The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
Opinion

රනිල් ට ලී ක්වාන් යූ කෙනෙක් වෙන්න පුළුවන්ද ? - (මහිම සුජීව ගමගේ)

T

The Leader Desk

February 5, 2024 • 4:16 PM

රනිල් ට ලී ක්වාන් යූ කෙනෙක් වෙන්න පුළුවන්ද ? - (මහිම සුජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ ප්‍රශ්ණයට උත්තරයක් හොයාගන්න එක සරල නැහැ. ඒ වගේම ඒවාට ක්‍ෂණිකව
  • 2048 රටම සුරපුරයක් කියලා රනිල් මහත්තයම අනාවැකි කිවුවට මොකද අද දවසේ රට යන විදිය බලලා එහෙම කියන්න නම් එතුමගේ ඔලුවෙ මොන මොන ප්ලෑන්ස් තියෙනවද කියන එක දන්නේ එතුමම විතරයි.
  • ඒ හින්දා 2048 සිහිනය විහිළුවක් විදියට හිතලා බැහැර කරන්නත් බැහැ.
  • මොකද ඒ අනාවැකියට හඳහන් බැලෙන්නේ අදින් පස්සේ අවුරුදු 25 කට එහා වෙන දෙයක් ගැන සලකා බලලයි.
අකුරු ප්‍රමාණය (Font Size):
උත්තරයකුත් නැහැ. ඒ වගේම තවමත් ඒකට කල් වැඩියි.

මොකද ලී ක්වාන් යූ සිංගප්පූරුව ගොඩ නැගුවේ එක දවසකින් නොවෙන හින්දා.

සාමාන්‍ය තත්ත්වයක පවතින රටක් හදනවාට වඩා අමාරුයි අඤඤකොරොස් රටක් ගොඩදාන එක. එහෙම රටක් ගොඩදාන්න දවසින් දෙකෙන් බැහැ, ඒකට කාලයක් ගතවෙනවා.


2048 රටම සුරපුරයක් කියලා රනිල් මහත්තයම අනාවැකි කිවුවට මොකද අද දවසේ රට යන විදිය බලලා එහෙම කියන්න නම් එතුමගේ ඔලුවෙ මොන මොන ප්ලෑන්ස් තියෙනවද කියන එක දන්නේ එතුමම විතරයි.
ඒ හින්දා 2048 සිහිනය විහිළුවක් විදියට හිතලා බැහැර කරන්නත් බැහැ. ඒ වගේම ඒක එහෙම නොවේය කියලා විශ්වාස කරන්නත් බැහැ.

මොකද ඒ අනාවැකියට හඳහන් බැලෙන්නේ අදින් පස්සේ අවුරුදු 25 කට එහා වෙන දෙයක් ගැන සලකා බලලයි.

රනිල් මහත්තයාගේ ආර්ථික වැඩ පිළිවෙල අන්ත ධනවාදියි දක්ෂිණාංශිකයි කියලා පරණ සම්මත රාමුව තුළම එතුමගේ චින්තනය වැඩ පිළිවෙල කොටු කරන්න තරම් එතුමා බොළඳ නැහැ කියලයි මම හිතන්නේ. ඒ මම මට සාපේක්ෂවයි.

රනිල් ජනාධිපතිවරයා විදේශීය සමාගම් වලට රටේ ලාබ නොලබන ආයතන දෙන්නේ ඔවුන් ලවා ඒ ආයතන දියුණු කරගෙන රට ඉස්සරහට ගෙනියන්න නම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි.

ඒත් ඔහුගේ ඉල්ලීමට ආයෝජකයෝ මේ රටට එයිද?

පසුගියදා “දෙරණ” වාදපිටිය  වැඩ සටහන මම බැලුවා. ඒ වැඩ සටහන මෙහෙයවපු “හසිත විජේවර්ධන” අපිව රැගෙන ගියේ අපේම රටේ මෝටර් රථ හදන කර්මාන්ත ශාලාවකට. ඒකෙ අයිතිකාරයා සුදු මහත්තයෙක්. ඔහුගෙන් හසිත අහන ප්‍රශ්නයකට උත්තර දෙන්නෙ ඒ සුදු මහත්තයා. මේ රටේ තරම් කොමිසන් ඉල්ලන ලොක්කො සෙට් එකක් මුළු ලෝකෙම නැහැ වගේ කථාවක් තමයි ඒ සුදුමහත්තයාගේ කටින්ම කියවුනේ.  

ඉතින් ඒ වගේ මජර, 10% කොමිසන් දේශපාලුවො සැට් එකක් එක්ක රනිල් මහත්තයට මේ රට හදන්න පුළුවන්ද?  එතුමට ලී ක්වාන්යූ කෙනෙක් වෙන්න පුළුවන්ද?

උත්තරය තමයි “බැහැ” කියන එක.

