The Leader News
BREAKING
Top Ad
Opinion

වන්දේ භාරත් : ඉන්දියානු ආක්‍රමණයේ හෙට දවස - (මාලක නන්දන)

T

The Leader Desk

February 11, 2024 • 6:29 AM

වන්දේ භාරත් : ඉන්දියානු ආක්‍රමණයේ හෙට දවස - (මාලක නන්දන)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව වසර තිහක් තිස්සේ යුද්ධයකට තල්ලු කරනු ලැබුවේ ඉන්දියාවය.
  • මේ තරම් නිවට වූ ජාතියක් ලෝකයේ කිසිම තැනක ඇතැයි විශ්වාස කළ නොහැකිය.
  • ඇත්ත වශයෙන්ම කිවහොත්, ඉතිහාසය මකා දමා ඇති රටක අනුන්ගේ ඉතිහාසය සහ පුරා කතා තමන්ගේ කරගත් ජාතියක මුදුන් මුදලක් සෙවීම විහිළුවකි.
  • ශ්‍රී ලංකාවේ හින්දු බලාපෑම මෙරටට බුදු දහමේ ආබාසය ලැබීමටත් පෙර සිදු වූ බව අනුමාන කළ හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

නොවන මෙරට දේශපාලනඥයින්ගේ සහ රාජ්‍යය, රාජ්‍යය නොවන, මෙන්ම ජනමාධ්‍යය ආයතන වල සිටින අයවලුන්ගේ කෙරුවාවල් අවසානයේ ශ්‍රී ලංකාවේ නිල නාමය, "ශ්‍රී ලංකාව: භාරත් හි විශේෂ පරිපාලන කලාපය (Sri Lanka: Special Administrative Region of Bharat), ලෙස ජනතාවගේ කැමැත්තෙන්ම වෙනස් වුවහොත් පුදුමයක් නොවේ. 

දැනමටත් නොනිල වශයෙන් ශ්‍රී ලංකාවේ සෑම පැත්තක්ම ඉන්දීය ග්‍රහණයට හසු වී ඇත.

 

 98007043 scan0028

ශ්‍රී ලංකාව වසර තිහක් තිස්සේ යුද්ධයකට තල්ලු කරනු ලැබුවේ ඉන්දියාවය. ඉන්දීය හමුදාව උතුරු නැගෙනහිර සිදුකළ යුධ අපරාධ ගැන කිසිවකු ප්‍රශ්න කරන්නේ නැත. එය ඩොලර් බිලියන හතරකට වඩා ඉතා විශාල වන්දියක් ගෙවියයුතු අපරාධයකි.  

යුද්ධය අවසන් කර පසු ඉන්දීය ආක්‍රමණය වඩාත් ශක්තිමත්ව වෙනස් මුහුණුවරකින් පැමිණියේය. ඊටම සරිලන නිවට නියාලු දේසපාලුවෝ පිරිසක් මෙරට බිහි විය. මුන්ට කිසිම ලැජ්ජාවක් නැත. අතීතයක් ගැන කිසිම මතකයක්ද නැත. මේ තරම් නිවට වූ ජාතියක් ලෝකයේ කිසිම තැනක ඇතැයි විශ්වාස කළ නොහැකිය. අපට අප අහිමි වී ඇත. අපි අනෙකාට ඇඳගෙන අනෙකා තුළ අපි සොයන්නේය. ඇත්ත වශයෙන්ම කිවහොත්, ඉතිහාසය මකා දමා ඇති රටක අනුන්ගේ ඉතිහාසය සහ පුරා කතා තමන්ගේ කරගත් ජාතියක මුදුන් මුදලක් සෙවීම විහිළුවකි.  

 

119466834403

මෙරට දේශපාලනඥයින් ඉන්දියාවේ හින්දු කෝවිල් වැඳපුදා ගත්තේ අද ඊයෙක නොවේ. මෙරටින් හොරකම් කළ ධනය ඒ කෝවිල් වලට රනින් සහ මුදලින් ලබා දුන්නේද අද ඊයේ නොවේ.  ශ්‍රී ලංකාවේ හින්දු බලාපෑම මෙරටට බුදු දහමේ ආබාසය ලැබීමටත් පෙර සිදු වූ බව අනුමාන කළ හැකිය. එය වඩාත් ශක්තිමත්ය.

