The Leader News
BREAKING
Top Ad
Opinion

හරින් සහ විමල් - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

February 19, 2024 • 7:04 AM

හරින් සහ විමල් - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එය සැබැවින්ම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ස්වෛරීත්වය, ස්වාධීනත්වය සහ නිදහස උල්ලංඝනය කෙරෙන ප්‍රකාශයකි.
  • නමුත් හරින්ලාට ඔහොම පිනුම් ගහන්නට පිටිය සැකසුවේ විමල්ලා බවත් අප මතක් කළ යුතුය.
  • එදා විමල් තමයි හැට නව ලක්ෂයක් සිංහල බෞද්ධ ජනතාව තෝරා ගත් ආණ්ඩුව ඇතුළෙන් බින්ද මිනිහා.
  • මේ ගැන අගමැති දිනේෂ් ගුණවර්ධන වහාම සොයා බලා නිල ප්‍රකාශයක් කළ යුතුයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එය සැබැවින්ම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ස්වෛරීත්වය, ස්වාධීනත්වය සහ නිදහස උල්ලංඝනය කෙරෙන ප්‍රකාශයකි. හරින් යනු කිසිදු උසස් අධ්‍යාපනයක් නොලද කතෝලික පවුලක උපන් කිසිදු වැදගත් සේවයක් මෙරටට නොකළ නමුත් සිය පියාගේ සල්ලි බලයෙන් දේශපාලනයට පැමිණ දඟලන හිස් මිනිසෙකි. ලංකාවේ ඉතිහාසය තබා රාජ්‍ය පාලනයේ මූලික සිද්ධාන්තවත් හරියට නොදන්නා අහංකාර වාචාලයන්ට ඇමතිකම් දුන් විට වෙන්නේ මෙයයි.

 



එයට විරුද්ධව විමල් කතා කරනු දුටුවෙමි. එය හොඳය. නමුත් හරින්ලාට ඔහොම පිනුම් ගහන්නට පිටිය සැකසුවේ විමල්ලා බවත් අප මතක් කළ යුතුය. හරින් මෙන්ම විමල්ටත් නිසි අධ්‍යාපනයක් නැත. සාහසික ජවිපෙට එකතුව එදා රාජ්‍ය විරෝධී කැරලි ගසා පසුව පැත්ත මාරු කළ විමල් සහ හරින් අතර දේශපාලනික අවස්ථාවාදය අතින් වෙනසක් නැත. හරින් ද සාහසික අරගලකරුවන් සමග රජයට එරෙහිව කැරලි ගැසුවේය. හරින් සහ විමල් දෙන්නම මෙදා ගැහුවේ ගෝඨාභයටය. බැසිල් සමග තියෙන පුද්ගලික විරසකයට විමල් එදා මුළු රටකින් පලි ගත්තා. එදා විමල් තමයි හැට නව ලක්ෂයක් සිංහල බෞද්ධ ජනතාව තෝරා ගත් ආණ්ඩුව ඇතුළෙන් බින්ද මිනිහා. සතුරා පහර දෙන අමාරුම මොහොතේ කඳවුර පාවා දීලා පැන්න නිවටයා. කොන්ඩේ බැඳපු චීනගේ ලණු කාලා දැන් චූන්චෑන් වෙලා. ඒ නිසා විමල්ට ඔය ගැන කතා කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ.

 



නමුත් එහෙම හරි හරින්ගේ රාජ්‍ය විරෝධී කතාවට එරෙහිව විමල් කතා කරන එකට මා ගරු කරනවා. මොකද අඩුම තරමින් ඒ මතයේ හෝ ඔහු නොවෙනස්ව පෙනී සිටීම නිසා. ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරන එක වෙනම කාරණයක්. “ලංකාව ඉන්දියාවේ කොටසක්” කියා කීම ඇමතිකමෙන් නෙරපිය යුතු කාරණයක්. මේ ගැන අගමැති දිනේෂ් ගුණවර්ධන වහාම සොයා බලා නිල ප්‍රකාශයක් කළ යුතුයි. ඔය ඇමතිකම්වල පහස විඳ විඳම ඉන්නේ නැතුව කැබිනට් එකේ අනෙක් ඇමතිවරු මේ ගැන බරපතල ලෙස සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩල නිවේදනයක් වහාම නිකුත් කළ යුතුයි. විශේෂයෙන්ම පොහොට්ටුවේ මන්ත්‍රීවරු කියනවා නම් තමන්ට තවම තියෙන්නේ හැට නව ලක්ෂයේ ජනවරමය කියා, ඒ ජනවරම අනුව කතා කළ යුතුයි. ඒ ජනවරම දුන්නේ රටේ භෞමික අඛණ්ඩතාවයට. රනිල්ගෙන් නම් එවැන්නක් බලාපොරොත්තු වෙන්න බැහැ.

