The Leader News
BREAKING
Top Ad
Opinion

නුඹේ සරලකමට, අව්‍යාජත්වයට මේ රටේ මිනිස්සු හරි කැමතියි

T

The Leader Desk

February 14, 2024 • 11:20 AM

නුඹේ සරලකමට, අව්‍යාජත්වයට මේ රටේ මිනිස්සු හරි කැමතියි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තනි සිග්නල් කණුව, ස්ටේසම අසල, තඹුත්තෙගම.
  • ජනාධිපතිවරණයේදී ලැබූ පරාජය නිසා 3% නායකයා ලෙස උසුළු විසුළු කරද්දී ඔහු පෙන්වා දුන් ඉවසීම බලාපොරොත්තු අත්නොහැරීම ප්‍රශංසනීයයි.. පාර්ලිමේන්තුවේදී අද මිනිසුන්ගේ රැකවලා බවට පත්වන අනුර අරගලය කාලේ සිට මේ දක්වා කරන ලද සැලසුම් වලට සොර දෙටුවන් භීතියට පත්වී ඇතිබව නොරහසකි.
  • ජනාධිපති තාත්තාල ඉන්න නාමල් ට හෝ සජිත් ට නැති ආකර්ෂණයක් අනුර ලබාගැනීම තුළින් ඔහු තුළ ඇති කැපවීම හා අවංකත්වය ප්‍රදර්ශනය වේ.
  • කාලසීමාවෙ ඉන්දියාවේ ප්‍රධානතම සතුරා වු ජවිපයේ වර්තමාන නායකයාට එරටට එන ලෙස නිළ ආරාධනාවක් කිරීමෙන් පැහැදිලි වනුයේ එරට "රෝ" ඔත්තු සේවාවේ තොරතුරු වලට අනුව ඊළග ලංකාවෙ ජනාධිපති අනුර දිසානායක බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


තනි සිග්නල් කණුව, ස්ටේසම අසල, තඹුත්තෙගම. ලිපිනයැති, ප්‍රභූත්වයක් නැති ඉතාම සාමාන්‍ය පවුලක වාරිමාර්ග කම්කරුවකුගේ පුතෙක් ලෙස ඉපදිලා, තඹුත්තේගම මහා විද්‍යාලයේ උසස් පෙළ ගණිත අංශයට ඇතුළත් වෙලා, ටියුෂන් යන්න සල්ලි නැති නිසා කෝච්චියේ ටොෆි, පත්තර විකුණලා, වාරිමාර්ගේ දවසේ කුළියට ඇලවල් කපලා, first shy එකෙන් ම පේරාදෙණිය සරසවියට තේරිලා තමන් තෝරාගත් දේශපාලන මතවාදය නිසාම ජීවිතය අවදානම් වෙනකොටත් ආරක්ෂාව පතා කැළණිය විශ්වවිද්‍යාලයට ඇවිත් lectures වලට නොගිහින් භෞතික විද්‍යා උපාධියක් ගත්තු අනුර ටික කාලයක් උපකාරක පංති කරලා අවසානයේ ජවිපෙ ශිෂ්‍ය දේශපාලනය ට අවශෝෂණය වෙලා පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ දේශපාලන මණ්ඩලයද පසු කරමින් පක්ෂයේ නායකත්වය ට පත්වෙනවා..

 

akd new 2 800x533
2019 ජනාධිපතිවරණයේදී ලැබූ පරාජය නිසා 3% නායකයා ලෙස උසුළු විසුළු කරද්දී ඔහු පෙන්වා දුන් ඉවසීම බලාපොරොත්තු අත්නොහැරීම ප්‍රශංසනීයයි.. 

පාර්ලිමේන්තුවේදී අද මිනිසුන්ගේ රැකවලා බවට පත්වන අනුර අරගලය කාලේ සිට මේ දක්වා කරන ලද සැලසුම් වලට සොර දෙටුවන් භීතියට පත්වී ඇතිබව නොරහසකි...

 

F2w1d4IWAAAFBBr.jpg large
ජනාධිපති තාත්තාල ඉන්න නාමල් ට හෝ සජිත් ට නැති ආකර්ෂණයක් අනුර ලබාගැනීම තුළින් ඔහු තුළ ඇති කැපවීම හා අවංකත්වය ප්‍රදර්ශනය වේ..

1987-89 කාලසීමාවෙ ඉන්දියාවේ ප්‍රධානතම සතුරා වු ජවිපයේ වර්තමාන නායකයාට එරටට එන ලෙස නිළ ආරාධනාවක් කිරීමෙන් පැහැදිලි වනුයේ එරට "රෝ" ඔත්තු සේවාවේ තොරතුරු වලට අනුව ඊළග ලංකාවෙ ජනාධිපති අනුර දිසානායක බවයි...

ජවිපෙ සාමාජිකයන් මා සමග වාද කලත් මෙවැනි නායකයෙක් යළි ජවිපෙට පහළ නොවනු ඇත... 

 

anura in india
ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකාවේ සරසවියෙන් උපාධියක් ලැබු නිර්ප්‍රභූ පවුලක සාමාන්‍ය තරුණයෙක් මෙරට ජනාධිපති වනු ඇත...

මා පමණක් නොව දේශපාලන පක්ෂ භේදයකින් තොරව රට ගැන, දරුවන් ගැන හිතන ඕනෑම තරාතිරමක මිනිසෙකුගේ අපේක්ෂාව එයයි...

අනුර ඔබ ඔතනට එනකොට දැනෙන්නේ මම ඔතන ඉන්නවා වගෙයි....

සමහර විට මට එහෙම හිතෙන්නේ මමත් ඔබ වගේම නිර්පභූ පවුලක ඉපදුන කෙනෙක් නිසා වෙන්න ඇති.

 

2020 මහ මැතිවරණය: ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක
ඔබට ජය, රටටත් ජය ඔබට...දළදා හාමුදුරුවන්ගේත් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සහ රටට ආදරේ සෑම කෙනෙකුගේම ආශිර්වාදය නුඹට.......

නුඹේ සරලකමට, අව්‍යාජත්වයට මේ රටේ මිනිස්සු හරි කැමතියි.

Dr. Prasad Weerasinghe, (Chemist)  

Massachusetts Institute of Technology (MIT) USA.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...