The Leader News
BREAKING
Top Ad
Opinion

සීතා අරඹෙපොල ජාජබ වර්ෂන්...කම් ඕන්! - 'ඉතා අකාරුණික ප්‍රතිචාරයක්'

T

The Leader Desk

February 12, 2024 • 7:56 AM

සීතා අරඹෙපොල ජාජබ වර්ෂන්...කම් ඕන්! - 'ඉතා අකාරුණික ප්‍රතිචාරයක්'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහුගේ එන්පීපී විචාර වාක්කියක දෙකක විචාර හින්ද ඒවගෙන් කියවෙන්නෙ මොකක්ද කියල හැම වෙලාවෙම පැහැදිලි නෑ.
  • ජාතික ජනබලවේගෙ ක්‍රියාධරයන් වන අපිත් එවැනි විචාරාත්මක මැදිහත් වීම් ඇතුළෙන් නිතර නිතර කරනවා.
  • හැබැයි ලංකාවේ හැම තැනින්ම අලුත් ස්ත්‍රීන් පිරිසක් සක්‍රිය අදහස් ප්‍රකාශ කරන්නියන් බවට පත් කරගැනීමට හැකිවීම එන්පීපීයේ විශේෂ ජයග්‍රහණයක්. අනික නිපුනිගේ කතාවේ හරය ජාජබයට අලුත් දෘෂ්ටිවාදී මුවහතක් ගේනවා.
  • මං අහල තියෙන විදිහට ආචාර්ය දර්ශන ලියනගේ කියන්නෙ සංස්කෘතික අධ්‍යයනය පිළිබඳ විශේෂඥයෙක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහුගේ එන්පීපී විචාර වාක්කියක දෙකක විචාර හින්ද ඒවගෙන් කියවෙන්නෙ මොකක්ද කියල හැම වෙලාවෙම පැහැදිලි නෑ.

විශාල වශයෙන් ජනප්‍රිය වන දේශපාලන ව්‍යාපාර විතරක් නෙමේ මොන ව්‍යාපාරයක් වුණත් නිතර විචාරාත්මකව පරීක්ෂා කරන එක හොඳයි. ජාතික ජනබලවේගෙ ක්‍රියාධරයන් වන අපිත් එවැනි විචාරාත්මක මැදිහත් වීම් ඇතුළෙන් නිතර නිතර කරනවා.

මේ තියෙන්නෙ නිපුනි ශාරදා අනුරාධපුරේ කළ කතාව ගැන ආචාර්ය ලියනගේගේ ප්‍රතිචාරයක්.

ඔහු දකින හැටියට නිපුනි යනු සීතා අරඹේපොළගේ අලුත් ස්වරූපයක්.

මෙය ඉතා අකාරුණික ප්‍රතිචාරයක්. 

වේදිකාවල දේශපාලන කතා අපේ ස්ත්‍රීන්ට එච්චර හුරු නෑ. ඒ නිසා පොඩි පහේ කෘත්‍රිම ස්වරූපයක් බොහෝ ස්ත්‍රීන් කතා කරනකොට තියෙන්න පුළුවන්.

default

හැබැයි ලංකාවේ හැම තැනින්ම අලුත් ස්ත්‍රීන් පිරිසක් සක්‍රිය අදහස් ප්‍රකාශ කරන්නියන් බවට පත් කරගැනීමට හැකිවීම එන්පීපීයේ විශේෂ ජයග්‍රහණයක්. 

අනික නිපුනිගේ කතාවේ හරය ජාජබයට අලුත් දෘෂ්ටිවාදී මුවහතක් ගේනවා. මීට කලින් ජවිපෙ නායිකාවන් වූ සමන්මලී වගේ අයවත් කවදාවත් නොකියපු කතාවක් නිපුනිගේ කතාවේ තියෙනවා. 

ස්ත්‍රීකාරකත්වය ගැන අදහසක් ඒකෙ තියෙනවා.

මං අහල තියෙන විදිහට ආචාර්ය දර්ශන ලියනගේ කියන්නෙ සංස්කෘතික අධ්‍යයනය පිළිබඳ විශේෂඥයෙක්. ස්ත්‍රීන්ව හික්මවන හා පාලනය කරන පැරණි කතන්දර වෙනුවට අලුත් කතන්දරයක් අවශ්‍ය යැයි කියන නිපුනිගේ තර්කය ආචාර්ය ලියනගේට නොතේරෙන්න විදියක් නෑ.

ආඛ්‍යාන කියන්නේ ස්ත්‍රීන්ව පාලනය කරන උපකරණ බවත් ඒවා පුපුරුවා අලුත් ආඛ්‍යානයක් ගොඩ නැගිය යුතු බවත් නිපුනි නම් තරුණ ස්ත්‍රීය කියන විට මට නම් ඒක ආස්වාදයක්. ඒ අලුත් කතාව ගොඩනගන්නට ඉඩ නොදෙන බොහෝ දෙනෙක් ඉන්න පුළුවන් වුණත් ඒක ආස්වාදයක්.

ඒ අතින් නිපුනිගේ කතාව අරඹේපොළගේ කතාවලට වඩා හරයාත්මකව වෙනස්. 

 

426620345 702996892004741 7728463253024179132 n
අරඹේපොළ කිව්වේ ඇයත් ඇතුළු කාගේත් විමුක්තිය ඇති කරන ගෝඨාභය පසුපස යා යුතුයි කියා වෙන්න ඕන. ඇයට එය පවා හරියට කියාගන්න හැකියාවක් තිබුණේ නෑ. නිපුනි ඊට වෙනස් කතාවක් පැහැදිලිව කියනවා.

ජාතික ජනබලවේගය සමග ස්ත්‍රීන් එක්වීමෙන් ස්ත්‍රීන් සම්බන්ධ ඇතැම් දෘෂ්ටිවාද ටිකෙන් ටික අභියෝගයට ලක්වීම සාපේක්ෂ වශයෙන්වත් අගය කරන්න පුළුවන් වෙන්න ඕනෙ.

නිපුනි ශාරදා ! බය නැතුව කතා කරන්න. පිරිමි බුද්ධිමය ප්‍රභූවරුන්ගෙ උසුළුවිසුළු එල්ල වෙන එක පුදුමයක් නෙමේ.

(මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි)

(උපුටා ගැනීම - හිනිදුම සුනිල් සෙනවි ගේ ෆේස්බුක් පිටුවෙන්)



සබැඳි ලිපියක් :
කොඩිගහයට නිලිය අ'පුර මාලිමා වේදිකාවේදී කියපු කතාන්දරය ඇහුවද ?


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...