ඉන්දියාව තම ඉතිහාසය ශ්‍රී ලංකා දූපතේ ඉතිහාසය බවට පත් කළා පමණක් නොව, එමඟින් ශ්‍රී ලංකාවේ ජාතිකත්වයද නැවත මතු නොවන ලෙස මකා දැමුවේය. වඩාත් හාස්‍ය ජනක කාරණය වන්නේ කලින් කලට ශ්‍රී ලංකාවේ අර්බුද ඇති කිරීමටත් එම අර්බුද තමන්ට රිසිස් සේ නඩත්තු කිරීමටත් ඒවා තම සිතැඟියාවන්ට අවශ්‍යය ආකාරයෙන් අවසන් කිරීමටත් ඉන්දියාව කටයුතු කිරීමයි.

මෑත ඉතිහාසයේ ඉන්දියාව ශ්‍රී ලංකාවේ අසමත් වූ එකම කාරණය නම් 2009 ඉන්දියානු සිතැඟියාවන්ට මූලික තැන ලබා නොදෙමින් යුද්ධය අවසන් කිරීමය. එය වසර 3000 කට ආසන්න ඉතිහාසය තුළ ඉන්දියානු සාධකයට ප්‍රමුඛස්ථානය ලබා නොදෙමින් සිදුවූ ප්‍රධාන සිදුවීමකි. එසේම කලින් කලට එනම් අනුරපුර රාජධානිය සමයේදී මහසෙන් රජු, යාපහුව සහ කෝට්ටේ රාජධානි වලදී රාජ්‍යය පාලනය කළ රජුන් ශ්‍රී ලංකාව ඉන්දියානු බලපෑමෙන් නිදහස් කිරීමට කටයුතු කළ නමුත් ඒවා ඉතිහාසයෙන් ඉතාම උපායසීලිව මකා දමා ඇත.  

 

 63313470 007207483 1
මෙම කාරණයේ ඇති වඩාත් හාස්‍යය උපදවන කාරණය නම් ඉන්දියානු බලපෑමේ වඩාත් උච්චතම සමයක් වූ අශෝක රජුගේ සමය මෙන්ම ඉන්දියානු සම්භවයක් ඇති රවණා ශ්‍රී ලංකාවේ සමස්ථ සමාජ විඥානයේ තීරක බලවේගය වී තිබීමය. ඉතිහාසය පුරාම අපි අනුන්ගේ යුද්ධ වලට පටලවනු ලැබූ ජාතියකි. 2009 දී අවසන් වූ වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ පැවති යුද්ධයද වෙනස් රාමුවක සිදුවූ එකම ඓතිහාසික සන්දර්භයට අයත් සිදුවීමකි. මෙම යථාර්තය බොහෝ දෙනෙකු දන්නා නමුත් විවිධ අවශ්‍යතාවයන් පිරිමසා ගැනීම සඳහා බලෙන් යටපත් කරති.

මෙම ඇත්ත වැදගත් වන්නේ ඉන්දියාවට වෛර කිරීමට නොව, ඉන්දියාව තේරුම් අරගෙන ඉන්දියාව සමග ගනුදෙනු කිරීමටය. අවාසනාවන්ත ලෙස මෙරට කිසිම දේශපාලනඥයෙකු මෙම මූලික සන්දර්භය තේරුම් ගෙන කටයුතු නොකරති.

ශ්‍රී ලංකාව දියුණු කිරීමේ කිසිම වුවමණාවක්  ඉන්දියාවට නැත. ඉන්දියාවට අවශ්‍යය වන්නේ, හොඳින් හෝ නරකින් මෙම දූපත සහ එහි ජනතාවගේ සිතැඟියාවන් තම ග්‍රහණයට ගැනීම මිස ශ්‍රී ලංකාව ස්වාධීන දියුණු රාජ්‍යයක් බවට පත්කිරීම නොවේ.

