The Leader News
BREAKING
Top Ad
Opinion

අදක්ෂයො දක්ෂයන්ට වඩා වැදගත් - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

February 16, 2024 • 7:58 AM

අදක්ෂයො දක්ෂයන්ට වඩා වැදගත් - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ කියන්නෙ සරලව උපත, පවුල, පරිසරය ආදී කිසිම කාරණයක් අදාල කරගන්නෙ නැතුව දක්ෂතාවය මතම පදනම් වෙලා තීන්දු තීරණ ගන්නවා කියන එක. මේක නූතන සිතීමත් එක්ක හිතෙන්නෙ සිරා වැඩක් කියලනෙ. හැබැයි ලංකාවෙ මේ දක්ෂතාවය එන්නෙ උපාධි සහතික, අධ්‍යාපනය ආදී කාරනා මුල් කරගෙන.
  • තමන් ඉගෙන ගන්න දක්ෂයෙක් නෙමෙයි , සිංදු කියන්න තමන්ට වඩා දක්ෂ අය ඕනතරම් ඇති, ඒත් තමන්ට පින තිබුන කියල සුනිල් පෙරේරා කියනවා.
  • මේ පින කියන බාරගැනීම හරි වැදගත් දෙයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ කියන්නෙ සරලව උපත, පවුල, පරිසරය ආදී කිසිම කාරණයක් අදාල කරගන්නෙ නැතුව දක්ෂතාවය මතම පදනම් වෙලා තීන්දු තීරණ ගන්නවා කියන එක. 

මේක නූතන සිතීමත් එක්ක හිතෙන්නෙ සිරා වැඩක් කියලනෙ. 

 

image001 11
හැබැයි ලංකාවෙ මේ දක්ෂතාවය එන්නෙ උපාධි සහතික, අධ්‍යාපනය ආදී කාරනා මුල් කරගෙන. උදා විදිහට ලංකාවෙ දොස්තරලා ගන්න. ඒ අය හැම දෙයක් ගැනම, කොටින්ම කාබනික පොහොර ගැන පවා දේශනා ඇදබෑවෙ මෙරිටොක්‍රසි තත්වය පාවිච්චි කරලයි. 

මෙතනදි සිද්ද වෙන නරකම දේ තමයි මේ තත්වයක් යටතෙ යම්කිසි තැනකට පත්වෙන කෙනා හිතනවා තමන් ඒ තැනට පත්වුනෙ අන් සියල්ලන්ට වඩා තමන් සුදුස්සෙක් නිසා කියල. ඒ වගේම මේ ක්‍රමය යටතෙ තැනක් නොලැබෙන අය කිසිම දක්ෂතාවයක් නැති loosers ලා වෙනවා.

ප්‍රවීන ගායන ශිල්පී සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

 

මෙතනදි මට මතක් වෙනවා ලංකාවෙ ගායකයෙක් වුනු ජිප්සීස් සුනිල් පෙරේරා. අපේ රටේ සුවිශේෂ දක්ෂයෙක්. ඒත් කිසිම වෙලාවක තමන් දක්ෂ නිසා මේ තැනට ආවා කියල එයා කිව්වෙ නෑ. තමන් ඉගෙන ගන්න දක්ෂයෙක් නෙමෙයි , සිංදු කියන්න තමන්ට වඩා දක්ෂ අය ඕනතරම් ඇති, ඒත් තමන්ට පින තිබුන කියල සුනිල් පෙරේරා කියනවා.

මේ පින කියන බාරගැනීම හරි වැදගත් දෙයක්. ඒ කියන්නෙ තමන්ගෙන් පිටත යම් ක්‍රියාවලියක බලපෑමක් කියන එක. තමන්ගේ කොටස වගේම පිටත අහම්බයක බලපෑමක් තිබුන කියන පිලිගැනීම. මේක සමාජයකට හරි වැදගත් මානසික කාරණයක්.

 

Concept of power and competition with men running up stairs for leadership.

තමන් ගැන මමත්වයෙන් පිම්බිලා අනුන්ටත් තමන්ටත් ආතතිකර තත්වයක් නිර්මාණය නොකරන්නට මේ තමන් නොදන්නා වූ බාහිරයකට යම් ඉඩක්, ගරුත්වයක්, පිලිගැනීමක් ලබාදෙන එක වැදගත්.

මේක දෙවියන් වෙන්න පුළුවන්, කරුමෙ වෙන්න පුළුවන්, පින (ඒක තමයි ලස්සනම කියල මං හිතන්නෙ ) වෙන්න පුළුවන් ..මනුස්සයෙකුගේ දක්ෂතාවය මත සියල්ල තීරණය වෙනවා කියන බාරගැනීම වෙනුවට මේ අහම්බය බාර ගැනීම නිරෝගී මනුස්ස සමාජයකට වැදගත්. 

ලංකාවෙ ගත්තොත් මෙරිටොක්‍රසි කියන්නෙ සිංබෞ අධ්‍යාපනයෙන් බ්ලොක් ගල් ගහනවා වගේ හදපු අච්චු ටිකක් බලය අතට ගන්නවා කියන එක. ඒ වගේ රටක අදක්ෂයො දක්ෂයන්ට වඩා වැදගත්.


හරි මචං එළ කියනවට වඩා අපි මොකුත් කියන්නේ නැ - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...