The Leader News
BREAKING
Top Ad
Opinion

මෙල්බ'න ගිම්හාන ආනයන - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

February 11, 2024 • 7:20 AM

මෙල්බ'න ගිම්හාන ආනයන - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ ආර්ථිකය, ප්‍රේෂණ ආර්ථිකයක් (Remittance Economy) වී ඇත්තේ ඒ නිසා ය. ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය, විදේශ රටවල සංක්‍රමිකයන් හෝ ස්ථිර පදිංචිකරුවන් ලෙස සිටින ලක්ෂ සංඛ්‍යාත ලාංකිකයන් හෝ ලාංකික සම්භවයක් ඇති අය එවන විදේශ විනිමය ප්‍රේෂණ හෙවත් රෙමිටන්ස් මුදල් ය.
  • එහෙත් බොහෝ විශ්ලේෂකයන්ගේ අනුමානය වන්නේ මේ ප්‍රේෂණය වන විදේශ විනිමය ප්‍රමාණයෙන් වැඩි කොටස එවනු ලබන්නේ ලොකු ලොකු රස්සා කරන වෘත්තිකයන් නොව පොඩි පොඩි රස්සා කරන අය බව ය.
  • ලොකු ලොකු රස්සා කරන, සශ්‍රීක රටවල ස්ථිර පදිංචිය හෝ පුරවැසිභාවය ලබාගෙන ඇති ලාංකිකයන් ජනනය කරන ආදායම සම්පූර්ණයෙන් ම වාගේ සංසරණය වන්නේත් අවශෝෂණය වන්නේත් අඩු වැඩි වශයෙන් එම සශ්‍රීක ආර්ථික තුල ම ය.
  • ලංකාවෙන් වෙනත් රටක පැළපදියම් වී ඇති අය හඳුන්වන්නේ ඩයස්පෝරිකයන් ලෙස ය.
අකුරු ප්‍රමාණය (Font Size):

සිටින්නේ රටෙන් බැහැර ව ය. ලංකාවේ ආර්ථිකය, ප්‍රේෂණ ආර්ථිකයක් (Remittance Economy) වී ඇත්තේ ඒ නිසා ය. 

ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය,  විදේශ රටවල සංක්‍රමිකයන් හෝ ස්ථිර පදිංචිකරුවන් ලෙස සිටින ලක්ෂ සංඛ්‍යාත ලාංකිකයන් හෝ ලාංකික සම්භවයක් ඇති අය එවන විදේශ විනිමය ප්‍රේෂණ හෙවත් රෙමිටන්ස් මුදල් ය. මේ ප්‍රමාණය ඇඟලුම් අපනයන හා සංචාරක කර්මාන්තවලින් උපයන විදේශ විනිමය ප්‍රමාණයට වඩා වැඩි ය. 

 

1624792662 Sri Lanka to vaccinate all leaving for foreign employment B
ප්‍රේෂණය කරන විදේශ විනිමය එවන්නේ තාවකාලික සංක්‍රමණික සේවක සේවිකාවන් ද එසේත් නැතිනම් ස්ථිර පදිංචිකරුවන් හෝ පසු කලෙක වෙනත් රටක පුරවැසිභාවය ලබාගත් අය ද කියා දත්ත පැහැදිලි ව වෙන්කර ගැනීම උගහට ය. එහෙත් බොහෝ විශ්ලේෂකයන්ගේ අනුමානය වන්නේ මේ ප්‍රේෂණය වන විදේශ විනිමය ප්‍රමාණයෙන් වැඩි කොටස එවනු ලබන්නේ ලොකු ලොකු රස්සා කරන වෘත්තිකයන් නොව පොඩි පොඩි රස්සා කරන අය බව ය.