මීට වසර කිහිපයකට පෙර කොළඹ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ සේවය කළ, එරට ප්‍රධාන රහස් ඔත්තු සේවයක් වන රෝ සංවිධානයේ සේවය කළ නිළධාරියෙකු චීනය විසින් ශ්‍රී ලංකාවේ සිදුකරමින් සිටි ආයෝජන ගැන ඉදිරිපත් කළ අදහසක් එරට ජනමාධ්‍යය වාර්තා කළේය. එම වාර්තාවට අනුව, "මොන තරම් ලස්සනට පාරවල් හැදුවත්, මේවගේ දුවන්න ඉඩ දෙන්නේ අපි හදන බස් ටිකයි, ටුක් ටුක් ටිකයි, අපේ කෝච්චියි විතරයි. ඉතින් ඒ නිසා පාරවල්, වරායවල්, ගුවන් තොටුපළවල් හදන එක ඉන්දියාවට ප්‍රශ්නයක් නෙමෙයි", කියා ඔහු පැවසුවේලු. අදාළ ප්‍රකාශය ජනමාධ්‍යය ඔස්සේ වාර්තා වීමෙන් පසු ඔහුට වහා ස්ථාන මාරුවක් ලැබුණි.

 

Gautam Adani Adani Group

එහෙත් ඉන්දියානු බලපෑමේ ස්වභාවය එදත්, අදත්, හෙටත් ක්‍රියාත්මක වන්නේ මෙම මූලික රාමුව තුළය. දැන් පාරවල් පමණක් නොව දිවයිනේ අතුරු දිවයින්, ගුවන්තොටුපල, වරායන්, ඉන්දීය ග්‍රහණයට හසුවී හමාරය. 2025 පමණ වන විට සමස්ත විදුලි සංදේශ කටයුතු, විකාශන කටයුතු, පුනර්ජනනීය සහ එල්එන්ජී ඇතුළු ශක්ති ප්‍රභව, බෙහෙත් ඇතුළු ප්‍රධාන අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ද්‍රව්‍යය සීයට සීයක් ඉන්දීය ග්‍රහණයට හසුවනු ඇත.

කිසිඳු දුරදක්නා දේශපාලන ඥානයක් හෝ රාජ්‍යය පරිපාලනය ගැන ප්‍රාමාණික දැනුමක් නැති පුද්ගලයෙකු වන ගෝඨාභය රාජපක්ෂගේ කෙටි දූර කාලයද මෙම කාරණයේ කදිම ප්‍රකාශනයකි. බොහෝ දේශපාලනඥයින්ට මෙන්ම ඔහුටද ශ්‍රී ලංකාව ගැන විශ්වාසයක් තිබුණු පුද්ගලයෙකු නොවේ.

වීරයින් ලෙස අප ඉදිරියේ පෙනී සිටින පුද්ගලයින් සැබෑ ජීවිතයේ අතිශය දුර්වල සහ අනාරක්ෂාවෙන් පෙලෙන සත්ත්වයින් කොටසකි. මොවුහු බොහෝ දෙනෙකු තම වීරත්වය නමැති බැලූනය පුම්බා ගෙන සිටින්නේ මහන්තත්වය සහ කුහකකම මිශ්‍රකරගත් ගතිගුණ වලිනි. මෙවැනි පුද්ගලයින් තම නොහැකියාව වසා ගැනීම සඳහා වඩාත් සාර්ථකව භාවිතා කරන්නේ සැබෑ සමාජ අභියෝග හමුවේ රඟපෑමය. ඉන්දීය සංස්කෘතියෙන් සහ වසර 400 ක පමණ විදෙස් ආක්‍රමණ වලින් අපට ලැබුණු දායාදය මෙයයි.  

