The Leader News
BREAKING
Top Ad
Opinion

ඉන්දියාව හරහා අනුරට ලැබුණු ප්‍රචාරක වාසිය - ( වීඩියෝ)

T

The Leader Desk

February 13, 2024 • 5:51 AM

ඉන්දියාව හරහා අනුරට ලැබුණු ප්‍රචාරක වාසිය - ( වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික ජන බලවේගය ඉන්දියාවට ගිය එකෙන් සිද්ද වෙච්ච වඩාත්ම වැදගත් වාසිය උනේ ප්‍රචාරක වාසිය.
  • තවත් අය ඔලොගු සකස් කරනවා ඉන්දියාවේ වන්දනාවේ යන්න.
  • ආපහු එනකොට ඇත්තටම අලුත් ජනාධිපති කෙනෙකුට ලැබෙන මාධ්‍ය ආවරණය වගේ එකක් ලැබෙන්න ගත්ත.
  • ඇත්තටම එක මොහොතකට එයා නිකම් නිල නොලත් රාජ්‍ය නායකයා උණා....
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ කියන්නේ ඒ කතාබහ ඇතුලේ සිද්ද වෙච්ච සමාජ, ආර්ථික, දේශපාලන දේට වඩා මාධ්‍ය කතා කලේ එහෙම ගිය එක ගැන. ඒ ලැබුණ ආරාධනාව ගැන. එහෙම ආරාධනාවක් ලැබුනේ ඇයි කියන එක ගැන.

කුරුඳුවත්තේ අනික් ලොකු ලොකු කියන අයට ලැබුනේ නැති ආරාධනාවක් තඹුත්තේගම අනුරට ලැබීම ගැන. ඒකම තමයි ඒකෙ වාසිය උනෙත්.

මෙච්චර කල් ලෝකෙ කැරකුණේ කොළඹ රෝයල් කිහිප දෙනෙක් වටේ උනාට, ඉංග්‍රීසි දන්නා පැලැන්තියේ තුන්හතර දෙනෙක් වටේ උනාට, දැන් පොඩි තැනකින් ආපු කෙනෙක් වටේ ලෝකේ කැරකෙන්න ගන්නකොට හැමෝටම කිචි කිචි වගේ උනා.

අනුර ඉන්දියා ගිහින් ආවට පස්සේ මෛත්‍රීත් ඉන්දියාවේ යන්න අධිෂ්ටාන කරගත්ත. නාමලුත් ඉන්දියා යනවා කිව්වා. තවත් අය ඔලොගු සකස් කරනවා ඉන්දියාවේ වන්දනාවේ යන්න.

අනුර ගියේ හැබැයි වන්දනාවේ නෙවෙයි. ඒ රටෙන් ආපු ආරාධනාවකට. ආපහු එනකොට ඇත්තටම අලුත් ජනාධිපති කෙනෙකුට ලැබෙන මාධ්‍ය ආවරණය වගේ එකක් ලැබෙන්න ගත්ත. මාධ්‍ය කැමරා සහ මයික් වටවුණා.යූ ටියුබ් විව්ස් වැඩිවුණා. හැමෝම ඒ ගැන කතාවුණා.

ඇත්තටම එක මොහොතකට එයා නිකම් නිල නොලත් රාජ්‍ය නායකයා උණා....

ඒක තමයි ප්‍රචාරක වාසිය. 

පශ්චාත් අර්ජුන ක්‍රිකට් ගැන ගොඩේ සටහනක් - (මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

 


 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...