ලොකු ලොකු රස්සා කරන, සශ්‍රීක රටවල ස්ථිර පදිංචිය හෝ පුරවැසිභාවය ලබාගෙන ඇති ලාංකිකයන් ජනනය කරන ආදායම සම්පූර්ණයෙන් ම වාගේ සංසරණය වන්නේත් අවශෝෂණය වන්නේත් අඩු වැඩි වශයෙන් එම සශ්‍රීක ආර්ථික තුල ම ය. ඒ තමන්ගේ ගෙවල් දොරවල්, යාන වාහන හා දරු මල්ලන්ගේ වියදම් සඳහා ය. ඒ නිසා ඔවුන් විසින් ලංකාවට සැලකිය යුතු මූල්‍ය ම ය ප්‍රේෂණයක් කෙරෙන්නේ නැත. එහෙත් මේ පිරිස වඩ වඩා  මව් රටට සම්ප්‍රේෂණය කරන්නේ විවේචන, අනුශාසනා, උපදෙස් හා නිර්දේශ ය. 'ලංකාවට හැදෙන හැටි කියා දෙන පිටරට සිටින යහළුවෙකුත් ඔබට සිටී ද?' කියා ද බොහෝ විට ඔවුන්ගේ මෙවැනි සම්ප්‍රේෂණ 'විසාල කරදරයක් වුණානේ' කියා සමහරු කියන්නේ විහිළුවට ම නොවේ.

 

indian spices g46d2429e1 1920

ලංකාවෙන් වෙනත් රටක පැළපදියම් වී ඇති අය හඳුන්වන්නේ ඩයස්පෝරිකයන් ලෙස ය. ඩයස්පෝරු ලංකාවේ සිට තමන් සිටින සශ්‍රීක රටවලට ද යම් යම් භාණ්ඩ හා සේවා ආනයනය කර ගනිති. මින් ප්‍රධාන භාණ්ඩ කාණ්ඩය වන්නේ කෑම බීම ය. සමහර ලංකීය කෑම බීම තමන් පදිංචි සශ්‍රීක රටවල වැවෙන්නේ හෝ නිපදවන්නේ නැත. ඒ රටවල ආදේශක හෝ ගුණයෙන් ඉහළ භාණ්ඩ තිබුණත්, ඒවා ලංකාවේ මෙන් නොස්තල්ජික රසයක් හෝ කැසිල්ලක් (යට කී සබන් වර්ගයෙන් ඇඳුමක් සෝදාගත් විට) දනවන්නේ නැත. නෙක්ටෝ හා සන්ලයිට් නිදසුන් ය. 

භාණ්ඩවලට අමතර කාණ්ඩය වන්නේ සේවාවන් ය. ඒවා බොහෝ දුරට සමාජ, සංස්කෘතික හා ප්‍රසාංගික ස්වරූපයක් ගනියි. මේරියන්ස් සිට වික්ටර් රත්නායක ඇතුළු සංගීත කණ්ඩායම් හා ගායික ගායිකාවන් ඩයස්පෝරුන් විසින් ආනයනය කෙරන්නේ නෙක්ටෝ ම ය හා සන්ලයිට් ම ය අනුභූතියක් වෙනත් ආකාරයකින් විඳිනු පිණිස ය.

වික්ටෝරියාව ඕස්ට්‍රේලියාවේ දෙවැනි විශාලත ම ප්‍රාන්තය වන අතර, එහි ජනගහනය මිලියන 6.5ක් වේ. ඉන් මිලියන පහක් ම ජීවත් වන්නේ මෙල්බර්න් නගරයේ ය. ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති ලාංකිකයන්ගෙන් බහුතරය ජීවත් වන්නේ වික්ටෝරියා හී ය. වික්ටෝරියා කෞතුකාගාර සංඛ්‍යා ලේඛන අනුව ලාංකික සම්භවය ඇති සංක්‍රමණිකයන් වික්ටෝරියාවේ අට වැනි විශාලත ම ජන කොට්ඨාශය වේ. 2021 සංගණන දත්ත අනුව ලංකාවේ උපත ලද වික්ටෝරියා හී ජීවත්වන සංඛ්‍යාව 68,066 ක වන අතර මේ සංඛ්‍යාවට ලාංකික සම්භවය ඇති දෙමාපියන්ට දාව ඕස්ට්‍රේලියාවේ උපන් දෙවැනි හා තෙවැනි පරම්පරා ඇතුලත් නොවේ. ඉන් 64% පමණ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ඇත. 