මුදුන් මුලක් නැති, ජාතික අනන්‍යතාවයක් නැති, අනාරක්ෂාව සහ කුහකකම පරම්පරාවෙන් පරම්පරාවට උරුමකරගත් එකම උරුමය ලෙස රැගෙන යන මිනිස් ප්‍රජාවක් ජීවත් වන දූපතක් බවට මෙරට පත්වී ඇත. මෙය අතිශය ගැඹුරුට විහිදී ගිය සමාජ යථාර්තයකි. මෙවැනි සමාජයක් යළි ප්‍රතිනිර්මාණය කිරීම කළ නොහැකි කාර්යයක් වන අතර බලාපොරොත්තු රහිත සමාජය වල ස්වභාවය මෙයයි.

 

image 1537113515 d555489302

මෙවැනි සමාජ වල බිහිවන්නේ නායකයින් නොව අවස්ථාවාදීන්ය. ඔවුන් බලයට පැමිණි පසු තම පවුල සහ වරිගය නඩත්තු කිරීම එකම අරමුණ කරගන්නේ මේ නිසාය.

ගෝඨාබයගේ පරිපාලනය විසින් ලේලටම විසි කර අපවාදයට ලක් කරනු ලැබූ ජාතියක් ඉන්දියාවෙන් ලැබුණු ඩොලර් බිලියන හතරකින් ගොඩ ගිය බව බොහෝ දෙනෙකු මේ දිනවල යළි යළිත් සඳහන් කරන කාරණයකි. මෙය තරම් ලෝක විහිළුවක් තවත් නැත. මෙම "ඩොලර් බිලියන හතරේ" මැදිහත්වීම කල්යල් බලා සිදුකළ අතිශය සාර්ථක උපායමාර්ගික කටයුත්තකි. 

මේ ගැන මීට සති දෙකකට පෙර තමන්ගේ දෙවන කෘතිය වන " වයි භාරත් මැටර්ස්" එළි දැක්වීමේදී ඉන්දීය විදේශ කටයුතු ඇමති ජයශංකර් වැදගත් කතාවක් කිව්වේය. "මීට වසර දහායකට පෙර ඩොලර් බිලියන හතරකින් අසල්වැසි රටකට මැදිහත් විය හැකි යැයි අපි කිසිවකුවත් සිහිනෙන්වත් සිතුවේ නැත. එහෙත් අපි එය මේ වන විට සාර්ථකව අත්හදා බලා ඇත," යැයි හෙතම කිව්වේය. ඒ කිව්වේ මාලදිවයින සමග ඇති වෛරය පිරිමසා ගැනීම සඳහා ලංකාවේ සංචාරය කරන ලෙස කීමට සතියකට පෙරය. ගෙවුණු මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සමස්ථ සාමාජ ව්‍යුහය සියතට ගැනීමට ඉන්දියාව සමත් විය. මෙය යථාර්තයයි.

 



මෑතකදී දැනටමත් රටේ ජනාධිපති යැයි සිතා සිටින අනුර දිසානායක ඇතුළු කණ්ඩායම ඉන්දියාවේ සංචාරය කළේය. ඒ සඳහා සමස්ථ වියදම ඉන්දියාවෙන් දැරූ බව පෙනේ. එය මෙරට කතානායක ඇතුළු අනෙකුත් දේශපාලනඥයින්ට මෙන් ලබාදුන් අල්ලසකි. දිසානායක ඇතුළු කණ්ඩායම ඉන්දියාවේ කළ සංචාරය දේශීය වශයෙන් වඩාත් හොඳ දේශපාලන උපායකි. එහෙත් මෙවැනි සංචාර කෙටි කාලීන තෘප්තියකට හේතු වුණත් එමඟින් දිගුකාලීන දේශපාලන වාසියක් ලැබේ යැයි සිතිය නොහැකිය. ඔහු වෙනුවට ඔහුට ඉන්දියාවේ යැවිය යුතුව තිබුණේ වඩාත් පරෙස්සමින් තෝරාගත් හොඳ තරුණ කණ්ඩායමකි. ශක්තිමත් සංවිධාන වල ශක්තිමත් නායකයින් මෙවැනි මෝඩ දේශපාලන ආතල් ගන්නේ නැත. මන්ද නායකයාගේ දේශපාලන වැදගත්ම ( එලිසිව් ගුණය) මෙවැනි හැසිරීම් වලින් දියවී යන්නේය. 

