලංකාවේ පහළ වන කතාව අදාල වනුයේ තම උපතට මිස වර්තමානයට නොවන බව ද ඔහු තම සමීපතමයට රහසින් කීය. කෙසේ හෝ මෙම බැංකු කළමණාකරු ගේ පෞරුෂය ආචාරශීලී බව, කතා බහ ආදියෙන් කිසිදු මානසික ව්‍යාකූලතාවයක් පළ නොවූ බැවින් ඔහුගේ ඒ විස්මිත ප්‍රකාශය පිළිබඳව කුඩා සමාජයීය කතා බහක් ඇති විය.

එහි අවසන් ප්‍රතිඵලය වූයේ එක්තරා ඉරු දිනයක මහනුවර ආසන්නයේ මහවැලි ගඟට නොදුරු සංචාරක හෝටලයක පැවැති සුහද හමුවක දී මෙම බැංකු කළමණාකරුට තම මතය ප්‍රකාශ කිරීමට ඔහුගේ සමීපතම හිතවතුන් විසින් ඉඩ සළසා දීම ය. එහි දී ඔහු මේ වන විට ජන සම්මත ත්‍රිපිටකය මුළුමනින් ප්‍රතික්ෂේප කළ අතර ධර්මය යනු තම ප්‍රඥාවෙන් හෙවත් ස්වයංභූ ඥානයෙන් අවබෝධ කරගත යුත්තක් මිස පොත පතින් කියවා ඉගෙන ගත හැක්කක් නොවන බව කියා සිටියේ අසන්නවුන් විස්මයට පත් කරමිනි. එමෙන්ම මේ වන විට තමන් තුළ ඒ ධර්මාවබෝධය පහළ වී ඇති බවත් ඒ ඔස්සේ මීළඟට බුදුවන මෛත්‍රී බුදුන් තමන්ම බව නිසැක වශයෙන්ම පැවසිය හැකි බවත් මෙම බැංකු කළමණාකරු නිවුණු, තැන්පත් කාරුණික හඬකින් පවසා සිටියේ අසා සිටින්නවුන් තුළ යම් මෝහනයක් ඇති කරවන අන්දමිනි.

 

sil 2

එලෙස එම දෙසුමට සවන් දී සිටි පිරිසෙන් බොහෝ දෙනකු “ලේබල් බෞද්ධයන්” වූ අතර ඔවුන් ගෙන් බහුතරය පන්සිල් සමාදන් වීමට, මල් පහන් පූජා කරන ගාථා කීමට බෝධි පූජා ආදී බෞද්ධ සමාජයේ ශාන්ති කර්ම වලට සහභාගී වීමට වැඩි යමක් නොදැන සිටියහ. ඒ අනුව මෙම බැංකු කළමණාකරු ගේ එම දෙසුම ඔවුන් හට සැබෑ බුදු දහම පිළිබඳ ඉතා නිවැරදි යථාර්ථය ලෙස වැටහෙන්නට ඇත. ඒ අනුව ඉන්පසු මාසික වශයෙන් ඔහු ගේ එම දෙසුම මහනුවර ආශ්‍රිත සංචාරක හෝටල් වල පැවැත්වීමටත් ඒ එක් දේශන වාරයක් සඳහා වන බරපැන ඊට සහභාගි වන එක් එක් අනුගාමිකයා විසින් දැරීමටත් තීරණය විය. එමෙන්ම මාසිකව ඉරු දින පෙරවරුවක පැවැත්වෙන එම දහම් හමුව අවසානයේ ඒ සඳහා එක් වන පිරිසට එම හෝටලයෙන් නිර්මාංශ ආහාර වේලක් ලබා දීමට ද එම අනුගාමිකයෝ ඉදිරිපත් වූහ.