 

lkfilingstation
ලාංකික ප්‍රජාව වඩාත් සංකේන්ද්‍රණය වී ඇතැයි කියන්නේ මෙල්බර්න දකුණ හා ගිනිකොණ දිග පිහිටි ඩැන්ඩිනොන්, ග්ලෙන් වේවර්ලී, මවුන්ට් වේවර්ලි, බෙරික්, නරිවොරන්, ක්‍රන්බර්න්, නනවෝඩින් හා වොන්ටර්නා වැනි උප නගරවල ය. මේ පැතිවල ලාංකික කෑම කඩ රෙස්ටුරන්ට ඇදහිය නොහැකි ප්‍රමාණයක් ඇත. සමහර පැතිවල අඩියෙන් අඩියට වාගේ කෑම කඩ පහක් හයක් ඇත. මීට අමතර ව  නිවෙස් පදනම් කරගෙන කේටරින් කරන පවුල් ව්‍යාපාර ද විශාල ප්‍රමාණයක් ඇත. මේවායේ පිසෙන කෑම රසයෙන් හා ගුණයෙන් ඉස්තරම් ය. සමහරු කියන්නේ ලංකාවේ හෝටලයකින්වත් මේ තරම් රසට කෑම දැන් කන්නට බැරි බව ය. ඒ ගුණයෙන් ඉහල කුළුබඩු අනෙකුත් කළමනා නොමසුරු ව යොදන බැවිනි.

සැලකිය යුතු සිංහල ජනගහනයක් මෙල්බර්නයේ සිටින නිසා, සෑම මාසයක ම හෝ සති අන්තයක් හැර තවත් සති අන්තයක් පාහේ, ලංකාවෙන් යම් ගායකයෙක් හෝ සංගීත කණ්ඩායමක් හෝ චිත්‍රපටයක් හෝ එවැනි ප්‍රසාංගික යමක් ආනයනය කිරීම සාමාන්‍ය සිද්ධියකි. බොහෝ විට මොවුන් මෙල්බර්නයට පැමිණ, ඉන් අනතුරු ව සෙසු ප්‍රධාන ප්‍රාන්ත හා නගරවල ද තම සංදර්ශන පැවැත්වේ. ලාංකීය ඩයස්‌පෝර, ඒ අතුරිනුත් වෙසෙසින් හෙළ ඩයස්‌පෝර අනු කාණ්ඩවල පරිභෝජනය සඳහා ලංකාවෙන් අපනයනය කැරෙන නව සේවා ප්‍රභේදයක් මා නිරීක්ෂණය කළේ නොවැම්බර් අග සිට දෙසැම්බර් මැද දක්වා මා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ගත කළ කාලයේත් පසු සති කිහිපය තුළ ය.

407608400 935303788173392 2509388871990947152 n

 

දෙසැම්බර් මුල සිට ඇරැඹි මෙල්බර්න ගිම්හානයේ ඉතාමත් සාර්ථක ලෙස විවිධ නගරවල ප්‍රදර්ශනය වූ ජගත් මනුවර්ණගේ රහස් කියන කඳු චිත්‍රපටය සමග චිත්‍රපට විචාරක භූපති නලින් ද ලංකාවෙන් ආනයනය කිරීම විශේෂ ලක්ෂණයක් විය. චිත්‍රපටය පෙන්වූ සමහර නගරවල විචාරක භූපතිත් අධ්‍යක්ෂක මනුවර්ණත් පිළිවෙලින් ඡායාරූප හා රඟපෑම් වැඩමුළු පැවැත්වූ හ. මේ ප්‍රවණතාවයේ ම කොටසක් ලෙස ප්‍රකට ලේඛක මොහාන් රාජ් මඩවල තම නිල් කට්රොල් මල් කෘතිය බෙල්බර්නයේ දියත් කළේ ඒ ගැන සංවාද මණ්ඩප කිහිපයක් ද සංවිධානය කරමිණි. ඒ සංවාද තුළ ද විචාරක භූපති කථිකයෙක් ලෙස කටයුතු කළේ තවත් මෙල්බර්න්වාසීන් දෙතුන් දෙනෙකු සමග ය. 

