The Leader News
BREAKING
Top Ad
Opinion

ප්‍රාන්තයක් වෙමු. ගෝත්‍රයක් නොවෙමු - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

February 16, 2024 • 2:42 PM

ප්‍රාන්තයක් වෙමු. ගෝත්‍රයක්  නොවෙමු - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාව මේ වෙද්දි සංස්කෘතිකව ඉන්දියාවෙ ප්‍රාන්තයක් වෙලා ඉවරයි කියන එකයි මගේ අදහස.
  • මෙතනදි අපි ඉන්දියාවෙ දකුණට වඩා ආකර්ශනය වෙමින් තියෙන එක තමයි සංස්කෘතිකව වඩා නරක ප්‍රතිඵල ඇති කරන්නෙ.
  • වෙන රටකදී වුනත් ඉන්දියන් උන්ට වඩා අපිව කැපී පෙනෙන පැවැත්මෙන් එන සංස්කෘතික වෙනස්කම් තිබුන.
  • අපි ඉන්දියාවෙ ප්‍රාන්තයක් බවට පත්වෙන එක නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ලංකාව මේ වෙද්දි සංස්කෘතිකව ඉන්දියාවෙ ප්‍රාන්තයක් වෙලා ඉවරයි කියන එකයි මගේ අදහස.


මේ ව්‍යාප්ත වෙන මුග්ධ ජාතිකවාදය, ආගමික උන්මාදය, සමූහවාදය, ජනකාන්තවාදය සියල්ල ඉන්දියානුකරණයේ දිගුවීම්.

ඒ වගේම අපේ නිර්මාණ විශේෂයෙන් ජනප්‍රිය ගීත, චිත්‍රපට ආදියත් කියන්නෙ ඒ නැඹුරුවමයි.

මෙතනදි අපි ඉන්දියාවෙ දකුණට වඩා ආකර්ශනය වෙමින් තියෙන එක තමයි සංස්කෘතිකව වඩා නරක ප්‍රතිඵල ඇති කරන්නෙ.

ඒත් අපි දිගු කාලයක් පුරා ඉන්දියාවට වඩා වෙනස් වෙන්නෙ කොහොමද කියන එක උත්සාහ කරපු රටක්.


ඒක අපිට කරන්න පුළුවන් වුනේ අපි වඩාත් බටහිරට නැඹුරු වීම නිසා. බටහිර පුද්ගල නිදහස, පුද්ගලවාදය වැනි සංකල්ප සමාජයට හුරු වීම නිසා. වෙන රටකදී වුනත් ඉන්දියන් උන්ට වඩා අපිව කැපී පෙනෙන පැවැත්මෙන් එන සංස්කෘතික වෙනස්කම් තිබුන.

අපි ඉන්දියාවෙ ප්‍රාන්තයක් බවට පත්වෙන එක නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒත් අපි ඒක ආඩම්බරෙන් බාරගන්නවා වෙනුවට වෙනදටත් වඩා උවමනාවෙන් අපි ඉන්දියාවෙන් වෙනස් වෙන්නෙ කොහොමද කියල කල්පනා කරන්න ඕන. ඒ කියන්නෙ වඩවඩාත් බටහිරට නැඹුරු වීම තමයි උත්සාහය විය යුත්තෙ. එහෙම වුනොත් විතරයි ඉන්දියාවෙ ප්‍රාන්තයක් විදිහට වුනත් අපිට පැවැත්මක් තියෙන්නෙ.


රාවනාව කරේ තියාගෙන හෝ බුදුන් උපන්නෙ ලංකාවෙ වගේ හෝ කන්දක් කන්දක් ගානෙ චෛත්ති ගහමු වර්ගයේ හෝ විහිලු කරමින් ඉන්නවා කියන්නෙ අපි ප්‍රාන්තයක් වෙනුවට ඉන්දියාවෙ ගෝත්‍රයක් බවට පත්වෙනවා කියනවා එක.



Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com


සබැඳි ලිපි :
හරින්ට වඩා රැඩිකල් නීල් වර්ණකුලසූරිය - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලංකාව ඉන්දියාවේ කොටසක් ද? :'හරින් ඇමතිකමෙන් නෙරපිය යුතුයි'

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...