අනුර කුමාර නම් ඒ ගැන මුකුත් කියන එකක් නැහැ, මොකද ඉන්දියාවේ අමුල්කාරයාගේ බටර්වල රස තාම කටෙයි දිවෙයි තියෙන නිසා. අඩුම ගානේ අර රසායනික පොහොර කොම්පැනිවල මුදලාලිලාගේ කඩේ බඩු කිරන කරුනාරත්නටවත් කියලා මොකක් හරි ප්‍රකාශයක් කරන්න බලන්න, අනුර.

ඉන්දියාව උතුරේ කරන වැඩ ගැන ආණ්ඩුවෙන් ත්‍රස්ත විමර්ශනයක්

ඉන්දියාව කියන්නේ මිතුරෙක් වගේම සතුරෙක්. ඒ කාලේ ඉන්දියාවක් කියලා එකක් නොතිබ්බත් බුදුදහම රැගෙන මහා මහේන්ද්‍ර රහතන්වහන්සේත්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැගෙන සංඝමිත්තා රහත් තෙරණින්වහන්සේත් ලංකාවට වඩින්නේ ඔය දේශයෙන්. එහෙම හදපු බෞද්ධ සිංහල රාජ්‍යයට ආව තරමක් සතුරු ආක්‍රමණ ආවෙත් ඔය දේශයෙන්. අපි දෙගොල්ලෝ ඓතිහාසික ලේ නෑයන් බවත් ඇත්ත. නමුත් අපි දෙගොල්ලෝ එදා ඉඳලම වෙනම විකාශය වුණු ස්වාධීන රාජ්‍යයන්. ඉන්දියාවත් එක්ක වැඩ කරන්න ඕනා කල්පනාවෙන්.

හරින් වගේ ගංජා ගහලා වගේ පශ්චාත්භාග පුද කරලත් බැහැ. විමල් වගේ මෝඩ චණ්ඩි පාට් දාලත් බැහැ. අනුර වගේ අමුඩෙට උඩින් කලිසම් කෝට් ඇඳලා ටයි දාලත් බැහැ. ඒක කරන්න ඕනා මොළෙන්. උපක්‍රමිකව.

ගෝඨාභය දේශපාලනය නොකළේ ඇයි? - (එරන්ද ගිනිගේ)

 

ගෝඨාභය ගැන අපේ බොහෝ අය කලකිරෙන්න මුල්ම හේතුව හැටියට මා දකින්නේ නැගෙනහිර ජැටිය පිළිබඳ සිදුවීම. එයට සාධාරණ හේතු එතුමා එදත් පසුවත් ඉදිරිපත් කළත්, මා තවම කියන්නේ ඒ සියල්ලට ඉහළින් මේ රටේ ආත්මය අප ආරක්ෂා කළ යුතුය කියලයි. සිංගප්පූරුවට කියන්න පුළුවන් “ඒ ආයෝජන ආවාට ඒවා කවුරුවත් උස්සගෙන යන්නේ නැහැ” වගේ කතා. නමුත් සිංගප්පූරුවට ලංකාවට වගේ වසර 2,500 ක ඉතිහාසයක් නැහැ. සිංගප්පූරුවට ලංකාවට වගේ අනන්‍ය සංස්කෘතියක් නැහැ. ඒක නිකං ලෝකෙටම පිම්ප් වෙන රට-කෑල්ලක් විතරයි. ලංකාවේ වගේ ආත්මයක් එතන නැහැ. ඒ නිසා මොන සාධාරණ තර්කයත් යටයි ලංකාවේ අනන්‍යතාවයට.

හැබැයි ඒ වගේම අප මතක තබා ගත යුතුයි පැය කිහිපයක් විදුලිය නැති වුණු ගමන් ලංකාවේ අද ජීවත් වෙන ටික්ටොක් තරුණයන්ට ඒ ජාත්‍යාලය අමතක වෙන බවත්. රට ජාතිය ආගම උත්කර්ෂයට නංවලා උන් තාප්පවල චිත්‍ර ඇන්දට, ට්‍රිප් යන්න තෙල් නැති වුණු ගමන් රට ගිනි තියන ජාතියේ මුග්ධයන් බවත් අමතක නොකළ යුතුයි. ලංකාවේ දේශපාලනය කරන්න ඕනා ඔන්න ඔය විපරිත මැද්දේ. ඒක කරන්න හරින් වගේ නූගත් අබෞද්ධ ගොඩයන්ට නම් කොහෙත්ම බැහැ.

දිස් ඉස් පොලිටික්ස්.

eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 පෙබරවාරි 19


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...