පෙබරවාරියේ මුල ආනයනය වූ තවත් එවැනි විශේෂිත චරිතයක වූයේ උපුල් ශාන්ත සන්නස්ගල ය. පසුගිය සතියේ සන්නස්ගල ද නව පන්නයේ සංස්කෘතිකාංගයක් සිංදු කයිවාරුව නමින් මෙල්බර්නයේ ඉදිරිපත් කළේ ය.

 

426641686 2129470464066062 574537306094514842 n

 

මේ කාලාන්තරයේ නිල් කටරොලු මල් ප්‍රවර්ධනය කරන සුප්‍රසිද්ධ හිමි නමක් ද මෙල්බර්නයට වැඩම කළේ ය. මෙල්බර්නයේ මේ අලුතින් පිසෙන සංස්කෘතික ව්‍යංජනයට මුසු කරන අනගි කුළුබඩුවක් ලෙස ලාංකීය රූපවාහිනී නාලිකාවක සුප්‍රසිද්ධ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ද නොබෝ දිනයකින් ආනයනය වන බව මාධ්‍යය වාර්තා කළේ ය.

 

Sri Lankan Diaspora 13

මේ අපූරු මෙල්බ'න ගිම්හාන සමය නිමා කරමින්, කේක් ගෙඩියේ උඩ ම තැබෙන චෙරිය මෙන් ඔස්ට්‍රේලියාවට සිරි ලකෙන් ආනයනය කෙරෙන්නේ වෙනින් කවුරුවත් නොව ජනපති රනිල් යැයි කියැවේ. ඒ පර්ත් නුවර මේ සති අන්තයේ පැවැත්වෙන ඉන්දියානු සාගර සමුළුව සඳහා රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් හා විදේශ අමාත්‍යවරුන් කිහිපයක සමග සහභාගී වීමට ය  පර්ත් සිට ලංකාවට යන අතර ජනපති රනිල් ද බෙල්බර්නයේ පොඩි වැඩමුළුවක් හෝ පොත් දොරට වැඩුමක් හෝ කයිවාරුවක් ඉදිරිපත් කළහොත් යට කී නව ආනයන ප්‍රවණතාව පුර්ණත්වයට පැමිණෙන බව කිව යුතු ය. 

කලෙක නාගානන්ද ද මෑතක අනුර කුමාර ද උණුසුම් ව ආනයනය කර ගත්තේ ද යට කී මෙල්බර්න හෙළ ඩයස්පෝරුන් විසින් ම ය. ලාංකේය කලාකරුවන්ට, වැඩමුළු මෙහෙයවන්නන්ට, පොත් ලියන්නන්ට, විචාරකයින්ට පමණක් නොව දේශපාලකයින්ට ද මෙල්බර්නය අනගි අපනයන වෙලෙදපොලක් ඇති දේශාන්තයක් ලෙස මතු වීම ආර්ථික අහේනියකින් ගොඩ එන කලෙක අස්වැසිල්ලක් ම වන්නේ ය.


ඩ්‍රින්කෙක බයිටෙක වී ද ?- (උදන් ප්‍රනාන්දු )(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
udanfer2014@gmail.com

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මෙල්බ'න ගිම්හාන ආනයන - (ආචාර්ය උදන් ප්‍රනාන්දු) | The Leader