The Leader News
BREAKING
Top Ad
Opinion

අහිමි වීමක් නැති ආදරෙන් වෙලෙන්න

T

The Leader Desk

February 14, 2024 • 3:52 PM

අහිමි වීමක් නැති ආදරෙන් වෙලෙන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මං විශ්වාස කරන්නෙ සදාතනික සම්බන්ධතා.
  • සංකීර්ණ වුනු, ඇදපලුදු තියෙන සම්බන්ධතාවයක් ඒ පවතින හැටියෙන් බාරගන්න අපිට බැරි වෙනවා.
  • සම්බන්ධතාවයක හිංසා කිරීම්, බලහත්කාරයන්, තමන්ගේ දියුණුවට බාධාකාරී වැනි තත්වයන් ඇත්නම් වෙන්වීම හොඳ දෙයක් වෙන්න පුළුවන්.
  • අපේ සම්බන්ධතාවයක් ඇතුලෙ පරිණත වීම අපිට මගහැරෙන්න පුළුවන්.
අකුරු ප්‍රමාණය (Font Size):

මං විශ්වාස කරන්නෙ සදාතනික සම්බන්ධතා. ඒ සම්බන්ධතාවල ස්වරූපය වෙනස් වෙන්න පුළුවන්. සමහර විට අපි මුල්කාලෙ වගේ එකිනෙකා මත ඇලීගැලී නැති වෙන්න පුළුවන්. අපි තවත් අය එක්ක සම්බන්ධතා පවත්වනවා වෙන්න පුළුවන්. අපි වෙනත් අය ලිංගිකව එකතුවෙනවා වෙන්න පුළුවන් . ඒත් ඒ කිසි දෙයක් වෙන්වීමට තරම් හේතු ද කියල අපි කල්පනා කරලා බලන්න ඕන.

වෙන්වීම් බොහොමයක තියෙන්නෙ අපි සාම්ප්‍රදායික ආකෘතියක් ආපහු ප්‍රාර්තනා කරන එක. අපිට තියෙනවා පර්ෆෙක්ට් කියල සම්බන්ධතා මොඩ්ල් එක්ක. සංකීර්ණ වුනු, ඇදපලුදු තියෙන සම්බන්ධතාවයක් ඒ පවතින හැටියෙන් බාරගන්න අපිට බැරි වෙනවා.

සම්බන්ධතාවයක හිංසා කිරීම්, බලහත්කාරයන්, තමන්ගේ දියුණුවට බාධාකාරී වැනි තත්වයන් ඇත්නම් වෙන්වීම හොඳ දෙයක් වෙන්න පුළුවන්. ඒත් එහෙම නැතුව අපේ ආශාවන්, හැගීම් වෙනස්වීම් මත වෙන්වීම අර්ත විරහිත වෙන්න පුළුවන්. අපේ සම්බන්ධතාවයක් ඇතුලෙ පරිණත වීම අපිට මගහැරෙන්න පුළුවන්. ඒ වෙනුවට අපි උත්සාහ කරන්න ඕන සම්බන්ධතාවයේ සීමාවන් පුළුල් කරන්න. නිදහස වැඩිපුර අපි අතරට ගෙන්න ගන්න.

එහෙම වුනොත් අපිට අහිමි වීමක් නැතුව ආදරෙන් වැඩි දෙනෙක් බදාගන්න පුළුවන් වෙයි.

Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com


(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...