The Leader News
BREAKING
Top Ad
Opinion

හරින්ට වඩා රැඩිකල් නීල් වර්ණකුලසූරිය - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

February 16, 2024 • 8:19 AM

හරින්ට වඩා රැඩිකල් නීල් වර්ණකුලසූරිය - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මොකද හැම බඩකරිත්තුවම ඉන්දියාවෙන් එනකල් ඉන්න නිසා සහ ඉන්දියාව අපි ඉස්සරහ ඉන්න චණ්ඩියා නිසා.
  • ඒත්....හරින්ට අමතක ඉතිහාසයක් ඇතුලේ ලාංකික දේශප්‍රේමී ව්‍යාපාරයක් ඉන්දියාවෙන් ගේම ඉල්ලුවා. IPKF එකට විරුද්ධව සටන් කලා.
  • සන්ෆ්ලවර් හැටියට මොකක්ද පොර කළේ?
  • අපේ කියල යම් හෝ අනන්‍යතාවක් පෙන්නමු. ලොකු ලයින් නැති නිසා ලේලන්ඩ්වල යන එක ඇත්ත තමයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒක එහෙම වෙන්න පුළුවන්. මොකද හැම බඩකරිත්තුවම ඉන්දියාවෙන් එනකල් ඉන්න නිසා සහ ඉන්දියාව අපි ඉස්සරහ ඉන්න චණ්ඩියා නිසා. සහ රාවනාගේ හෝ විජයගේ ඉඳල ඉතිහාසයක් අපිට මේ යකා එක්ක තියන නිසා.

අවුරුදු හැත්තෑපහක් තිස්සේ අපි මේ තත්වයට පරාධීන කරපු හැත්ත එක්ක මීට වඩා දෙයක් හිතන්න බැහැ තමයි. ඒත්....

ඒත්....හරින්ට අමතක ඉතිහාසයක් ඇතුලේ ලාංකික දේශප්‍රේමී ව්‍යාපාරයක් ඉන්දියාවෙන් ගේම ඉල්ලුවා. 

 



IPKF එකට විරුද්ධව සටන් කලා. අවම වශයෙන් කොටි සංවිධානය පවා සටනක් දියත්කළා. හා හරි අපි උඹලගේ ප්‍රාන්තේ වෙන්නම් කියල නිකම් හිටියේ නැහැ. ගේමක් ඉල්ලුවා. එහෙම ලංකාවක් තිබ්බ.

 

250px Jayewardene presents elephant to Reagan
අවම වශයෙන් දැන් ඔය හරින් කඩේ යන රනිල්ගේ සීයද මාමද කියල කියන ජේ. ආර්. පවා එකහෙලාම ඉන්දියන් ලයින් එකේ නෙවෙයි හිටියේ. ඇමෙරිකන් ලයින් එකේ. ඒ කාලේ අපි ඇහුවේ හින්දි සිංදු නෙවෙයි. ඉංග්‍රීසි සින්දු. මාකට් එකේ තිබ්බේ ඉංග්‍රීසි කැසට්. ඇබා, බොනි එම්, ජැක්සන්, මැඩෝනා වගේ. 

රනිල්ගේ කැම්පේන් මැනේජර් කියන හරින්ට වඩා මෙලෝ රහක් නැති සලාද කැසට් කරපු හලාවත නීල් වර්ණකුලසූරිය රැඩිකල්. සන්ෆ්ලවර් හැටියට මොකක්ද පොර කළේ? (එයා කියන විදියට) හින්දි රැල්ල ලංකාව වහගෙන හිටපු වෙලාවක පොඩි බේස් ලයින් එකක්, ඩ්‍රම් ලයින් එකක් දාල අර රැල්ලට අභියෝගයක් කරපු එක. මම හිතන්නේ අද දක්වා නීල්ගේ රැල්ල බෑන්ඩ්වල පවතිනවා. 

Neel 4 650x433

 

නීල් අයිය එක තැනක කියනවා බෑන්ඩ් එක ඔය සලාද සිංදු කිව්වට මම අහන්නේ වෙනත් ජාතියේ සිංදු කියල. ඒ කියන්නේ සලාදයට ඔබ්බෙන් නීල් කියල කෙනෙක් පැවතිලා තියනවා. 

නිකම්ම ගිහිල්ල උන්ගේ කකුල් පාමුළ ''අපිත් ඉන්දියාවේ ප්‍රාන්තයක්'' කියනවට වඩා පොඩි හරි ගේමක් ඉල්ලමු. අපේ කියල යම් හෝ අනන්‍යතාවක් පෙන්නමු. 

ලොකු ලයින් නැති නිසා ලේලන්ඩ්වල යන එක ඇත්ත තමයි. ඒත් මම හින්දි සින්දු අහන්නේ නැහැ. කලාතුරකින් තෝරා ගත්ත එකක් හැරුනම හින්දි ෆිල්ම් බලන්නෙත් නැහැ.

හරින්ගේ ප්‍රාන්ත කතාව ඇහුනෙත් බිල් විදර්ගේ Ain't No Sunshine අහ අහ ඉන්නකොට. 

සියල්ල විනාශ කරපු රටක මේ තරම් පහළට වැටෙන එක ඇත්ත. ඒත් එච්චරටම වැටෙන්නේ නැහැ මම හිතාගෙන ඉන්නවා. ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ 

බිල් වීදර් අහමින් ඉන්දියාවේ ප්‍රාන්තයක ඉන්න මම... 



බලාගෙන හැදෙන්න මෙච්චර දේවල් තියන රටක....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

සබැඳි පුවත් :
ලංකාව ඉන්දියාවේ කොටසක් ද? :'හරින් ඇමතිකමෙන් නෙරපිය යුතුයි'


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...