බැංකු කළමණාකරුගේ මෙම දේශන අතර වාරයේ අනාගතයේ බුද්ධත්වයට පත් වන තම සසුනේ අග්‍ර ශ්‍රාවකයන් වශයෙන් එම අනුගාමිකයන් ගෙන් දෙදෙනකු පත් කිරීම එක් දහම් හමුවකදී සිදු වූ අතර තමන් බුද්ධත්වයට පත් වන භවයේ තම ගිහි කළ මාපියන් ලෙස අනුගාමිකයන් අතුරින් ගෙන් දෙදෙනකු නම් කිරීම ද තවත් දහම් හමුවක දී සිදු කෙරිණ. එමෙන්ම ඔහුගේ මෙම ප්‍රකාශ හුදු මානසික ව්‍යාකූලතාවක් මත සිදුවන්නක් බව පවසන්නවුන් දේවදත්ත, සච්චක බමුණා ලෙස නම් කිරීම ද මෙහිදී සිදු විය. මේ අතර මාස කිහිපයක් ගත වන විට මතු බුදු වන ඔහුගේ සසුනේ අනේපිඬු සිටු තුමන් ආදීන් ද ඔහු සිය අනුගාමිකයන් ගෙන් අතුරින්ම පත් කර ගෙන තිබිණ.

 sil 4

 

එම දහම් හවුලේ සාමාජිකයකු ගේ මව මියගොස් හත් දවසේ ධර්ම දේශනය යෙදී තිබුණේ ඔය අතරේ ය. ඒ සඳහා මෙම බැංකු කළමණාකරු සහ ඔහුගේ අනුගාමිකයෝ ද සහභාගී වූහ. නමුත් එම දහම් හවුලේ ඇති සැටි දැන සිටි එම හවුලේ සාමාජිකයාගේ සොයුරකු එම ධර්ම දේශනාව සඳහා මෛත්‍රී බුදුන් යන්න තේමා කර ගන්නා මෙන් දේශක ස්වාමීන් වහන්සේ ගෙන් ඉල්ලා සිටියහ.

මෙම අර්බුදය පිළිබඳ හාංකවිසියක් වත් නොදත් දේශක ස්වාමීන් වහන්සේ මෛත්‍රී බුදුන් පිළිබඳ බෞද්ධ ඉගැන්වීම සඳහන් කරමින් සිටිය දී බණ අසන පිරිස අතුරින් නැගී සිටි මෙම බැංකු කළමණාකරු ‘ගල් පැලෙන බොරු කියන්න එපා හාමුදුරුවනේ’ යනුවෙන් යටි ගිරියෙන් මොර නඟන්නට වූයේ සියලු දෙනා අන්ද මන්ද කරමිනි. ඒ අනුව එම නිවස එකම කාලගෝට්ටියක් බවට පත් වූ අතර ඉන් මහත් ලජ්ජාවට පත් ඒ බැංකු කළමණාකරු ගේ බිරිඳ වහා ඉදිරියට පැමිණ එම සිදුවීම සම්බන්ධයෙන් ධර්ම දේශක ස්වාමින් වහන්සේ ගෙන් සමාව අයැද සිටියාය. එවිට යළි ද පෙර පරිදිම යක්ෂාවේෂ වූ බැංකු කළමණාකරු “ඕකි තමයි තමයි මම බුදු වුණාම මට වින කරන චිංචමානවිකාව’ යනුවෙන් යටි ගිරියෙන් මොර දෙන්නට වූයේ එම බැංකු කළමණාකරු ගේ සැබෑ මානසිකත්වය සැමට අවබෝධ කරවමිනි.

ඒ අනුව පසුව බොහෝ දෙනකුට වැටහී ගියේ මෙම බැංකු කළමණාකරු අභිමාන මෝහය (Grandiose delusion) නම් මානසික අර්බුදයෙන් පෙළෙන්නකු බව ය.



ගවේශනාත්මක මාධ්‍යවේදී 
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තමන් මෙතේ බුදුන් කියා ගත් බැංකු කළමණාකරුවෙක් ! | The Leader