 

අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය : දේශපාලනික මුලෝපායක් ද ?
අනුර මොනතරම් අනාරක්ෂාවෙන් පෙළෙන පුද්ගලයෙක්ද යන්න එහිදී ඉතාම හොඳින් කැපී පෙනුණි. ඔහු ටිපිකල් සිංහලයාගේ කුහකකම පොදි  බැඳගත් සංඛේතයක් බවට පත්වෙමින් තිබේ. ඊටම සරිලන සේ ඔහුගේ අනුගාමිකයින්ද හැසිරෙන්න්ය. ඊට හොඳ උදාහරණය, සුනිල් හඳුන්නෙත්ති, "කුහකකම" ගැන සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහනයි. මෙම පුද්ගලයින්ගේ මොළ වල ප්‍රමාණය ඉන් විද්‍යමාන වන්නේය. එසේම ආචාර්ය හරිනිගේ හැසිරීමද විශ්වාස කළ නොහැකි මට්ටමින් ඇෆුල දනවන්නේය. දේශපාලන විඥානය යනු මෙය නොවේ. බලය ලබාගැනීම සඳහා මෙවැනි මෝඩ අදහස් සහ ජවනිකා වැදගත් වුවත්, එසේ ලබාගත් බලය කෙලවර විය හැක්කේ ගෝඨාභය විසින් සිදුකළ වින්නැහියට වඩා එහා ගිය අටමගලයකට රට තල්ලු කරවමිනි.

 

Namal India

නාමල් රාජපක්ෂ උත්තර් ප්‍රදේශ් මහ ඇමති හමුවෙයි

දිසානායකගේ සංචාරයෙන් පසු නාමල් රාජපක්ෂ එහි ගිය බව මාධ්‍යය වාර්තා කරන්නේය. පුදුමයක් නොවේ. තවත් සති කිහිපයකින් තවත් අයවලුන් ඉන්දියාවේ සංචාරය කරනු ඇත. මෙවැනි නිවට නියාලු දේශපාලනඥයින් හැසිරෙන ස්වභාවය පිළිකුල්සහගතය. මොවුන්ට අවශ්‍යය වන්නේ රාජ්‍යයක් පරිපාලනය කිරීම නොවන අතර තම සිතැඟියාවන් තෘප්තිමත් කිරීම සඳහා බලය ලබා ගැනීමය. ඉන්දියාව මෙම මනෝබාවය වඩාත් හොඳින් අධ්‍යනය කොට අවබෝධකරගෙන ඇත. ඒ නිසා තමන්ගේ පාලනයට නතු මෝඩයින් මෙරට බලයේ තබා ගැනීම ඉන්දියාවට වැදගත් වේ. ඉන්දියාව ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරනු ඇත.

ඉන්දියාව මේ වන විට මෙරට ආර්ථිකයේ සැලකිය යුතු ප්‍රතිශතයක් ආක්‍රමණය කර ඇත. එසේම කිසිඳු ජනමාධ්‍යයක් ඉන්දියාවේ කටයුතු ගැන සාධනීයව විශ්ලේෂණය නොකරති. මන්ද බොහෝ ජනමාධ්‍යය ඍජුව හෝ වක්‍රව ඉන්දියානු ආක්‍රමණයට නතු වී ඇත. ඉතින් තවත් වසර කිහිපයකින් බිහිවන "භාරත් හි විශේෂ පරිපාලන කලාපය" දෙස අපි හෙළුවෙන් බලා සිටිමු. ජාතිය සෝදාපාලුවට ලක්වී එහි බුද්ධිය අතුගෑවී ඇති ආකාරය දෙස බලා බාල් නටමු. ඉතිහාසය ගැන හිස් පුරසාරම් දොඩන ජාතියක විනාශය සිදුවන අයුරු මානව සංහතියටම ලබාදෙන අපකීර්තිමත්ම නිදසුනකි.

(මාලක නන්දන)
malakanandana@proton.me


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...