එජාප විශේෂ සම්මේලනයේදී කියවුනේ “ස්මාට් රටක්” ගැන. ඒත් මජර දේශපාලුවො එක්ක ස්මාට් රටක් හදන්න පුළුවන්ද? එවුන් එක්ක රනිල් මහත්තයට ලී ක්වාන් යූ කෙනෙක් වෙන්න පුළුවන්ද? ඇත්තෙන්ම “බැහැ”.
එහෙම කරන්න ඕන නම් රනිල් මහත්තයට සිද්ධවෙනවා නියම සෙට් එකක් හදාගන්න. රට හදන්න ඕනෙමයි කියන මතයේ ඉන්න නියම වැඩකරයෝ සෙට් එකක් හදා ගන්න.

අනික ලී ක්වාන්යූ වැඩ පටන් ගත්තෙම මජර හොරු හිරේ දාලා. රනිල් මහත්තයාට එහෙම  පූර්වාදර්ශයක් දෙන්න පුළුවන් තැනකද ඉන්නේ කියන එක ප්‍රශ්නක්. දැක්කනේ කෙහෙළිය සෞඛ්‍ය ඇමතිකමෙන් අයින් කළා විතරයි පොහොට්ටුව කුලප්පු වෙච්ච හැටි.

ඔහු කළේ ජනතාව ඉල්ලපු එක ඉල්ලීමක් විතරයි.

ඒ හින්දා රනිල් මහත්තයාට කවදාවත් බැහැ පොහොට්ටුව කරේ තියාගෙන ගිහින් “ලී” කෙනෙක් වෙන්න,  ස්මාට් රටක් හදන්න. පොහොට්ටු ආණ්ඩුව මේ වෙනකොට ඉන්නේ ජනතා විරෝධයේ රතු කට්ට ළඟ. පොහොට්ටුවේ හිටපු ජනාධිපති ගෝඨාවත්, මහින්දවත් තනතුරු වලින් පහ කෙරුවෙ  ජනතාව දියත් කරපු අරගලයකින්.

ඒත් ඔවුන්ගේ ආණ්ඩුව තවමත් එහෙමම තියෙනවා. රනිල් මහත්තයා ජනාධිපතිකම බාරගන්නේ ඒ ආණ්ඩුවත් එක්කමයි.

ඉතින් පොහොට්ටු  ආණ්ඩුව අකමැති කිසිම දෙයක් කරන්න රනිල් ජනපතිට ආණ්ඩුව ඉඩදෙන්නේ නැහැ. කෙහෙළියගේ ඇමැතිකම ශ්‍රී ලංකා එකේ  රමේෂ් දීපු එක ගැන මුළු පොහොට්ටුවම කැළඹිලා. ඔන්න දැන් තමයි රනිල් ජනපති සහ පොහොට්ටුවෙ ආණ්ඩුව අතරේ තියෙන ගැටුම ආරම්භ වෙන්නේ .  
ඊළඟ ජනාධිපතිවරණයට කලින් පොහොට්ටු ආණ්ඩුව රනිල් බලයෙන් පහකරන්න පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක්  ගෙනාවොත් එහෙම, විපක්ෂයත් පොහොට්ටුවට සහාය දෙයි.

ඒ නිසා ඊළඟට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා දිනලා ලී ක්වාන් යූ කෙනෙක් වෙන්න නම් පවතින ආණ්ඩුව විසුරුවා හැරලා මහමැතිවරණයකට ගිහින් එජාපයට බලය අරගෙන ඊළඟට ජනාධිපතිවරණයකට යන එක තමයි රනිල්ගේ ගැලවුමට තියෙන එකම දේ.

මොකද පොහොට්ටුව රනිල්ව ප්‍රාණ ඇපයට අර ගත්තු ජනපති කෙනෙක් බවට පත්කරලා. තමන්ට කැමැති තීරණයක් ගන්න එතුමාට බැහැ.

අනික ඡන්ද 134 කින් කෙහෙළියට එරෙහිව විපක්ෂය විශ්වාස භංගය ගෙනාපු වෙලාවෙ ඒක පරාජය කළේ පොහොට්ටුව. දැන් කෙහෙළියව සෞඛ්‍ය ඇමතිකමෙන් ඉවත්කලාම අර ඡන්ද 134 ට එරෙහිව තීන්දුවක් තමයි රනිල් අරන් තියෙන්නේ.

රනිල්ට ලී ක්වාන් යූ කෙනෙක් වෙන්න ඕන නම් රටම නීතියේ  ආධිපත්‍යයට යටත් කරලා වැරදි කරපු එවුන්ට දඬුවම් දීලා වැඩ පටන් ගන්න ඕන.

ඒත් මේ ආණ්ඩුව එක්ක දශමයක්වත් ඒ ටික කරන්න බැහැ. කරනවා නම් ඉතිං ආණ්ඩුව විසුරුවලා ඡන්දයක් තියලා එජාපය බලයට ගේන්න. එතැන ඉඳලා “ලී” වෙන්න බලන්න.

(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රනිල් ට ලී ක්වාන් යූ කෙනෙක් වෙන්න පුළුවන්ද ? - (මහිම සුජීව ගමගේ) | The Leader